SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය ගැන පිටවුණු අලුත්ම වාර්තාවේ තොරතුරු මෙන්න.

Australia’s rental properties.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු රජයෙන් ලබාදෙන සහන දීමනා ලබන පුද්ගලයින් හට එම දීමනා යටතේ කුලියට ගත හැකි නිවාස, වෙළදපොළ තුල ඇත්තේ සියයට 6ක් තරම් අඩු ප්‍රමාණයක් බව Anglicare සංවිධානය මගින් නිකුත් කල නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා


පසුගිය මාර්තු 24 දා  ඔස්ට්‍රේලියාව තුළ කුලී නිවාස 67,000කට ආසන්න සංඛ්‍යාවක් වෙළද පොලට නිකුත් වී තිබුනද, රජයේ සහන දීමනා යටතේ කුලියට ලබාගත හැකි නිවාස 3729ක් පමණක් ඒ අතර තිබු බව  Anglicare සංවිධානය මගින් නිකුත් කල මෙම වාර්තාවේ දැක්වේ.

තවද අදාල දිනයේ වෙළද පොලට නිකුත් වී තිබු කුලී නිවාස අතර, තනි පුද්ගලයෙකුට,  Newstart හෝ Youth Allowance දීමනා මගින් කුලියට ගත හැකි නිවාස කිසිවක් ඔස්ට්‍රේලියාවේ බොහෝ නගර වල දක්නට නොලැබුණු බව මෙම වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38


සිඩ්නි, කැන්බරා, මෙල්බන්, ඇඩිලේඩ්, ඩාවින් හෝ පර්ත් යන කිසිදු නගරයක Newstart හෝ Youth Allowance දීමනා මගින් කුලියට ගත හැකි නිවාස කිසිවක් නොතිබූ බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now