SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාවය සඳහා වූ සැකසුම් කාලය (processing times) හෙට (14) සිට අනතර්ජාලය ඔස්සේ. (SBS සිංහල/වාර්තා)

මෙම සැකසුම් කාලයන් මසකට වරක් යාවත්කාලීන කරනු ලබයි. බොහෝ ආකාර වල වීසා උප ඛාණ්ඩ හා පුරවැසිභාවය අයදුම් කිරීමේ අයදුම් පත්‍ර උදෙසා ඇති වත්මන් අයදුම්පත් තදබදය සහ සැකසුම් පීඩනය එමගින් නිරූපණය වේ.

visa and citizenship processing times available online
visa and citizenship processing times available online Source: www.border.gov.au

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

හෙට සිට එනම් මාර්තු 14 වන දින සිට ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාවය සඳහා වූ සැකසුම් කාලය (processing times) අනතර්ජාලය ඔස්සේ ඔබට දැනගැනීමට හැකියාව ලැබේ.

පාරිභෝගික තොරතුරු වැඩි දියුණු කිරීම උදෙසා ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විටත් දරන උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස වත්මන් වීසා හා පුරවැසිභාවය සඳහා වූ සැකසුම් කාලය ප්‍රකාශයට පත් කිරීම හරහා වීසා සහ පුරවැසිභාවය පිළිබඳ වැදගත් වූ දත්ත ඔබට සපයයි.

නවතම වීසා සැකසුම් කාල, මීට පෙර ප්‍රකාශිත සේවා සම්මතයන් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර එමගින් අදාළ වීසා උප ඛාණ්ඩය (visa subclass), stream හෝ පුරවැසිභාවය උදෙසා යොමු කළ අයදුම් පත් සඳහා ගත වන සැකසුම් කාලය පිළිබඳ මනා අදහසක් ඔබට ලබා දෙයි.

මෙම සැකසුම් කාලයන් මසකට වරක් යාවත්කාලීන කරනු ලබයි. බොහෝ ආකාර වල වීසා උප ඛාණ්ඩ හා පුරවැසිභාවය අයදුම් කිරීමේ අයදුම් පත්‍ර උදෙසා ඇති වත්මන් අයදුම්පත් තදබදය සහ සැකසුම් පීඩනය එමගින් නිරූපණය වේ.

නමුත් ඇතැම් වීසා උප ඛාණ්ඩ සඳහා වීසා සැකසුම් කාලයන් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් නොකරන බවද පවසා තිබේ. නව ඇතුළත් වීම් සඳහා ඒවා අවසන් කර ඇති වීම හෝ සීමාව ඉක්මවා ගොස් හෝ දිගු පෝලිමක් පැවතීම ඊට හේතු වේ.

ප්‍රකාශිත සැකසුම් කාලයන් තුළ ඔබගේ අයදුම් පත්‍රය තිබෙනවා දැයි තහවුරු කර ගැනීමට ඔබ සම්පූර්ණ අයදුම්පතක් යොමු කළ යුතු වේ.

එක් අයදුම් පත්‍රයෙන්, අයදුම් පත්‍රය යන ආකාරයෙන් ඔබගේ අයදුම් පත්‍රය ඇගයීමට ලක්වනු ඇත.

මෙහිදී පුද්ගලයාගේ තත්ත්වය මත සැබෑ සැකසුම් කාලය වෙනස් විය හැකිය.

උදාහරණ ලෙස :

  • ඔබ අදාළ සියලුම ලිපි ලේඛන සමග සම්පූර්ණ අයදුම් පතක් යොමු කර තිබීම.
  • දෙපාර්තමේන්තුව විසින් අමතර තොරතුරු අවශ්‍ය බව දැනුම් දුන් විට ඔබ ඒ සඳහා ප්‍රතිචාර දක්වන වේගය හා කාලය.
  • අවශ්‍ය පිරික්සීම් සිදු කිරීමට කොපමණ කලක් ගතවනවාද යන්න
  • බාහිර පාර්ශව වලින් අමතර තොරතුරු ලබා ගැනීමට ගතවන කාලය. විශේෂයෙන්ම සෞඛ්‍ය වාර්තා, චරිත සහතික, ජාතික ආරක්ෂණ වාර්තා යන්දිය දැක්විය හැකිය.
  • සංක්‍රමණික වැඩසටහන තුළ දැනට පවතින ස්ථාන සංඛ්‍යාව.
  • අධික ඉල්ලුමක් ඇති කාල වලදී ඇති ඉල්ලුම යනාදිය දැක්විය හැකිය.

මේ පිළිබඳ සහ ඔස්ට්‍රේලියානු වීසා පිළිබඳ වැඩි විස්තර ඔබට www.border.gov.au යන වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.

****************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now