ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා අනුව පසුගිය සිව් වසර ඇතුළත ඔස්ට්‍රේලියාව තම වේගවත්ම Net Overseas Migration (NOM) හෙවත් ශුද්ධ විදේශ සංක්‍රමණ අත් විඳිමින් පවතියි.
2016 වසරේ සැප්තැම්බර් 30 වන දිනට අවසන් වූ වර්ෂයෙන් ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණ 9%කින් පමණ වර්ධනය වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජන විකාශන පිළිබඳ අධ්‍යක්ෂ Beidar Cho පැවසුවාය.
එම කාලය තුළ ඔස්ට්‍රේලියානු ජනගහනයට 193,200 ක පුද්ගල සංඛ්‍යාවක් එකතු වූ බවද ඇය පැවසුවාය.
“2014 වසරේ සහ 2015 වසරේ මුල් භාගය තුළ අත් දකින ලද 10% ක ශුද්ධ විදේශ සංක්‍රමණ වලට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වෙනසක් පෙන්වනවා. නමුත් වර්තමාන ශුද්ධ විදේශ සංක්‍රමණය 2009 වසර හා සසඳන කල අඩු වීමක් පෙන්වනවා. 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ප්‍රමාණය 300,000 ක් පමණ වෙනවා.” Beidar Cho පැවසුවාය.
පසුගිය වසරට සාපේක්ෂව වේගවත්ම ශුද්ධ විදේශ සංක්‍රමණයක් හිමි කරගෙන ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වන අතර එය 19% ක වැඩි වීමකි.
ඉන් අනතුරුව විදේශ සංක්‍රමණිකයින්ගේ ජනප්‍රියතම ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ද්විත්වය ලෙස වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පත් වී ඇති අතර ඒවායේ වැඩි වීම පිළිවෙලින් 13%ක් සහ 11% කි.
පසුගිය වසර හා සසඳන විට ශුද්ධ විදේශ සංක්‍රමණ වර්ධනය වී ඇති අනෙක් එකම ප්‍රාන්තය වන්නේ ටස්මේනියාව වන අතර එය 9%ක වැඩි වීමකි.
2016 සැප්තැම්බර් මාසය වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වල මුළු ජනගහනය.

2016 වසරේ සැප්තැම්බර් අග වන විට ඔස්ට්‍රේලියානු ජනගහනය 348,700කින් වැඩි වී ඇති අතර මුළු ජනගහනය මිලියන 24.2 ක් බවට ගණන් බලා ඇත.
එම කාලය තුළ ශුද්ධ විදේශ සංක්‍රමණ වලින් පුද්ගලයින් 193,200 ක් මෙරට ජනගහනයට එක් වී ඇති අතර වැඩි වු ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් එය 55%කි.
මේ අතර ඉහත සඳහන් කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සිදුවූ උපත් සංඛ්‍යාව 315,000 ක් පමණ වූ අතර මරණ 159,500 ක් වාර්තා වී ඇත.
ඉහත කාලය තුළ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල ජනගහනය වෙනස් වීමට බලපෑ ප්‍රධානතම හේතුව විදේශිකයින්ගේ සංක්‍රමණ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ප්‍රධාන නගරාශ්‍රිත ඇස්තමේන්තුගත නේවාසික ජනගහනය


