ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සේවාවන් අතර එක් ප්‍රධාන ළමා සුරැකුම් අංශයක් ලෙස Family day care හැඳින්විය හැකිය.
ගෙවී යන සතිය ඔස්ට්‍රේලියාවේ ජාතික Family day care සතිය ලෙස හැඳින්වෙන අතර Family day care යනු කුමක්ද, අනෙකුත් ළමා සුරැකුම් සමග මෙය වෙනස් වන්නේ කෙසේද සහ මෙහි ඇති ප්‍රතිලාභ මොනවාද කියා මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Family day care යනු කුමක්ද?
Family day care පහසුකම සලසන්නේ අදාළ ළමයාගේ නිවසේ නොවන අතර Family day care පහසුකම සලසන අධ්‍යාපකයාගේ නිවසේදී වීම විශේෂත්වයකි.
මෙම සේවාව වයස මාස 6 සිට අවුරුදු 12 ළමුන් දක්වා ලබා ගත හැකිය.
ඔස්ට්‍රේලියාවේ සමස්ත පූර්ව ළමාවිය අධ්‍යපාන හා ළමා සුරැකුම් ක්ෂේත්‍රයෙන් 12% කට පමණ Family day care දායකත්වය සපයයි.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව පුරා දළ වශයෙන් 17,000 ක් පමණ අධ්‍යාපකයින් ළමුන් 125,000 කට අධික සංඛ්‍යාවකට Family day care පහසුකම් සලසයි.
Family day care කර්මාන්තය ඔස්ට්‍රේලියාවේ National Quality Framework ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ.

Family day care හි විශේෂත්වය
අනෙකුත් ළමා සුරැකුම් සේවා මෙන් නොව Family day care සතියේ දින 7 ම පැය 24 පුරාම ළමුන් බලා ගැනීමේ සේවය සලසයි.
විශේෂයෙන්ම on-call හෝ විවිධ සේවා මුර වලට අනුව සේවය කිරීමට සිදුව ඇති දෙමාපියන් හට සාමන්‍ය ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලින් ළමා සුරැකුම් සේවා ලබා ගැනීමට අදාළ වේලාවන් හේතුවෙන් අපහසු වේ.
නමුත් Family day care සතියේ දින මෙන්ම සති අන්තයේද රාත්‍රී කාලයේදී පවා ළමුන් හට එම සේවාව සපයයි.
එමෙන්ම ආබාධිත තත්ත්වයේ පසුවන හෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගැනීමේදී අදාළ දෙමාපියන්ට Family day care ඉතා හොඳ විකල්පයකි.
එමෙන්ම, අනෙක් ළමා සුරැකුම් සේවා සමග සසඳන කල Family day care ලබා ගැනීමේදී දෙමාපියන් හට සැලකිය යුතු ලෙස ඉතා අඩු පිරිවැයක් දැරීමට ලැබීමද තවත් මහගු වාසියකි.

Family day care හි පිරිවැය
Family day care හි ගාස්තු අදාළ අධ්‍යාපකයාගේ සුදුසුකම්, ස්ථානය, සුරැකුම් පැය ගණන සහ ළමයාගේ වයස අනුව තීරණය වේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් Family day care හි පැයක ගාස්තුව ඩොලර් 6 ත් ඩොලර් 10 ත් අතර වන බව වාර්තා වේ.
මේ අතර ඇතැම් අධ්‍යාපකයින් ළමුන් සඳහා ආහාර පාන, නැපී සහ ප්‍රවාහන පහසුකම් සපයන අතර ඒවා සඳහා අමතර ගාස්තු අය කර ගනු ඇත.

Family day care හි ඔබේ දරුවා කුමක් කරන්නේද?
මෙය ළමයාගේ වයස සහ අධ්‍යාපකයා මත තීරණය වන නමුත් පොදු වශයෙන් පහත ක්‍රියකාරකම් සමග ළමයා බද්ධ වේ.
- සෙල්ලම් බඩු සහ අනෙක් ළමුන් සමග සෙල්ලම් කිරීම.
- ප්‍රදේශයේ ඇති උද්‍යානය සහ ක්‍රීඩා පිටිය වෙත යාම.
- චිත්‍ර සහ අත්වැඩ ක්‍රියාකාරකම්.
- Playgroup සඳහා සහභාගී වීම.
- පුස්තකාලයට හෝ සාප්පු වෙත යාම.
- සංගීතයට සවන් දීම.
- ගීත ගායනය සහ කතන්දර කියවීම.
- ගෙදර වැඩ සම්පූර්ණ කිරීම.
මෙම ක්‍රියාකාරකම් අතරේ ළමුන් හට තම ආහාර වේල් ලබා ගැනීමටත් නින්දක් ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ.

Family day care එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- ඔබට මෙම සේවය අවශ්‍ය දින ගණන සහ වේලාවන්.
- ස්ථානය.
- ළමයාගේ ප්‍රවාහන පහසුකම්.
- ඔබට දැරීමට හැකි වියදම.
- ඔබේ දරුවාගේ අවශ්‍යතා මොනවාද යන්න.
- ඔබට දාරුවාට දායාද කිරීමට අවශ්‍ය ගුණ ධර්ම සහ දරුවා හදා ගැනීමේ ක්‍රමෝපායන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

