පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු ආන්දෝලනාත්මක ජන හා නිවාස සංගණනයේ ප්‍රතිපල දත්ත වලට අනුව සාමන්‍ය ඔස්ට්‍රේලියානුවකුගේ (typical Australian) ස්වභාවය විස්තර කර තිබේ.
ඇය වයස අවුරුදු 38 ක ඔස්ට්‍රේලියාවේ උපත ලද ඉංග්‍රීසි පෙළපතක් හිමි විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින පාසලේ 12 ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලද තමන්ගේම නිවෙසක ජීවත් වන්නියකි.
ඇය වාසය කරනුයේ කාමර තුනක් සහිත නිවෙසක වන වතර ඒ සඳහා නිවාස ණයක් ගෙවනු ලබයි.
මෙම දත්ත භාවිත කර ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ඉහත සඳහන් කළාවූ සාමන්‍ය ඔස්ට්‍රේලියානුවකුගේ ස්වභාවය, ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවකුගේ වැඩිම වයස සටහන් වන්නේ ටස්මේනියානු ප්‍රාන්තයෙන් වන අතර එය අවුරුදු 42 කි. Northern Territory හි එය වයස අවුරුදු 35 කි.
ගෙදරදොරේ වැඩකටයුතු
සාමාන්‍ය ඔස්ට්‍රේලියානු කාන්තාවක්, නිවෙසේ වෙසෙන පිරිමියාට වඩා ගෙදර දොරේ වැඩ කටයුතු කරන බව මෙම දත්ත පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 37 ක් වන පිරිමියා සතියකට ගෙදර දොරේ වැඩකටයුතු සඳහා පැය 5 කට අඩු කාලයක් ගත කරන අතර 38 හැවිරිදි කාන්තාව පැය 5 ත් 14 ත් අතර ප්‍රමාණයක් සතියකට ගෙදර දොරේ වැඩකටයුතු සිදු කරයි.
ඔස්ට්‍රේලියාවේ සාමන්‍යය සංක්‍රමනිකයෙකුගේ තත්ත්වය.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය සංක්‍රමනිකයෙකුගේ ස්වභාවය වන්නේ එංගලන්තයේ උපත ලැබූ 44 හැවිරිදි අයෙකි. නමුත් මෙම තත්ත්වය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට යම් යම් වෙනස් කම් දක්වයි.
වික්ටෝරියාවේ සාමන්‍ය සංක්‍රමණිකයා ඉන්දියාවෙන් පැමිණ ඇති අතර ක්වීන්ස්ලන්තයේ ඔහු නව සීලන්තයෙන් පැමිණ ඇත. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔහු හෝ ඇය පැමිණ අත්තේ චීනයෙන්ය.
පහත පළවන්නේ සමස්තයක් ලෙස සහ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය ප්‍රකාශයට පත් කළ සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවකුගේ ස්වභාවයයි.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවකුගේ ස්වභාවය.

ඔස්ට්‍රේලියාවට පැමිණි සාමාන්‍ය සංක්‍රමනිකයෙකුගේ ස්වභාවය.

නිව් සවුත් වේල්ස්

වික්ටෝරියා

ACT

ක්වීන්ස්ලන්තය

දකුණු ඔස්ට්‍රේලියාව

බටහිර ඔස්ට්‍රේලියාව

ටස්මේනියාව

Northern Territory


