ඔස්ට්‍රේලියාවේ නවතම තාවකාලික වීසා වෙනස වැඩිපුරම බලපාන රැකියා ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

තාවකාලික වීසා යටතේ තිබූ රැකියා වර්ග මෙම නව වෙනස්කම් හේතුවෙන් කප්පාදු කළ අතර එම ලැයිස්තුව රැකියා වර්ග 651 සිට 435 දක්වා අඩු කර තිබේ.

457 visa changes.

Source: SBS

ඔස්ට්‍රේලියානු රජය 457 වීසා සඳහා සිදු කරනු ලැබූ වෙනස්කම් 2016 වසරේ දෙවැනි භාගයේදී නිකුත් කළ තාවකාලික වීසා අතරින් බලපා ඇත්තේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයකින් බව නිල දත්ත පෙන්වා දෙයි.

තාවකාලික වීසා යටතේ තිබූ රැකියා වර්ග මෙම නව වෙනස්කම් හේතුවෙන් කප්පාදු කළ අතර එම ලැයිස්තුව රැකියා වර්ග 651 සිට 435 දක්වා අඩු කර තිබේ.

457 වීසා වැඩසටහන සඳහා මෙම වෙනස්කම් සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානුවන් හට රැකියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දීමට බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.

නමුත් මෙම තත්ත්වය යටතේ රැකියා වල ඉහළ නිපුණත්වයක් ඇති පිරිස් සේවයට බඳවා ගැනීමේදී ගැටලුවලට මුහුණ පානු ඇති බවට ප්‍රධාන කර්මාන්ත බිය පළ කර ඇත.

පසුගිය 2016 වසරේ ජුනි සහ දෙසැම්බර් මාස අතර 457 වීසා 24,270 ක් නිකුත් කර ඇති බව ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

එම සංඛ්‍යාවෙන් 2083 ක ප්‍රමාණයක ශ්‍රමිකයින් හට 457 වීසා ලබා දී ඇත්තේ මෙවර වෙනස්කම් මත රැකියා ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා 216 ක් පදනම් කරගනිමිනි.

ප්‍රථමික 457 වීසා වලින් එය 8.6% ක් නියෝජනය කරයි.

ඒ අනුව 457 වීසා නිකුත් කර ඇති සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 9 දෙනෙකු හට නව වීසා වැඩසටහන යටතේ වුවද තාවකාලික සේවා සඳහා තවමත් සුදුසුකම් තිබේ.

ඉවත් කළ රැකියා ලැයිස්තුවේ බහුලවම භාවිත කළ රැකියාවන් මොනවාද?

ඉවත් කරන ලද රැකියා 217 අතරින් 2015-16 කාලයේ ලබා දුන් 457 වීසා සඳහා මානව සම්පත් උපදේශක, නිෂ්පාදන  ක්ෂේත්‍රයේ නිෂ්පාදන කළමණාකරු සහ වෙබ් අඩවි නිර්මාණකරුවන් යන රැකියා බහුලවම මෙම නව වෙනස්කම් නිසා බලපෑමකට ලක්ව ඇත.

ඉවත් කළ රැකියා ලැයිස්තුවේ 2015 – 16 කාලය තුළ ලබාදුන් ප්‍රමුඛ පෙළේ රැකියා 10 ය පහත පරිදි වේ.

ඉවත් කළ රැකියා 20 ක් පසුගිය දශකය තුළ භාවිතා කර නැහැ.

457 රැකියා ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා 20 ක් සඳහා පසුගිය වසර 10 ඇතුළත කිසිදු වීසාවක් ලබා දී නොමැති බව වාර්තා වේ.

Turf growers, deer and goat farmers, boarding kennel operators, judges, magistrates සහ wool classers යන රැකියා එම ලැයිස්තුවට අයත්ය.

මීට අමතරව පහත සඳහන් රැකියා 9 මෙවර ඉවත් කරනු ලැබුවේ පසුගිය 10 වසර තුළ ඒවා සඳහා අවම වශයෙන් වීසා ලබා දී ඇත්තේ පහකටත් වඩා අඩු ප්‍රමානයක් බැවිනි.

  • Commissioned Fire Officer
  • Electorate Officer
  • Migration Agent
  • Archaeologist
  • Hydrographer
  • Dental Prosthetist
  • Aboriginal and Torres Strait Islander Health Worker
  • Defence Force Member - Other Ranks
  • Dog or Horse Racing Official

නව තාවකාලික වීසා වැඩසටහන යටතේ සුදුසුකම් ලද රැකියා ලැයිස්තුව මෙතනින් ලබා ගන්න.

*********************************************************************************************

SBS සිංහල සේවය -  සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now