Highlights
- ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්‍ෂාව
- ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය
- චීනය සම්බන්ධයෙන් වූ විවාදය
- ඕස්ට්‍රේලියානු ආර්ථිකය
මැතිවරණ පළමු මුහුණට මුහුණ විවාදයේදී ඕස්ට්‍රේලියානු දේශසීමා ප්‍රතිපත්ති, ඕස්ට්‍රේලියානු ආර්ථිකය, දූෂණ විරෝධී කොමිසමක් පිළිබඳව, විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සාකච්චා සිදු වූ අතර තීරණ නොගත් ඡන්දදායකයින් මෙම අවස්ථාවේදී ඔවුන් හට ප්‍රශ්න යොමු කිරීම සිදු විය.
මෙම විවාදය Sky News සහ Courier Mail සංවිධානය කොට තිබිණ.

මෙම විවාදය අතරතුරදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison, ආර්ථික කළමනාකරුවන් ලෙස තම රජයේ අක්තපත්‍ර කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙසත් ආපසු හැරීමට කාලය දැන් නොවේ ලෙසත් එම ස්ථානයේ සිටි පිරිසට සඳහන් කළේය.
එමෙන්ම එළඹෙන 21 වැනිදා තීරණය වඩා ශක්තිමත් අනාගතයක් සහ අවිනිශ්චිත අනාගතයක් අතර සිදු වන්නක් වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම විවාදය සඳහා පැමිණ සිටි ජනතාවට ලේබර් පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ වඩා හොඳ අනාගතයක්" ලබා දීමට සහ දේශපාලනයේ අඛණ්ඩතාව වැඩිදියුණු කිරීමට කම්කරු පක්ෂය කෙරෙහි විශ්වාසය තබන ලෙසයි.
එමෙන්ම වත්මන් රජය සිදු කල අතපසුවීම් වලින් කිසිවක් ඉගෙනගෙන නැති අතර ඔවුන් යලි යලිත් එවැනි වැරදි සිදු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
නිල වශයෙන් ඕස්ට්‍රේලියාව පුරා මැතිවරණ කොට්ඨාශවල ප්‍රචාරක ව්‍යාපාර සතියකට වැඩි කාලයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම පළමු විවාදය සිදු වූ අතර එහිදී ඡන්දදායකයින් හට ඔවුන්ගෙන් සෘජු ලෙසම ප්‍රශ්න කිරීමට අවස්ථාව උදාවිය. එමෙන්ම මේ ඔස්සේ ගැටලුකාරී තත්වයකදී නායකයින් එම තත්වය හසුරුවන ආකාරය සම්බන්ධයෙන්ද ඡන්දදායකයින් අවබෝධයක් ලැබේ.
මෙම විවාදයෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගෙන් කල විමසුමකදී එමගින් 40%ක් සඳහන් කොට සිටියේ ලේබර් පක්ෂ නායක Anthony Albanese හට තම කැමැත්ත පවතින බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය Scott Morrison හට 35%ක් කැමැත්ත පලකල අතර 25%ක් තීරණය කොට නොමැති බව සඳහන් කොට තිබේ.
මෙම විවාදය අතරතුරදී නායකයින් දෙදෙනාගෙන්ම කලබලකාරී සහ අවේගාත්මක තත්වයක් නොපෙනුන නමුත් එකිනෙකාගේ ප්‍රතිපත්තිමය ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් මතගැටුම් පැන නැගින.
ජාතික ඒකාග්‍රතා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ Scott Morrison ගේ සහ Anthony Albaneseගේ ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නය මෙම මතගැටුම් පෙන්නුම් කළ ඒවා අතර ප්‍රධාන විය.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු රජය තුල අඛණ්ඩතාව සහතික කිරීම මෙමගින් අපේක්ෂාව වන බවයි.
කෙසේ නමුත් ඔවුන්ගේ බලයේ අවසාන ධූර කාලය තුළ මෙම ආකෘතිය ලබා දෙන බවට පොරොන්දු වුවත්, ලේබර් පක්ෂයේ සහය නොලැබීම මත සභාගය කොමිසම සඳහා ඔවුන්ගේ නීති සම්පාදනය කොට නොමැත.
දේශපාලඥයින් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සාක්ෂි විමසීම් නොපැවැත්වීම හෝ මහජනතාවගෙන් නිර්නාමික ඉඟි වලින් විමසීම් දියත් කිරීමට නොහැකි වීම මත, මෙම සැලසුමට හිටපු විනිසුරුවරුන්ගෙන් සහ නඩු පවරන්නන්ගෙන් විවේචන එල්ලාව තිබේ.
මේ සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ දේශපාලන ක්‍රමය කෙරෙහි විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා "මහජන සාක්ෂි විමසීමේ බලය සහිත ෆෙඩරල් දූෂණ විරෝධී කොමිසමක්" අවශ්‍ය බවයි.
ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්‍ෂාව
පුද්ගල ජාවාරම්කරුවන් යලි කරලියට පැමිණීම වැළක්විය හැක්කේ තම පාලනයට පමණක් වන බව සිය දේශසීමා ප්‍රතිපත්ති පෙන්වමින් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
තමන් ආගමන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල කාලය සඳහන් කරමින් ඔහු අවධාරණය කොට සිටියේ, තමන් මින් පෙරත් දේශසීමා ආරක්ෂා කිරීම සිදු කල අතර එය මින් ඉදිරියටත් සිදු කරන බවයි.
මේ අතර ලේබර් පක්ෂ නායක Anthony Albanese පෙන්වා දුන්නේ තම පක්ෂය දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අඛණ්ඩව සහාය දෙන බවයි.
ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය
ජාතික ආබාධිත යෝජනා ක්‍රමයේ අනාගතය පිළිබඳව ද නායකයන් දෙදෙනාටම මෙහිදී ප්‍රශ්න එල්ල විය.මෙම විවාදය අතරතුරදී එම ස්ථානයේ සිටි කාන්තාවක් සඳහන් කොට සිටියේ තම සිව් හැවිරිදි දරුවට ලැබෙන රක්ෂණයේ කප්පාදු සිදුව ඇති බවයි.
මේ සඳහා පිළිතුරු ලබාදෙමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ වසරකට ඩොලර් බිලියන 60 ක් මේ සඳහා රජයෙන් වැය කරන අතර සෑම පුද්ගලයකුගේම අබාධිත තත්වයන් වෙනස් වන බැවින් එය කළමනාකරණය කිරීම දුෂ්කර බවයි.
මේ සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ NDIS ලබාදීමට තමන් කැපවී සිටින අතර මින් පෙර හිටපු ලේබර් අග්‍රාමාත්‍ය Julia Gillard යටතේ වූ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි.
මෙම විවාදය අතරතුරදී එක් අවස්ථාවක Anthony Albanese හට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කොට සිටියේ විශිෂ්ට ප්‍රතිසංස්කරණ ඔවුන් ගෙන ආවද, ඒවා ක්‍රියාත්මක කල යුත්තේ සභාගය වන බවයි.
චීනය සම්බන්ධයෙන් වූ විවාදය
සොලමන් දූපත් සම්බන්ධයෙන් චීනය සමඟ ඇති කර ගත් ආරක්ෂක ගිවිසුමෙන් පසුව විදේශ ප්‍රතිපත්තිය ද විවාදයේ ප්‍රධාන අවධානයට ලක් විය.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සතියේ මෙය විදේශ ප්‍රතිපත්ති අසාර්ථක වීමක් ලෙසට ලේබර් පක්ෂය සඳහන් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.
Anthony Albanese සඳහන් කොට සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ජාතික ආරක්‍ෂක ප්‍රශ්නයක් දේශපාලනීකරණය කිරීමක් වන බවයි.
මේ වනවිට චීනය වෙනස් වී ඇති අතර මෙහිදී මෙම ගැටලුවට මුහුණ දීම සිදු කල යුතු බව ඔහු පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු ආර්ථිකය
නායකයින් දෙදෙනාම විවාදය අතරතුර ආර්ථිකය සම්බන්ධයෙන් නිරන්තරයෙන් විවාද සිදු කිරීම දක්නට ලැබිණ.
COVID-19 වසංගතය තුලදී ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4% මට්ටමේ තබාගැනීම සන්ධානයේ සාර්ථකත්වය ලෙස Scott Morrison විස්තර කළ අතර තම රජය විශ්වාස කරන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලීය.
නමුත් ලේබර් පක්ෂ නායක Anthony Albanese අවධාරණය කොට සිටියේ ජීවන වියදම් පීඩනය ඉහළ යන විට වැඩි නොවන වැටුප් පිළිබඳව මේ වනවිට පවතින සැලැස්ම ඉවත් කිරීමේ නව සැලසුමක් ඉදිරිපත් කරන බවයි.

