SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ දමිළ ජනයාට රැජිනිකාන්ත් ලියුමක් ලියයි.

Rajinikanth writes to Sri Lankan Tamils
Source: www.catchnews.com

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

තම ශ්‍රී ලංකා සංචාරය හදිසියේ අවලංගු කිරීම පිළිබඳ දකුණු ඉන්දිය සුපිරි නළු රැජිනිකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත කෙටි ලිපියක් යොමුකර තිබෙන බව වාර්තා වේ.

“හොඳ දේවල් වෙන්නට ඉඩ හරිමු. නියම වේලාව පැමිණිය විට අපි හමුවෙමු. ඔබගේ දිවි පෙවෙත් යහපත් වන්න කියා මම දෙවියන්ගෙන් යදිමි.” යනුවෙන් රැජිනිකාන්ත් ඔහුගේ කෙටි ලිපියේ සටහන් කර ඇති බව වාර්තා වේ.

Rajinikanth writes to Sri Lankan Tamils
Source: Daily Mirror

යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට රැජිනි කාන්ත්  තීරණය කර තිබුණි.

කෙසේවෙතත් තමිල්නාඩු කොටි හිතවාදී දේශපාලන පක්ෂ වන Viduthalai Chiruthaigal Katchi (VCK) සහ Marumalarchi Dravida Munnetra Kazhagam (MDMK) යන පක්ෂ ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන මෙන් රැජිනිකාන්ත් හට බල කර සිටියෝය.

එම බලපෑම් හේතුවෙන් මෙම සංචාරය අවලංගු කිරීමට ඔහුට සිදුවිය.

මෙම සංචාරයේදී තමන්ට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී දකුණු ඉන්දීය ධීවරයින්ගේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමටද අවශ්‍යව තිබූ බව රැජිනි කාන්ත් මීට පෙර පවසා තිබුණි.

තමිල්නාඩු කොටි හිතවාදී දේශපාලන පක්ෂ වල මෙම ක්‍රියාවට දැඩි විරෝධතා සටහනක් නාමල් රාජපක්ෂ මහතා විසින් තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ තමිල්නාඩු දේශපාලන පක්ෂ දැඩි ලෙස විවේචනය කරමිනි.

Rajinikanth writes to Sri Lankan Tamils
Source: Twitter

“තමිල්නාඩු දේශපාලනඥයින්ගේ සැබෑ ස්වරූපය නැවතත් හෙළිදරව් විය. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට උපකාර කිරීමට ඔවුන් කිසිවෙකුට හෝ ඉඩ ලබා දෙන්නේ නැහැ. අඩුම තරමේ සුපිරි නළු රැජිනිකාන්ත් ට පවා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තම ට්විටර් ගිණුමේ අදාළ සටහන තබා තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now