එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ගෝලීය මාර්ග ආරක්ෂණ සතිය මැයි 04 සිට 10 දක්වා ක්‍රියාත්මක වේ.
එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය පිළිබඳ ඔබ දැනගත යුතුම ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය
ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග වල සිදුවන අනතුරු හේතුවෙන් දැරීමට සිදුවන වාර්ෂික පිරිවැය අති විශාල බව ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම්, ප්‍රාදේශීය සංවර්ධන සහ නාගරික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සඳහන් කරන ආකාරයට ඒ සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 27 ක් පමණ දැරීමට සිදුවන බව ඇස්තමේන්තු ගත කර තිබේ.
1925 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු මහා මාර්ග වල හටගත් අනතුරු වලින් 190,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම්, ප්‍රාදේශීය සංවර්ධන සහ නාගරික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
කෙසේවෙතත්, මාර්ග ආරක්ෂණ නීති සහ දැනුවත් කිරීම් හේතුවෙන් පසුගිය දශක හතර තුළ මාර්ග අනතුරු හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව පහත බසින් තිබෙන බවද වාර්තා වේ.
එම ප්‍රමාණය 1970 දී 3,798 ක් ලෙස වාර්තා වූ අතර 2017 දී 1,227 ක් ලෙසට වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ මාර්ග ආරක්ෂණය පිළිබඳ ඔබ දැනගත යුතුම ප්‍රධාන කරුණු
රියදුරු බලපත්‍රය
ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කරනවා නම් අනිවාර්යෙන් ඔබ සතුව රියදුරු බලපත්‍රයක් තිබිය යුතු අතර එය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයකින් නිකුත් කරන ලද්දක් වීම අනිවාර්ය වේ.
නැතහොත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට තමන්ගේ මව් රටෙන් නිකුත් කළ ජාත්‍යන්තර රියදුරු ගමන් බලපත්‍රයකින් රිය ධාවනය කළ හැකි අතර ස්ථිර පදිංචිය ලබා පැමිණි උදවිය හට මව් රටේ රියදුරු බලපත්‍රය භාවිතා කළ හැක්කේ ප්‍රථම මාස 6 තුළ පමණි.

රිය ධාවනය කරන පැත්ත
ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කෙරෙනුයේ මාර්ගයේ වම් පසිනි.
එමෙන්ම පදිකයින් මාර්ගය හරහා ගමන් කළ යුත්තේ පදික මාරුවලින් පමණි. ඒ සඳහා වෙනමම සකස් කළ සුදු ඉරි මාර්ග වල සටහන් කර තිබේ.

ආසන පටි පැළඳීම
ඔස්ට්‍රේලියාවේ ධාවනය කෙරෙන සෑම රථයකම ගමන් ගන්නා රියදුරු ඇතුළු සියළු මගීන් ආසන පටි (seat belts) පැළඳීම අනිවාර්ය වන අතර වයස අවුරුදු 7 ට අඩු දරුවන් සඳහා ළමා ආසන රිය තුළ සවි කළ යුතු වේ.

වේග සීමාවන්
ඔස්ට්‍රේලියාවේ මාර්ග වල වේග සීමාවන්ට යටත්ව රිය පැදවීම අනිවාර්ය වන අතර වේග සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාළ රියදුරන් හට දඩ සහ දඬුවම් පැමිණවීමට පොලීසියට හැකියාව පවතී.
ඔස්ට්‍රේලියාවේ සෑම මාර්ගයකම පාහේ එම මාර්ගයට අදාළ උපරිම වේග සීමාව සටහන් කර ඇති අතර රිය ධාවනයේදී එම සීමාව නොඉක්මවා යාමට ඔබ වග බලාගත යුතුය.
සාමන්‍යයෙන් මාර්ග වල වේග සීමාවන් පැයට කිලෝ මීටර් 40 ත් 110 ත් අතර සටහන් වන නමුත් ඇතැම් මාර්ග වල වේග සීමාවන් සටහන් නොවන අවස්ථාද තිබේ.
නමුත් එම මාර්ගවල වේග සීමාවන් බොහෝ විට පැයට කිලෝ මීටර් 40 හෝ 50 ලෙස බලපැවැත්වේ.
එමෙන්ම පාසල් පිහිටි සීමාවන් තුළදී ඊට අදාළ වේග සීමාවන්ට අනුව රිය පැදවීම අනිවාර්ය කටයුත්තකි.

මත්පැන් පානය කර රිය පැදවීම
මත් පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ රිය පැදවීම ඔස්ට්‍රේලියානු නීතියෙන් තහනම් වන අතර රුධිරයේ ඇල්කොහොල් මට්ටම 0.05 හෝ ඊට වඩා වැඩිනම් ඔබට කොහෙත්ම ඔස්ට්‍රේලියාව තුළ රිය ධාවනය කිරීමට නොහැකි වේ.
එසේ ධාවනය කර පොලීසියට හසුවුවහොත් ඔබට අධික දඩ මුදලක් ගෙවීමට සිදුවන අතරම ඔබේ රියදුරු බලපත්‍රයද අවලංගු කිරීමට පොලීසියට බලතල පවතී.
එමෙන්ම රිය ධාවනයේදී Learners සහ probationary රියදුරු බලපත්‍ර හිමි උදවියගේ රුධිරගත ඇල්කොහොල් මට්ටම 0.00 විය යුතු වේ.

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම රිය ධාවනය කරන විට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වේ.
රිය ධාවනයේදී ඔබ hand-held ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමතුම් ලබා ගැනීම, කෙටි පණිවිඩ යැවීම, වීඩියෝ ක්‍රීඩා කිරීම, ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම හෝ ඔබෙහි අතෙහි ජංගම දුරකථනය තිබීම හෝ එය ඇල්ලීම තහනම් වන අතර එසේ කළහොත් දඩ පැනවීමට පොලීසියට හැකියාවක් පවතී.
මාර්ග සංඥා එළි වලදී රථය නවත්වා ඇති විටෙක පවා ඔබට hand-held ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් වේ.
ඒ සඳහා ඔබට රථය සම්පූර්ණයෙන් නවතා එන්ජිමද ක්‍රියා විරහිත කළ යුතු වේ.

සුරතල් සතුන් උකුලෙහි තබාගෙන රිය පැදවීම
සුරතල් සතුන් තම උකුලෙහි තබා ගනිමින් රිය පැදවීමද ඔස්ට්‍රේලියාවේ තහනම් වන අතර ඒ සඳහා එවෙලෙහිම දඩ මුදල් පැනවීමට පොලීසියට හැකියාව පවතී.
මෙම වරදට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩොලර් 397 ක දඩයක් පනවන අතර රියදුරු බලපත්‍රයේ ලකුණු 3ක් අඩු කෙරේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ නම් ඩොලර් 211 ක දඩයක් පමණක් ගෙවීමට සිදු වේ.
Image
ඔස්ට්‍රේලියාවේ මාර්ග වල ගිමන් හරින ස්ථාන
ඔස්ට්‍රේලියාව තුළ ඔබ ඉතා දුර රිය ධාවනය කරන විට ඔබෙගේ ගමන් අතරතුර වාර කිහිපයකදී කෙටි විවේක ගැනීම නිර්දේශ කර තිබේ.
ඒ සඳහා පැයට කිලෝ මීටර් 80 - 110 අතර දිවෙන බොහෝ මාර්ග දෙපස ගිමන් හැරීමටම වෙන්කළ ස්ථාන තිබේ.

මාර්ග වලට වන සතුන් පැමිණීම
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වල පිහිටි මාර්ග වල රිය ධාවනය කරන විට අදාළ මාර්ග වලට කැන්ගරුවන්, එමු, වොම්බැට් සහ කෝලා වළසුන් පැමිණීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඔබේ වේගය පාලනය කරමින් ඉතා පරිස්සමින් රිය ධාවනය කළ යුතු වේ.
එමෙන්ම සතුන් ඇති කරනු ලබන ප්‍රදේශ වලදී ඇතැම් විට බැටළු, එළු හෝ හරක් රංචු මාර්ගය හරහා ගමන් කිරීමට ද ඉඩ තිබේ.
මෙවැනි බොහෝ ප්‍රදේශ වල ඊට අදාළ මාර්ග සංඥා පුවරු සවි කර ඇත.

වාහන නවතා තැබීම
ඔස්ට්‍රේලියාවේ මාර්ග දෙපස හෝ රථ ගාල් වල වාහන නවතා තැබීමේදී ඊට අදාළ සංඥා පිළිපැදිය යුතු අතර ඒවා උල්ලංඝනය කරන විට ඔබට ඊට අදාළ වූ දඩ පැනවීමට බලධාරීන්ට හැකිය.
වාහන නවතා තැබීම තහනම් ස්ථාන වල ඔබ වාහනය නවතා තබා පිටව ගිය කල ඇතැම් විට ඔබේ වාහනය එම ස්ථානයෙන් ඇදගෙන ගොස් ඉවත් කෙරෙන අතර පසුව ඊට අදාළ දඩ මුදලද ඇදගෙන ගිය ගාස්තුවද ගෙවා ඔබට ඔබගේ වාහනය රැගෙන යාමට සිදු වේ.

යතුරු පැදි ධාවනය
ඔස්ට්‍රේලියාව තුළ යතුරු පැදි ධාවනයේදී ආරක්‍ෂිත හෙල්මට් එකක් පැළඳීම අනිවාර්ය වේ.
ඊට අමතරව සියලුම මාර්ග සංඥා වලට අනුකූලව යතුරු පැදිය ධාවනය කළ යුතු වේ.

පාපැදි ධාවනය
ඔස්ට්‍රේලියාව තුළ ඔබ පාපැදියක් පදවන විට පවා ආරක්‍ෂිත හෙල්මට් එකක් පැළඳීම අනිවාර්ය වේ.
එමෙන්ම බොහෝ මාර්ග වල පාපැදි සඳහා මාර්ගයේ වෙනමම තීරුවක් ඇති අතර එවිට පාපැදි කරුවන් එම තීරුවෙහි ගමන් කළ යුතු වේ.
එසේ නොමැති විට මාර්ගයේ පසෙකින් ගමන් කළ යුතු වන තර සෑම විටම පාපැදියේ පසුපස රතු බල්බයකුත් ඉදිරිපස සුදු බල්බයකුත් දල්වමින් ගමන් කළ යුතු වේ.

හදිසි අවස්ථාවකදී කුමක් කළ යුතුද?
ඔස්ට්‍රේලියාවේ මාර්ගයකදී ඔබට කුමන හෝ හදිසි අවස්ථාවකට හෝ අනතුරකට හෝ මුහුණ දීමට සිදුවුණි නම් හැකි ඉක්මණින් "000" අමතන්න.
ඒ හරහා ඔබට පොලීසියට, ගිලන් රථ සේවාවන්ට හෝ ගිනි නිවන සේවාවන්ට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

