ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකික දමිළ පවුල රැඳවුම් භාරයෙන් නිදහස් වන ලකුණු (SBS සිංහල/ වාර්තා)

Tharunicaa ගේ පියා වන Nades ව සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය වන Kopika ව Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර පර්ත් නුවරට යැවීම සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවසරය තවමත් ලැබී නොමැත.

The Biloela family marking Nades's birthday on Christmas Island in December 2019.

The Biloela family marking Nades's birthday on Christmas Island in December 2019. Source: Supplied

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික දමිළ පවුල යළි එක් කිරීම පිළිබඳ තීරණයක් ඉදිරි පැය 24 තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එම පවුලේ බාල දියණිය වන සිව් හැවිරිදි Tharunicaa Murugappan බරපතල රුධිර ආසාදනයක් හේතුවෙන් පර්ත් ළමා රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.


Highlights

  • මෙම ශ්‍රී ලාංකික දමිළ පවුලේ අනාගතය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke විසින් ඉදිරි පැය 24 තුළ නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව SBS පුවත් සේවයට වාර්තා වේ.
  • ඒ අනුව මේ වන විට Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය හට දින කිහිපයක් ඇතුළත පර්ත් නුවරට ගමන් කිරීමට කටයුතු සලසා දෙනු ඇත.
  • නමුත් මෙම දමිළ පවුල සරණාගත රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන දිගු කාලීන විධිවිධාන කුමක්ද යන්න පිළිබඳ තවම පැහැදිලි නැත.

Tharunicaa ගේ මෙම රෝගී තත්ත්වය නිසා ඇය සහ ඇගේ මව වන ප්‍රියා පසුගිය සතියේ ඔවුන් රඳවා සිටි Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පර්ත් රෝහල වෙත ගෙන යන ලදී.

ඒ අනුව Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට Christmas  දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටී.

Tharunicaa and Kopika Murugappan
Tharunicaa and Kopika Murugappan Source: SBS News

ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් නිවේදනයක්

මෙම ශ්‍රී ලාංකික දමිළ පවුලේ අනාගතය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke විසින් ඉදිරි පැය 24 තුළ නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව SBS පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ව රැඳවුම් භාරයෙන් නිදහස් කිරීමට ඉඩ ඇති බැවින් Tharunicaa Murugappan ගේ ප්‍රතිකාර කාලය තුළ ඔවුන් සියල්ලන්ටම පර්ත්හි එකට සිටිය හැකි වනු ඇත.

මේ වන විට Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය හට දින කිහිපයක් ඇතුළත පර්ත් නුවරට ගමන් කිරීමට කටයුතු සලසා දෙනු ඇත.

නමුත් මෙම දමිළ පවුල සරණාගත රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන දිගු කාලීන විධිවිධාන කුමක්ද යන්න පිළිබඳ තවම පැහැදිලි නැත.

Immigration Minister Alex Hawke
Immigration Minister Alex Hawke. Source: AAP Image/Lukas Coch

දමිළ පවුල නිදහස් කරන ලෙසට රජයට දැඩි පීඩනයක්

මෙම ශ්‍රී ලාංකික දමිළ පවුල නිදහස් කරන මෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එල්ල වන පීඩාව මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් තිබේ.

විශේෂයෙන් මෙම පවුල සරණාගත රැඳවුම් බාරයෙන් නිදහස් කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු වාචිකවම ඉල්ලා සිටිති.

එමෙන්ම Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරියව පර්ත් වෙත ගෙන එන ලෙස බටහිර ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

Tharunicaa ගේ පියා සහ ඇයගේ වැඩිමහල් සහෝදරියව, පර්ත් වෙත ගෙන යාමට කටයුතු සිදුවෙමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ වැඩබලන අග්‍රාමාත්‍ය Michael McCormack පැවසීය.

කොරෝනා තත්ත්වය මධ්‍යයේ මෙම සංචරණය කිරීම අභියෝගයක් වන නමුත් ඒ සඳහා වැඩ කටයුතු කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තවමත් අවසර ලැබී නැහැ

Tharunicaa ගේ පියා වන Nades ව සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය වන Kopika ව Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර පර්ත් නුවරට යැවීම සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවසරය තවමත් ලැබී නොමැත.

මෙම පවුලේ දියණියන් දෙදෙනා පිළිබඳ නැෂනල්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce අද දිනයේ චැනල් 7 පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.

"ඔස්ට්‍රේලියාවේ උපන් මෙම දියණියන් දෙදෙනාගේ නම් Jane සහ Sally වූවානම් ඔවුන්ට මීට වඩා වෙනස්ම ආකාරයකින් සලකාවි." යනුවෙන් ඔහු එහිදී පවසා ඇත.

"මේ අය මෙහි සිටිය යුතුයි. මම දන්නවා මගේ පක්ෂයේ අනිත් අය මේ ප්‍රකාශය සමග එකඟ නොවන බව, නමුත් මගේ මතයේ මම දිගටම ඉන්නවා." යනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce ප්‍රකාශ කර සිටියේය.

නමුත් වත්මන් පාලක රජයේ සිටින ලිබරල් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන් මතයට එකඟ නොවේ.

"කිසිම කෙනෙකු මේ රටේ නීතියට පිටින් නොයා යුතුයි. මෙම පවුල සම්බන්ධව නීතිමය ක්‍රියාවලියක් තවමත් පවතිනවා. මම හිතන්නේ ඉදිරි දින කිහිපය තුළ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කුමක් කළ හැකිද  යන්න පිළිබඳ ප්‍රකාශ කරනු ඇති. එය අනුකම්පාව මත පමණක් නොව සාධාරණත්වය මත සිදුවේවි." යනුවෙන් ලිබරල් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය David Littleproud, ABC පුවත් සේවයට ඊයේ (13/06) පැවසීය.

Defence Minister Peter Dutton at Parliament House in Canberra.
Defence Minister Peter Dutton at Parliament House in Canberra. Source: AAP

සරණාගත ශ්‍රී ලාංකික දමිළ පවුල

මෙම දමිළ පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.

Nades Murugappan ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ වූ අයෙකු බවට SBS පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.

ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharunicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.

හදිසි නඩු විභාගයකින් මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අවහිර කිරීමෙන් අනතුරුව මොවුන් 2019 අගෝස්තු මාසයේ සිට Christmas දූපතේ රඳවා ඇත.

ආරක්‍ෂක වීසා බලපත්‍රයක් සඳහා වන Tharunicaa ගේ අයදුම්පත සලකා බැලීමේදී සාධාරණත්වයක් ලබා නොදුන් බවට කලින් දුන් තීන්දුවක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී තහවුරු කළේය.

නමුත් ආරක්ෂක වීසා බලපත්‍රයක් සඳහා වන නිර්ණායකයන් මෙම පවුල විසින් සපුරා නොමැති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නැවත නැවතත් පවසා තිබේ.

මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්‍රමයක්ම භාවිතා කළ බවට අමාත්‍ය Peter Dutton පසුගිය වසරේදී චෝදනා කර තිබුණි.

මීට පෙර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ Peter Dutton පසුගියදා සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් විය.


5 min read

Published

Updated

By Madhura Seneviratne, Maani Truu, Anna Henderson




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now