ක්වීන්ස්ලන්තයේ Debbie සුළි කුණාටුවෙන් ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළට ? (SBS සිංහල/ වාර්තා)

“අවාසනාවන්ත ලෙස සුපිරි වෙළෙඳ සැල් වල භාණ්ඩ ඉහළ යනු ඇති. මෙය සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවටම බලපානවා.” ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ Russell Zimmerman වැඩි දුරටත් පැවසුවේය.

"Meat is expensive — instead bulk up your meals with rice, beans or vegetables.

"Meat is expensive — instead bulk up your meals with rice, beans or vegetables. Source: Pixabay

ක්වීන්ස්ලන්තයට පැමිණි Debbie සුළි කුණාටුව, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට දැඩි හානි සිදු කර ඇති බව වාර්තා වේ.

සුළි කුණාටුවෙන් වූ බලපෑම විපතට පත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් හට පමණක් නොව ප්‍රාන්තයේ ගොවීන් හට මෙන්ම සමස්ත ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් හටද බලපානු ඇති බව සඳහන්.

පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමට හැකිය.

සුළි කුණාටුව පැමිණි දිනක් ගතව ඇති නමුත් මෙහි බලපෑම ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් හට බලපානු ඇතැයි ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ Russell Zimmerman පැවසීය.

“මේ වගේ විනාශකාරී තත්ත්වයක් පැමිණීමෙන් පසු ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකිව භාණ්ඩ වල මිල ඉහළ යනවා. මම හිතන විදියට ඉදිරි සති කිහිපය තුළ වෙළෙඳ පොළෙහි භාණ්ඩ වල අඩුවක් ඔබට දැක ගැනීමට හැකි වේවි. නමුත් ඇතැම් සිල්ලර වෙළඳුන් යම් භාණ්ඩ පිටරටින් මිලට ගැනීමට බලනු ඇති.” Zimmerman පැවසුවේය.

“අවාසනාවන්ත ලෙස සුපිරි වෙළෙඳ සැල් වල භාණ්ඩ ඉහළ යනු ඇති. මෙය සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවටම බලපානවා.” ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ Russell Zimmerman වැඩි දුරටත් පැවසුවේය.

සිදුවූ හානිය කෙබඳුද?

ක්වීන්ස්ලන්තයේ උක් අස්වැන්නට මෙම සුළි කුණාටුව බලපා ඇති බව ජාතික ගොවි එක්සත් සංගමයේ ප්‍රධාන විධායක  Tony Mahar පැවසීය.`

උක් ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයකට මෙම සුළි කුණාටුව බලපා ඇති බවද ඔහු පවසයි.

“සුළි කුණාටුවෙන් හානිවූ අස්වැන්න සහ ඒවායේ වටිනාකම පිළිබඳ ගණන් බැලීමට තවමත් කල් වැඩියි. නමුත් මෙම කලාපයේ ගොවීන්ට තම අස්වැන්න පමණක් නොව තමන්ගේ ගොවිබිම් වල යටිතල පහසුකම් වලටද හානි සිදුවීමෙන් මහත්වූ පීඩාවක් විඳින බව කිව යුතුයි.” Tony Mahar පැවසීය.`

මෙම කලාපයේ වවන බෝග වර්ග මොනවාද?

කැප්සිකම්, තක්කාලි, වම්බටු, වට්ටක්කා, පිපිඤ්ඤා, බෝංචි සහ කෝන් යන බෝග සඳහා Bowen කලාපය මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

“උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රදේශය කවදත් ගිම්හාන පළතුරු සඳහා නමක් දරන අතර Burdekin, Proserpine සහ Mackay ප්‍රදේශ උක් වගාව සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.” Tony Mahar පැහැදිලි කළේය.

“Burdekin, Proserpine සහ Mackay ප්‍රදේශ වල සමස්ත උක් අස්වැන්න පසුගිය වසරේ ටොන් මිලියන 17.5ක් වූ අතර එහි වටිනාකාම් ඩොලර් මිලියන 850ක් පමණ වුණා. ඔස්ට්‍රේලියාවේ සමස්ත උක් අස්වැන්නෙන් අඩක් පමණ එම ප්‍රදේශ ත්‍රිත්වයෙන්  ලැබෙනවා. සුළි කුණාටුවට හසුවූ කලාපයේ උක් වගා කිරීමේ ව්‍යාපාර 1100 කට වඩා ප්‍රමාණයක් තිබෙනවා.” යනුවෙන්ද Tony Mahar පැවසීය.

සුළි කුණාටුව පැමිණීමට පෙරාතුව අදාළ කලාපයේ වගා සඳහා සිදුවන හානිය ඩොලර් බිලියනයක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබුණි. මෙයට රජයේ සහ පුද්ගලික අංශයේ යටිතල පහසුකම් අයත්ව නොතිබුණි.

“Bowen කලාපයේ පමණක් වගාවන්හි වසරක පිරිවැය ඩොලර් මිලියන 450 ක් පමණ වන අතර පුද්ගලයින් 3500 ක් පමණ සේවය කරනවා. මෙම කර්මාන්තයට යම් ලෙසක හානි සිදුවුණාද එය අවසානයේ ප්‍රජාවට දැනීමට පටන් ගනී.” ජාතික ගොවි එක්සත් සංගමයේ ප්‍රධාන විධායක  Tony Mahar පැවසීය.`


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now