SKIP TO MAIN CONTENT

මත් පැන් පානය කර රිය ධාවනය කළොත් වික්ටෝරියා ප්‍රාන්තයේදී ලැබෙන දඬුවම තවත් දැඩි වෙයි.

මෙම නව නීති ඊයේ (30/04) සිට ක්‍රියාත්මකයි.

Drink and Drive
Source: Pixabay

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මත්පැන් සහ මත්ද්‍රවය භාවිතා  කර රථවාහන පැදවීම සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙන නීති ඊයේ (30/04) සිට තවත් දැඩි කර තිබේ.

ඒ අනුව අදාල පරික්ෂාවේදී යම් රියදුරෙකුගේ රුධිරයේ අඩංගු මධ්‍යසාර ප්‍රමාණය 0.05 ඉක්මවා ගියහොත් ඔහුගේ හෝ අයගේ රියදුරු බලපත්‍රය අවම වශයෙන් මාස තුනකට අවලංගු වෙයි.

මේ අතර  අදාල පරික්ෂාවේදී යම් රියදුරෙකුගේ රුධිරයේ අඩංගු මධ්‍යසාර ප්‍රමාණය 0.05 සහ 0.07 අතර පවතින්නේ නම් අදාල රියැදුරන් පළමු වතාවට වරදකරුවන් බවට පත්වන අය  වුවත් ඔවුන්ගේ රියදුරු බලපත්‍ර නව නීති අනුව අවලංගු වන බව සදහන්.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා




තවද දෙවැනි වතාවට හෝ ඊට වැඩි වාර ගණනක් අදාල වරද සිදු කර නීතියේ රැහැනට හසුවන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර වසරකට අවලංගු වනු ඇති බව සදහන්.

එසේ වරදකරුවන් වූ රියදුරන් නැවත තම රියදුරු බලපත්‍රය ගෙන වාහනය මහා මගට යොමු කිරීමට පෙර විශේෂ චර්යාමය වැඩසටහනක් සම්පූර්ණ කළ යුතු බවද පැවසේ.

තවද වෙනත් මත්ද්‍රවය භාවිතා කර රිය පදවා වැරදි කරුවන් වන අයගේ රියැදුරු බලපත්‍ර පළමු වතාවට වුවද මාස 6කට අවලංගු වන බව vicroads ආයතනය නිවේදනය කර තිබේ.

රුධිරයේ අඩංගු මධ්‍යසාර ප්‍රමාණය 0.02 දී සාමන්‍යය රියදුරෙකුගේ රිය ධාවන හැකියාව ට හානි පැමිණවීම ආරම්භවන බව වික්ටෝරියා ප්‍රාන්තයේ ගමනාගමන අනතුරු කොමිසම පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්

93.1fm – Victoria

97.7fm –NSW

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now