ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් වියදම ගෘහස්ථ වියදම් වල අංක එකට. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසර තුන ඇතුළත ළමා සුරැකුම් වියදම විදුලිය සහ නිවාස වියදම් වලට වඩා වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි.

How Australia’s childcare goes?

A childcare worker has been charged after an investigation into child abuse material uncovered more than 550,000 images. Source: AAP

ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සහනය වැඩි කිරීමට ප්‍රධාන පක්ෂ ද්විත්වය වන කම්කරු පක්ෂය සහ ලිබරල් පක්ෂය එකඟ වුවත් එය සිදු කරන ක්‍රමය පිළිබඳ ඔවුන් දෙපාර්ශවයම එකඟත්වයකට පැමිණ නැත.

ළමා සුරැකුම් සහනය ඉහළ දැමීමට ප්‍රථම අනෙකුත් පවුලේ ගෙවීම් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු රජයට අවශ්‍ය කර තිබේ.

දැරිය හැකි මට්ටමේ ළමා සුරැකුම් සහනය පවුල් සඳහා අත්‍යවශ්‍ය දෙයක් බව අධ්‍යපාන අමාත්‍ය Simon Birmingham පවසයි.

දැරිය හැකි මට්ටමේ ළමා සුරැකුම් සහනය, ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ දමන බවත් විශේෂයෙන්ම අනර්ථකාරී පසුබිමකින් පැවතෙන ළමුන්ගේ සංවර්ධනයට ප්‍රතිලාභ අත් කර දෙන බවත්  2014 ඵලදායී කොමිසම් වාර්තාව හඳුනාගෙන තිබුණි.

ඔස්ට්‍රේලියානු රජයේ බහුවිධ කාර්ය පනත හෙවත් Omnibus පනතට සෙනට් සභික Nick Xenophon විරුද්ධ වන බවට ප්‍රකාශ කර තිබේ.

පසුගිය දශකය පුරාවට ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් වියදම ස්ථාවරව ඉහළ යමින් පවතියි.

පසුගිය වසර තුන ඇතුළත ළමා සුරැකුම් වියදම විදුලිය සහ නිවාස වියදම් වලට වඩා වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි.

Careering child care
Source: ABS CONSUMER PRICE INDEX

2016 – 2017 වසර සඳහා නියමිත ඩොලර් 7,500 ළමා සුරැකුම් ප්‍රතිදාන මුදල මේ වන විටත් පවුල් 3600 කට අධික ප්‍රමාණයක අවසන් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham ඊයේ (16/02) ප්‍රකාශ කළේය.

මීට අමතරව තවත් පවුල් 90,000 කගේ ළමා සුරැකුම් ප්‍රතිදානය එළඹෙන ජූලි මාසයට පෙර අවසන් වනු ඇති බව පැවසේ.

ලොව අනෙකුත් රටවල සමග සසඳන කළ ඔස්ට්‍රේලියාවේ දෙමාපියන් ළමා සුරැකුම් සඳහා අධික මුදලක් වැය කරන බව අනාවරණය වී තිබේ.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now