ඔස්ට්‍රේලියාවේ 457 වීසා වැඩසටහන යටතේ ආගමන කටයුතු අමාත්‍යවරයාට වැරදුනු තැන් හයක්. (SBS සිංහල/වාර්තා)

2014 වසරේදී ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස Peter Dutton වැඩ බාරගත් පසුව ඉහළ තරුණ විරැකියා පිරිස් සිටින ප්‍රදේශ සඳහා විශාල සංඛ්‍යාවක 457 වීසා ලබා දී ඇති බව පහත සිතියම් 6න් පෙන්නුම් කරයි.

Six places where Peter Dutton was wrong on 457 visas

Source: SBS

ඔස්ට්‍රේලියාවේ විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස් ඉහළ කලාප සඳහා ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton 457 වීසා දහස් ගණනක් ලබා දී ඇති බව වාර්තා වේ.

"14% ක 15%ක තාරුණ්‍යයේ විරැකියා අනුපාතිකයක් තිබෙන ප්‍රදේශ වල සමාගම් සඳහා විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට අප ඉඩ දීම සිතාගත නොහැකි කරුණක් බව අමාත්‍ය Dutton  මෙම මස මුලදී පැවසුවේය.

"මම එය නැවැත්වුවා. කම්කරු පක්ෂයේ 457 වීසා  වැඩසහටහන යටතේ තවත් විධි තිබෙන අතර ඒවාද මම මේ මොහොතේ සුද්ධ කරමින් සිටිනවා." ඔහු පැවසීය.

නමුත් 2014 වසරේදී ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස Peter Dutton  වැඩ බාරගත් පසුව ඉහළ තරුණ විරැකියා පිරිස් සිටින ප්‍රදේශ සඳහා විශාල සංඛ්‍යාවක 457 වීසා ලබා දී ඇති බව පහත සිතියම් 6න් පෙන්නුම් කරයි.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

2017 වසරේ ජනවාරි මස වන තෙක් වයස අවුරුදු 15 ත් 24 ත් අතර විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස් සම්බන්ධ රැකියා දෙපාර්තමේන්තුව සැපයූ දත්ත මත මෙම සිතියම් සකස් වී ඇත.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

වයඹ දිග සහ ගිනිකොණ දිග මෙල්බන් කලාපවල සේවය කරන 457 වීසා ලාභීන් ගේ වර්ධනයක් දැකිය හැකි බව අමාත්‍ය Dutton ගේ ප්‍රකාශකයකු පැවසීය.

“නමුත් ඒවායේ සංඛ්‍යාව කුඩායි. ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ ඇතුල් වීමේ මට්ටමේ මෙන් නොව සෞඛ්‍ය සේවා, නිෂ්පාදන සහ සේවා අංශ වල ඉහළ නිපුණතා ස්ථාන සඳහා තෝරාගැනීම හේතුවෙන් එම වර්ධනය යටපත් වීමක් සිදු වෙලා.” ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙල්බන් නගරයෙන් පිටත එම කලාප ද්විත්වය ආර්ථික හා ජනගහනය අතින් වර්ධනය වන කලාප බැවින් නිපුණතා ශ්‍රමය සඳහා වැඩි ඉල්ලුමක් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

SBS පුවත් සේවය හඳුනාගත් කලාප හයෙන් Cairns, උතුරු ඇඩිලේඩ් සහ Townsville යන ප්‍රදේශ වල 457 වීසා ලාභීන්ගේ පසු බැස්මක් දක්නට ඇති අතර දකුණු-බටහිර පර්ත් කලාපයේ එය ස්ථාවර මට්ටමක පවතින බව  අමාත්‍ය Dutton ගේ ප්‍රකාශකයා පැවසීය.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

457 වීසා වැඩසටහන යටතේ සුදුසුකම් ලද රැකියා සංඛ්‍යාව පසුගිය වසරේ අඩු කරන බවට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසීය.

මේ වන විටත් වෙනස්කම් සිදු කරමින් පවතින බවට ඔහු යළි ප්‍රතිඥා දී තිබේ.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

ප්‍රමුඛපෙළේ අධ්‍යාපනවේදීන් දෙදෙනෙකුට අනුව ඇතුල්වීමේ රැකියා (entry-level jobs) සඳහා 457 වැඩසටහන බලපානු ලබන්නේ සුළු වශයෙනි.

Six places where Peter Dutton was wrong on 457 visas
Source: SBS

විදෙස් ශ්‍රමිකයින් කෙරෙහි රජයේ විශ්වාසය අඩුවී ඇති බවත් අනෙක් අතට දේශීය සේවකයින් හට එමගින් අවස්ථා උදා වන බවත් පසුගිය අඟහරුවාදා අමාත්‍ය Dutton ගේ කාර්යාලය නිවේදනය කළේය.

“ලිබරල් සන්ධාන රජය යටතේ 457 වීසා ලාභීන් 13,000 ක් පමණ අඩු කෙරුණු අතර ඊට සමාන කාල වකවානුව තුළ කම්කරු පක්ෂය යටතේ 457 රැකියා 50,000 ක පමණ වර්ධනයක් වුවා.” අමාත්‍ය Dutton ගේ ප්‍රකාශකයා පැවසීය.

කම්කරු රජය යටතේ ඇති කළ ගිවිසුමක් වන ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ 457 වීසා පටිපාටිය අමාත්‍ය Dutton විසින් මේ වන විටත් අහෝසි කර තිබේ.

පසුගිය වසර 4 ඇතුළත McDonald's සහ Hungry Jack's වැනි ආයතන සඳහා 457 වැඩසටහන යටතේ විදෙස් ශ්‍රමිකයින් 500 ක් පමණ සේවයට අනියුක්ත කර තිබේ.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne, Jackson Gothe-Snape

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now