2019 වසරේ පැවැත්වෙන ලෝක එක්දින ක්‍රිකට් කුසලානය සඳහා දින නියම කිරීම සහ නිල තරග කාලසටහන එළි දැක්වීම පසුගිය සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරනු ලැබීය.
ඒ අනුව 2019 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය ලබන වසරේ මැයි 30 වනදා සිට ජූලි 14 වනදා දක්වා එංගලන්තයේ සහ වේල්සයේ දී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

තරග රටාව
ක්‍රිකට් කණ්ඩායම් 10 ක් තරග වදින මෙවර ලෝක කුසලානයේ තරග එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් ක්‍රීඩාංගන 11 කදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් 10 මුලික වටයේදී ලීග් ක්‍රමයට තරග වැදීමට නියමිත අතර ඉන් ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ඉන් අනතුරුව සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමිතය.
ඒ අනුව සෑම කණ්ඩායමක්ම මුලික වටයේදී අනෙක් කණ්ඩායම් 9 මුණ ගැසෙන අතර මුලික වටයේදී එක් කණ්ඩායමකට තරඟ 9ක් හිමි වේ.

ආකෘතිය වසර 27 ක් ආපස්සට
2019 ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන්නේ round-robin format හෙවත් සෑම කණ්ඩායමක්ම මුලික වටයේදී අනෙක් කණ්ඩායම් මුණ ගැසෙන ආකෘතිය යටතේය.
මෙම ක්‍රමයට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අවසන් වරට පැවැත්වුණේ 1992 වසරේදීය.
එම තරගාවලියේ සත්කාරකත්වය ඉසිලුයේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විය.
එහිදී එංගලන්තය සහ පාකිස්තානය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එංගලන්තය පරදා ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානය 1992 ලෝක ක්‍රිකට් කිරුළ හිමි කරගත්තේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තවමත් ආදරණීයම තරගාවලිය ලෙස 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පත්වී ඇත.
එහිදී කණ්ඩායම් 9 ක් සහභාගී වූ අතර සම්පූර්ණ තරග 39 ක් දින 33ක් පුරාවට පැවැත්විණි.
නමුත් 2019 දී කණ්ඩායම් 10 ක් සහභාගී වන අතර සම්පූර්ණ තරග 48 ක් දින 46ක් පුරාවට පැවැත්වේ.

තරග කාල සටහන
2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර මැයි 30 වන දින Oval ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය ලබන වසරේ ජුනි පළමුවෙනිදා නවසීලන්තය සමග වේල්සයේ කාර්ඩිෆ්හිදී පැවැත්වෙනු ඇත.
මැයි මස 30 වෙනිදා ආරම්භවන 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ජුලි මස 14වෙනිදා ලෝර්ඩ්ස් පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ තරග කාල සටහන
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ තරග 9 පහත පරිදි වේ.
- 2019 ජුනි 01 - නවසීලන්තය සමග කාඩිෆ් හිදී
- 2019 ජුනි 04 - ඇෆ්ගනිස්තානය සමග කාඩිෆ් හිදී
- 2019 ජුනි 07 - පාකිස්තානය සමග බ්‍රිස්ටල් හිදී
- 2019 ජුනි 11 - බංග්ලාදේශය සමග බ්‍රිස්ටල් හිදී
- 2019 ජුනි 15 - ඔස්ට්‍රේලියාව සමග ඕවල් හිදී
- 2019 ජුනි 21 - එංගලන්තය සමග ලීඩ්ස් හිදී
- 2019 ජුනි 28 - දකුණු අප්‍රිකාව සමග චෙස්ටර් ලි ස්ට්‍රීට් හිදී
- 2019 ජූලි 01 - බටහිර ඉන්දීය කොදෙව් සමග චෙස්ටර් ලි ස්ට්‍රීට් හිදී
- 2019 ජූලි 06 - ඉන්දියාව සමග ලීඩ්ස් හිදී

2019 ලෝක කුසලානයේ විශේෂ කරුණු
- 2019 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගන 11 නම් The Oval, Nottingham, Cardiff, Southampton, Manchester, Leeds, Lord's, Birmingham, Chester-le-Street, Bristol සහ Taunton වේ.
- සහභාගී වන කණ්ඩායම් 10 න් පළමු වටයේ තරග වලදී කණ්ඩායම් 3 ක් පමණක් කිසිදු දිවා රාත්‍රී තරගයකට සහභාගී නොවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එංගලන්තය එම කණ්ඩායම් ත්‍රිත්වය වේ.
- අවසන් පූර්ව තරග දෙක සහ අවසාන මහා තරගය දිවා තරග ලෙස පැවැත්වේ.
- තරගාවලියේ උණුසුම්ම සහ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර Manchester හිදී පැවැත්වෙන තරගය හැඳින්වේ.
ක්‍රිකට් ලෝක කුසාලනයේ හිමිකරුවන්
1975 - බටහිර ඉන්දීය කොදෙව්
1979 - බටහිර ඉන්දීය කොදෙව්
1983 - ඉන්දියාව
1987 - ඔස්ට්‍රේලියාව
1992 - පාකිස්තානය
1996 - ශ්‍රී ලංකාව
1999 - ඔස්ට්‍රේලියාව
2003 - ඔස්ට්‍රේලියාව
2007 - ඔස්ට්‍රේලියාව
2011 - ඉන්දියාව
2015 - ඔස්ට්‍රේලියාව
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

