ඔස්ට්‍රේලියාවේ වැඩිහියන්ට නිර්දේශිත එන්නත් වර්ග මොනවාද? (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සහ ඉන් පිටතින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශිත එන්නත් වර්ග මොනවාදැයි විමසා බලමු.

Recommended Vaccines for Adult who lives in Australia

Source: www.onlinedoctor.lloydspharmacy.com

ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ වැඩිහිටියන් රජයෙන් නොමිලයේ ලබා දෙන එන්නත් පවා නොගන්නා බව පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාව පුරා සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඔබ ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන විට වෛද්‍යවරුන් විසින් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද එන්නත් ලබා ගැනීම අතිශය වැදගත් වෙයි.

එය ඔබගේ සෞඛ්‍යයට මෙන්ම සමාජයේ සෞඛ්‍යයට ද හිතකර වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සහ ඉන් පිටතින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශිත එන්නත් වර්ග මොනවාදැයි මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාගෙන් අප විමසු විට පහත සඳහන් එන්නත් වර්ග පිළිබඳ ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ වැඩිහියන්ට නිර්දේශිත එන්නත් වර්ග

  • වයස අවුරුදු 65 ට වැඩි සෑම අයෙකුටම නියුමෝනියාව වළක්වන Pneumococcal polysaccharide  එන්නත නොමිලයේ ලබා ගත හැකිය. (ජීවිතයට එක් වරක් පමණි)
  • වයස අවුරුදු 65 ට වැඩි සෑම අයෙකුටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය.
  • වයස අවුරුදු 70 ට වැඩි 80 ට අඩු පුද්ගලයින් හට Shingles රෝගය වලක්වාලීමට Herpes Zoster එන්නත නොමිලයේ ලබා ගත හැකිය. (ජීවිතයට එක් වරක් පමණි)
  • සති 28 කට වඩා වැඩි ගර්භනී කාන්තාවන් හට පිට ගැස්ම හා කක්කල් කැස්ස සඳහා නොමිලයේ එන්නත් ලබා දේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇයගේ සහකරුටද එය නොමිලයේ ලබා ගත හැකිය.
  • සෑම ගර්භනී කාන්තාවකටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය.
  • වයස අවුරුදු 50 ත් 59 ත් අතර ඕනෑම අයෙකුට පිට ගැස්ම සඳහා එන්නත වසර 10කට පෙර ලබා නොමැතිනම් එය ද නොමිලයේ ලබා ගත හැකිය.
  • දියවැඩියාව, ඇදුම වැනි රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන අවදානම වැඩි රෝගීන් හට ද ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අයත් නොවන නමුත් වැඩිහියන්ට නිර්දේශිත එන්නත් වර්ග

  • මාස 6 ට වඩා වැඩි දරුවන්ගේ සිට සෑම කෙනෙකුටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත ලබා ගැනීම නිර්දේශ කර තිබේ.
  • පසුගිය වසර 5 හෝ 10 ඇතුළත පිටගැස්ම සඳහා වූ එන්නත යම් අයෙකු ලබා නොගෙන සිටිනවානම් එය ලබා ගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරයි.
  • රැකියාවේ ස්වභාවය සහ අවදානාම මත අදාළ පුද්ගලයින් හට හෙපටයිටීස් A, හෙපටයිටීස් B සහ ටයිෆොයිඩ් වැනි එන්නත් නිර්දේශ කරයි.
  • සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව සේවය කරන උදවියට Q fever එන්නත නිර්දේශ කරයි.
  • පවුලක අලුත් දරුවෙකු ඉපදෙන විට අදාළ මිත්තනියන් සහ මුත්තණුවන් කක්කල් කැස්ස සඳහා pertussis එන්නත නිර්දේශ කරයි.

මෙම එන්නත් ලබා ගත යුතු ආකාරය සහ ලබා ගන්නා ස්ථාන මොනවාද?

  • ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සායනයෙන්.
  • රෝහල් ආශ්‍රිතව ඇති විශේෂිත එන්නත් සායන වලින්.
  • නගර සභා හරහා පවත්වන එන්නත් සායන වලින්.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS Sinhala

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service