ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට මහා මාර්ග සඳහා "P turn" හඳුන්වා දීමට මෙල්බන් නුවර සැරසෙයි. (SBS සිංහල/වාර්තා)

Hoddle Street සිට Johnston Street වෙත දකුණට හැරවීම මුළුමනින්ම තහනම් කෙරෙන අතර ඒ වෙනුවට දීර්ඝ P හැරවුමක් (P-turn) ඉදි කෙරේ. මෙම සැලැස්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් නගර වල ක්‍රියාත්මක කෙරෙන අතර ඔස්ට්‍රේලියාවේ අත් හදා බැලීමට යන ප්‍රථම අවස්ථාව මෙය වේ.

P Turn

Source: The Age

මෙල්බන් නුවර Eastern Freeway මාර්ගයේ Hoddle Street සහ Alexandra Parade දෙසට උදෑසන රථ වාහන තදබදය උපරිම වේලාවේ සාමාන්‍ය වේගයපැයට කිලෝ මීටර් 9 ක් බව වාර්තා වේ.

2015 වසරේදී VicRoads විසින් bluetooth  තාක්ෂණය යොදා ගනිමින් වාහන විමර්ශනය කිරීමේදී මෙම දත්ත හමුව ඇති අතර මෙල්බන් නුවර freeway පද්ධතියේ මන්දගාමීම කලාපය ලෙස Clifton Hill ප්‍රදේශය හඳුනාගෙන ඇත.

රථ වාහන තදබදය උපරිම වේලාවේ පැයට කිලෝ මීටර් 20 ට වඩා අඩු වේගයෙන් නොකඩවා වාහන ධාවනය වන  අතර තදබදයක් නොමැති විට freeway වාහන වල සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 25 කි. සවස උපරිම වේලාවේ එම වේගය පැයට කිලෝ මීටර් 18 කි.

මෙල්බන් නුවර freeway පද්ධතියේ අනෙක් මන්දගාමී ස්ථානයක් ලෙස Bolte පාලම ආශ්‍රිත ප්‍රදේශය හැඳින්විය හැකිය.

නමුත් පසුගිය දිනෙක Bolte පාලම ආසන්න ප්‍රදේශයේ තදබදය නැති කිරීමට නව මං තීරු ඉදිකර ජනතා අයිතියට පැවරුවේය.

තදබදය අවම කරගැනීම උදෙසා කම්කරු පක්ෂ  වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනාගත සැලසුම් නොකළ බවද පැවසේ.

නමුත් 2015 වසරේදී Hoddle Street ප්‍රධාන මංසන්ධි හතරකට අවධානය යොමු කරන බවද සඳහන්.

මේ සම්බන්ධව ඩොලර් මිලියන 60 ක ඉදිකිරීම් ව්‍යාපෘතියක් මේ වසරේ අගදී හෝ ලබන වසර මුලදී ආරම්භ කිරීමට සූදානම් බව  VicRoads පවසයි.

  • වීදි දෙකෙහිම දෙපස ඇති වාහන නවතා තැබීමේ ඉඩ කඩ පූර්ණ කාලීන බස් රථ මංතීරු දෙකක් බවට ත් පත් කෙරේ.
  • Hoddle Street මාරගයේ Eastern Freeway මාර්ගය සහ Collingwood හි Vere Street හි දකුණු කලාපය අතර රථ ගාල් ඉවත් කර මං තීරු 10 ක් සහිතව මීටර් 800 ක් යනතෙක් මාර්ගය පුළුල් කෙරේ.
  • Johnston Street මාර්ගයේ Abbotsford හි Park Street  හා Collingwood හි Palmer Lane අතර බිම් ප්‍රදේශයෙන් මීටර් 500 ක් යන තෙක් මාර්ගය සඳහා ලබා ගැනේ.
  • Hoddle Street සිට Johnston Street වෙත දකුණට හැරවීම මුළුමනින්ම තහනම් කෙරෙන අතර ඒ වෙනුවට දීර්ඝ P හැරවුමක් (P-turn) ඉදි කෙරේ.
P Turn
Source: The Age
මෙම සැලැස්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් නගර වල ක්‍රියාත්මක කෙරෙන අතර ඔස්ට්‍රේලියාවේ අත් හදා බැලීමට යන ප්‍රථම අවස්ථාව මෙය වේ.

Hoddle Street හි වාහන තදබදය අවම කිරීම හා Johnston Street මාර්ගය වඩාත් සුඛදායී ස්ථානයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව VicRoads හි ප්‍රධාන ව්‍යාපෘති වැඩ බලන විධායක අධ්‍යක්ෂ Brendan Pauwels පවසයි.

Johnston Street පිළිබඳ අවංක අදහස් ලබා ගැනීමේ සමීක්ෂණය සඳහා සහභාගී වන පුද්ගලයින් හට ඩොලර් 100 සුපිරි වෙළෙඳ සැල් වවුචර් ලබා දීමටද සැලසුම් කර තිබේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now