බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි Meghan Markle අතර සිදු කෙරෙන රාජකීය විවාහ මංගල්‍යය එළඹෙන මැයි 19 වන දින එක්සත් රාජධානියේ Windsor බලකොටුවේ පිහිටි ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේදී සිදු කිරීමට නියමිතය.
මේ වන විට ලොව පුරාම ප්‍රධාන සිරස්තලයක් බවට පත්වී ඇති මෙම විවාහය ගෙවී යන දශකයේ ආන්දෝල්නාත්මකම විවාහ මංගල්‍යය ලෙසද බොහෝ දෙනා හඳුන්වයි.
නිළියක් බ්‍රිතාන්‍යය රජ පවුලට සමබන්ධ වන ප්‍රථම අවස්ථාව මෙය වීමද එම පුවත් තීව්‍ර කිරීමට රුකුල් දී තිබේ.
කෙසේවෙතත්, ඇමෙරිකානු නිළි Meghan Markle, හැරී කුමරු සමග විවාහ වීමෙන් අනතුරුව ඇයද බ්‍රිතාන්‍යය රජ පවුලේ සාමාජිකාවක් වන අතර ඉන් අනතුරුව ඇගේ ජීවිතය සහමුලින්ම කණපිට පෙරළෙනු ඇත.
ඒ අනුව ඇය මෙතෙක් කලක් ගෙවා දැමූ ඇගේ සාමන්‍ය ජීවන රටාවට සමුදීමට ඇයට සිදුවන අතර රාජකීය කාන්තවක් ලෙස ඇගේ ජීවිතයට නව නීති රීති ගොන්නක් ඇතුල් වනු ඇත.
එම නීති රීති ගොන්නෙන් ප්‍රධාන තැනක් ගන්නා නීති කිහිපයක් මෙම ලිපියෙන් දැක්වෙයි.

01. බෙල්ල සහ කකුල් වැසෙන පරිදි ඇඳීම.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇඳුම් ආයිත්තම් පැළඳීම සම්බන්ධ ඉතා දැඩි නීති රීති පවතින අතර ඉන් බොහොමයක් ගතානුගතික සම්ප්‍රදායන් අනුගමනය කරන බව ABC පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව බෙල්ල බොහෝ සේ නිරාවරණය ලෙස ඇඳුම් ඇඳීම මෙන්ම කකුල් බොහෝ සේ නිරාවරණය ලෙස කොටට ඇඳීමට මෙම විවාහයෙන් අනතුරුව Meghan Markle හට අවස්ථාව අහිමි වෙයි.

එමෙන්ම ඇය පිටතට යන සෑම අවස්ථාවකදීම stockings (දිගු මේස්) පැළඳිය යුතු වේ.
තම බලු සුරතලුන් සමග එළිමහනේ ඇවිදින විට හැරුණුකොට සැහැල්ලු ඇඳුම් ඇඳීමට ඇති දිනවල පමණක් Meghan Markle හට ඩෙනිම් කලිසම් ඇඳීමට අවසර ලැබේ.

02. සමාජ ජාල තහනම්
වත්මනයේදී සමාජ ජාල යනු රංගන ශිල්පිනියකට තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට සහ රසික සමූහයා නොකඩවා තමන් වටා පවත්වාගැනීමට අත්‍යවශ්‍ය මෙවලමකි.
Meghan Markle ද සාමාජ ජාල වල ඉතා ප්‍රසිද්ධියට පත් චරිතයක් වූ නමුත් රාජකීය පවුලට එකතුවීමෙන් අනතුරුව ඇයට කිසිදු සමාජ ජාලයකට තම නමින් සම්බන්ධ වීමට අවස්ථාව අහිමි වේ.
BBC පුවත් සේවයට අනුව 2017 වසරේදී Meghan හට තම Instagram ගිණුමේ මිලියන 2 ක පමණ පිරිවර (followers) සිටි බවත් Facebook සහ Twitter ගිණුම් වල ලක්ෂ ගණනක රසිකයින් සිටි බවත් සඳහන්.
නමුත් පසුගිය ජනවාරි මස සිට ඇය තම සියලු සාමාජ ජාල ගිණුම් වසා දැමූ බව එංගලන්තයේ Kensington මාළිගාව වාර්තා කර තිබුණි.
ඒ අනුව එළඹෙන මැයි 19 වන දිනෙන් අනතුරුව Meghan හට රජ පවුලේ අනෙකුත් ආදිපාදිවරියන් මෙන් @KensingtonRoyal යන නම යටතේ සාමාජ ජාල වෙත පිවිසීමට අවස්ථාව හිමි වේ.

03. සෙල්ෆි සහ සමරු අත්සන් තහනම්.
රජ පවුලට සම්බන්ධ වුවන් හට සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා පළ කිරීම තහනම් වන අතර සමරු අත්සන් ලබා දීමද තහනම් කර තිබේ.
මෙනිසා සෙල්ෆි ඡායාරූප වලට දැඩි ඇල්මක් දක්වන Meghan Markle හට මෙම නීති වලටද යටත් වීමට සිදුවනු ඇත.

04. දේශපාලනය තහනම්.
දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධව බ්‍රිතාන්‍ය රාජකීය පවුලට දැඩි නීති පවතී.
බකිංග්හැම් මාළිගාවේ නිල වෙබ් අඩවියට අනුව දේශපාලන කාරණා වලදී බ්‍රිතාන්‍යය මහ රැජිණ මෙන්ම රජ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද මධ්‍යස්ථව සිටිය යුතු වේ.
දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස ප්‍රසිද්ධව ඇති Meghan Markle හට එළඹෙන මැයි 19 වන දින සිදු කෙරෙන රාජකීය විවාහ මංගල්‍යයෙන් අනතුරුව මෙම නීතියටද යටත් වීමට සිදු වේ.

05. රඟපෑම් තව දුරටත් බැහැ.
බ්‍රිතාන්‍ය රජ පවුලට සමබන්ධ වීමෙන් අනතුරුව Meghan Markle හට තවදුරටත් රඟපෑම් වලට සමබන්ධ වීමට ඉඩක් නොලැබෙන බවද වාර්තා වේ.

06. අමතර ව්‍යාපෘති තහනම්
සමාජ ජාල ගිණුම් තහනම් කිරීම මෙන්ම රජ පවුලට සමබන්ධ වූ පසු Meghan හට අමතර ව්‍යාපෘති කිරීමද තහනම් කෙරේ.
මේ අනුව ඇය විසින් පවත්වාගෙන යනු ලබන The Tig නමැති blog පිටුවද නවතා දැමීමට ඇයට සිදුවනු ඇත.
මීට අමතරව ඇය උසුලමින් සිටි එක්සත් ජාතීන්ගේ කාන්තා උපදේශන තනතුර මෙන්ම කැනඩාවේ World Vision සංවිධානයේ ගෝලීය තානාපති තනතුරද රාජකීය විවාහයට පෙරාතුව ඇය අතහැර ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වන The Evening Standard වාර්තා කරයි.

07. කළු පැහැති ඇඳුම් කට්ටලයක් යන සෑම ස්ථානයකම රැගෙන යා යුතුයි.
බ්‍රිතාන්‍යයේ හෝ රජ පවුලට සමබන්ධ හෝ ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයෙකුගේ අභාවයකදී රජ පවුලේ සියලුම සාමාජිකයින් කළු පැහැති ඇඳුම් වලින් සැරසීම රාජකීය සිරිතක් වන බැවින් එළඹෙන මැයි 19 වන දිනට පසුව Meghan ගමන් කරන සෑම චාරිකාවකදීම ඇයට සරිලන කළු පැහැති ඇඳුම් කට්ටලයක් ඇය විසින් ගෙන යා යුතුය.

08. නිල ජනතා හමුවලදී ආදරණීය බැඳීම් තහනම්.
රාජකීය පවුලේ සාමාජිකාවක් ලෙස ජනතාව හමුවට යන නිල උත්සව වලදී තම ස්වාමියා සමග අත් අල්වාගෙන සිටීම, සිපගැනීම් වැනි ආදරණීය බැඳීම් පෙන්වීම බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් තහනම් කර ඇති බවත් මෙම නීති හැරී කුමරු විවාහ කරගැනීමට යන Meghan Markle හටද එකසේ බලපාන බවත් HELLO සඟරාවේ රාජකීය වාර්තාකාරිනී Emily Nash පවසයි.

09. කබලු මත්ස්‍යයින් හෙවත් shellfish ආහාරය තහනම්.
රාජකීය කෑම වේල් වල ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන්, බෙල්ලන් වැනි කබලු මත්ස්‍යයින් හෙවත් shellfish ආහාර රැජිණ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීය සාමාජිකයින් විසින් බැහැර කර ඇත.
කබලු මත්ස්‍යයින් හෙවත් shellfish හරහා ඉක්මණින් ආහාර විසවීම් සිදුවීමට ඉඩ ඇති බැවින් මේ තීරණය ගෙන තිබේ.
එමෙන්ම, කලාතුරකින් ආහාරයට ගත හැකි මස් වර්ග බැහැර කිරීම, විදේශ රටවල දී සැර ආහාර ලබා ගැනීම සහ නල ජලය පානය කිරීම බැහැර කිරීමද රාජකීය පවුලේ උදවිය සිදු කරයි.
මෙම නීති Meghan හටද බලපායි.

10. සැමවිටම ජ්‍යෙෂ්ඨත්වයට පසුපසින් ගමන් කළ යුතු වේ.
නිල උත්සව වලදී රාජකීය පවුලේ සාමාජිකයින් සැමවිටම ජ්‍යෙෂ්ඨත්වයට පසුපසින් එනම් ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙලින් ගමන් කළ යුතු වේ.
එනිසාම පළමුව ගමන් කරනුයේ දෙවැනි එළිසබත් රැජිණ සහ ඇයගේ ස්වාමියා වන Edinburgh ආදිපාදිවරයා වන පිලිප් කුමරු වන අතර ඔවුන්ට පසුපසින් චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය වන කැමිලා ද ඊට පිටුපසින් විලියම් කුමරු සහ කේට් කුමරියද ඊටත් පිටුපසින් හැරී කුමරු සහ Meghan ද ගමන් කළ යුතු වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

