SKIP TO MAIN CONTENT

Breaking News: ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් තවත් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි. (SBS සිංහල/වාර්තා)

නව වෙනස්කම් වලට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ඔබ ඔස්ට්‍රේලියාවේ වසර 4 ක අවම කාලයක් ස්ථිර පදිංචි කරුවෙකු ලෙස සිටිය යුතු අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බැලීමට ඉංග්‍රීසි පරීක්ෂණයක්ද පැවැත්වේ.

Australian citizenship Changes
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් තව තවත් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කළ බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.

නව වෙනස්කම්  වලට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා  අයදුම් කිරීමට ඔබ ඔස්ට්‍රේලියාවේ වසර 4 ක අවම කාලයක් ස්ථිර පදිංචි කරුවෙකු ලෙස සිටිය යුතු අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බැලීමට ඉංග්‍රීසි පරීක්ෂණයක්ද පැවැත්වේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ දැනුම  සහ අවබෝධය පරීක්ෂා කර බැලෙන බහුවරණ පරීක්ෂණය තුන් වතාවකට වඩා අසමත් වුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත.

විධිමත් ඔස්ට්‍රේලියානු සමාජයක් ගොඩනගමින් ශක්තිමත් ඔස්ට්‍රේලියාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ පවතින බහු සංස්කෘතිකත්ව සමාජය ලොවට පූර්වාදර්ශී උදාහරණයක් ලබා දෙන නමුත් එය සෑම විටම ඔස්ට්‍රේලියානු වටිනාකම් නිරූපණය කළ යුතු බවද අගමැති ටර්න්බුල් පවසයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සිදු කළ වෙනස්කම් පිළිබඳ පැහැදිලි කිරීමේදී මේ සියල්ලක්ම සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානු වටිනාකම් පෙරමුණේ තබාගෙන බව ආගමන කටයුතු පිළිබද අමාත්‍ය Peter Dutton පවසයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ මව් රටවල සංස්කෘතියට සහ උරුමයට ඔස්ට්‍රේලියානු රජය සැම විටම ගෞරව කරනවා සේම එම පුද්ගලයින් ඔස්ට්‍රේලියාව තුළදී ඔස්ට්‍රේලියානු නීතියට සහ වටිනාකම් වලට අනුගත විය යුතු බවද ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේදී සිදු කිරීමට යන මෙම නව වෙනස්කම් වල මූලික අරමුණක් වන්නේ අදාළ අයදුම් කරුවන්ගේ ආකල්ප පරීක්ෂා කර ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට නියම සුදුස්සන්ද යන්න පරීක්ෂා කිරීම බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop චැනල් Nine පුවත් සේවයට පවසා තිබේ.

*********************************************************************************************

SBS සිංහල සේවය -  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now