SKIP TO MAIN CONTENT

2018/19 මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අය-වැය මෙන්න. (SBS සිංහල/වාර්තා)

වැඩිහිටි සුරැකුම්, කෘෂිකර්ම, ඉදිකිරීම් සහ ඉංජිනේරු යන සංවර්ධනය වෙමින් පවතින කර්මාන්ත ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ TAFE පාඨ මාලාවන් 30 ක් සහ පූර්ව- අභ්‍යාසලාභි පාඨ මාලාවන් 18 ක් නොමිලයේ හැදෑරීමට මෙවර වික්ටෝරියා ප්‍රාන්තයේ අය-වැය මගින්ඉඩ සලසා තිබේ.

Victorian budget 2018/19 winners and losers.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2018/19 මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අය-වැය ඊයේ (01/05) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී වික්ටෝරියානු ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව සමස්ත අය වැයේ හිමිවීම් සහ අහිමිවීම් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා


හිමිවීම්

රජයේ පාසල්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ සහ සංවර්ධනය ඉලක්ක කරගනිමින් අලුතින් ප්‍රාථමික හා ද්විතීක පාසල්  28 ක් සැලසුම් කිරීමට සහ ඉදි කිරීමට ඩොලර් බිලියන 2.8 ක් වෙන් කිරීම.

මානසික සෞඛ්‍ය

මානසික සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වැළක්වීමේ සහය සේවා, ප්‍රාදේශීය පුනරුත්ථාපන පහසුකම් නගා සිටුවීමට මෙන්ම රෝහල් හයක නව හදිසි අර්බුද මධ්‍යස්ථාන ඉදි කිරීමට ඩොලර් මිලියන 705 ක් වෙන් කිරීම.

අභ්‍යාසලාභිත්වය

වැඩිහිටි සුරැකුම්, කෘෂිකර්ම, ඉදිකිරීම් සහ ඉංජිනේරු යන සංවර්ධනය වෙමින් පවතින කර්මාන්ත ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ TAFE පාඨ මාලාවන් 30 ක් සහ පූර්ව- අභ්‍යාසලාභි පාඨ මාලාවන් 18 ක් නොමිලයේ හැදෑරීමට ඉඩ සැලසීම.

අධිකරණ

වැඩිපුර නඩුකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් සමග නව ඇපදීමේ සහ බන්ධනාගාරගත කිරීමේ අධිකරණ පිහිටුවීම.

ප්‍රාදේශීය සංවර්ධනය

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල මාර්ග සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 941 ක් වෙන් කිරීම.

නව VicRoads ප්‍රාදේශීය අංශයක් Ballarat ප්‍රදේශයේ ස්ථාපිත කිරීම.

ප්‍රාදේශීය පාසල් යාවත් කාලීන කිරීමට ඩොලර් මිලියන 180 ක් වෙන් කිරීම.

ප්‍රාදේශීය සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට ඩොලර් මිලියන 50 ක් වෙන් කිරීම.

Victorian budget 2018/19 winners and losers.
Source: Flickr

අහිමිවීම්

නිවාස හා දේපළ

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට අදාළ නගර සභා ගාස්තු ඉහළ දැමීම.

පාරිසරික ක්‍රියා

දේශගුණික විපර්යාස වැලක්වීමට සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩසටහන් සඳහා සැලකිය යුතු කිසිදු මුදලක් වෙන් කර නොමැත.

රජයේ නිවාස

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ පුද්ගලයින් 40,000 ක් පමණ රජයේ නිවාස හිමිවන තුරු බලා සිටින බව සඳහන්.

නමුත් මෙවර අය වැයේදී රජයේ නිවාස සඳහා කිසිදු මුදලක් වෙන් කර නොමැති බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now