2018 Australia Awards ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලාංකික පුරවැසි ඔබට දැන් විවෘතයි. (SBS සිංහල/වාර්තා)

අයදුම්කරුවන්ගේ වෘත්තියමය හා පුද්ගලික ගුණාත්මක භාවය, ශාස්ත්‍රීය හැකියාව සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අංශ වල සංවර්ධනයට දායක වීමේ විභවය මත ඔවුන්ගේ අයදුම්පත් ඇගයීමට ලක් වෙයි.

Australia Awards 2018 for Sri Lanka

Source: www.aseanop.com

දකුණු සහ බටහිර ආසියානු රටවල් සඳහා 2018 වසර උදෙසා Australia Awards ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට විවෘත කර තිබේ.

බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාල දිවයින, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරයි.

Australia Awards ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාරගැනීම පසුගිය පෙබරවාරි 01 වන දින ආරම්භ වූ අතර එළඹෙන අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වේ.

මෙම වැඩසටහනේ අයදුම්පත් ඇගයීම සහ ඇතුළත්වීමේ සුදුසුකම් රටින් රටට වෙනස් වන අතර ශ්‍රී ලංකාව සඳහා එම විස්තර පහත පරිදි වේ.

ශ්‍රී ලංකාව සඳහා Australia Awards ශිෂ්‍යත්ව වැඩසටහන

සංවර්ධනය උදෙසා මීළඟ පරම්පරාවේ ගෝලීය නායකයින් සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් පිරි නමන Australia Awards ශිෂ්‍යත්ව වැඩසටහන ජාත්‍යන්තරව ගෞරවයට පාත්‍ර වූ ශිෂ්‍යත්ව වැඩසටහනකි.

ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු සංවර්ධන සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණු 3ක් වෙයි.

1. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙත ආර්ථික අවස්ථා ව්‍යාප්ත කිරීම.

2. පුරවැසියන්ගේ සහ පුද්ගලික අංශයේ අවශ්‍යතාවන් හට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමට රජයට සහය සැළසීම.

3. ලිංග සමානාත්මතාව වර්ධනය කිරීම.

ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු සංවර්ධන සහයෝගීතාව පිළිබඳ වැඩි විස්තර

http://dfat.gov.au/about-us/publications/Pages/aid-investment-plan-aip-sri-lanka-2015-19.aspx වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.

ශිෂ්‍යත්ව සඳහා ඇගයීම

අයදුම්කරුවන්ගේ වෘත්තියමය හා පුද්ගලික ගුණාත්මක භාවය, ශාස්ත්‍රීය හැකියාව සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අංශ වල සංවර්ධනයට දායක වීමේ විභවය මත ඔවුන්ගේ අයදුම්පත් ඇගයීමට ලක් වෙයි.

ඊට අමතරව මේ සඳහා අයදුම් කරන ලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවන්, ආබාධිත පුද්ගලයින්, උතුරු, නැගෙනහිර, සබරගමුව හෝ ඌව යන පළාත් වල සේවය කරන පුද්ගලයින්ව මෙන්ම දීර්ග කාලීන ජාත්‍යන්තර ශිෂ්‍යත්වයක් මීට පෙර හිමි නොවූ පුද්ගලයින්ව විශේෂයෙන් උනන්දු කර ඇත.

ප්‍රතිලාභ

ශ්‍රී ලාංකීය පුරවැසියන් හට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ආයතනයකින් විද්‍යාපති උපාධි මට්ටමේ සුදුසුකමක් ලබා ගැනීමට මෙයින් හැකිවේ.

Australia Awards ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි ආකාරය සහ ඒ සඳහා අවශ්‍ය සුදුසකම් පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගත හැකිය.

*****************************************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*****************************************************************************************************




Share

Published

Updated

By Madhura Senviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service