කැස්බෑවෙකු, විරෝධතාකරුවන් සහ යුරෝපයේ සංක්‍රමණික අර්බුදය මෙවර ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරගාවලියේ කැපී පෙනෙන තැනක් ගත් බව වාර්තා වේ.
නමුත් මෙවර ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරගාවලියේ ප්‍රථම ත්‍යාගය දිනාගත්තේ Associated Press ආයතනයේ ඡායාරූප ශිල්පී Burhan Ozbilici විසිනි.
තුර්කියේ ඇන්කාරා නුවර ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කිරීමට සහභාගී වූ රුසියානු තානාපතිවරයා හට තුර්කි පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරු කෑ මොර දුන් ඡායාරූපය මෙවර ජයග්‍රාහී ඡායාරූපය බවට තේරී පත් විය.
“එය ඉතා අසීරු තීරණයක් වුණා. නමුත් අවසානයේ අපිට දැනුනා මෙවර වසරේ ඡායාරූපය අපේ කාලයේ හදවත් වලට කතා කරපු මහත් භයානක ඡායාරූපයක් කියල.” තරගයේ ජූරි සභාවේ සාමාජික Mary F Calvert පැවසුවාය.
“එම ඡායාරූපය සැම විටම තිරය මතට පැමිණි විට ඔබට පසුපසට යාමට සිත් පහළ වෙනවා. මොකද එය ඒ තරමටම භයානකයි. අපිට ඇත්තටම හිතුනා මෙවර ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබාගත් ඡායාරූපය ඇත්තෙන්ම ඡායාරූපයක හැගීමක් දනවනවා කියලා.”ඇය වැඩි දුරටත් පැවසුවාය.
“එතැනදී මම මගේ රාජකාරිය ඉතා ඉක්මණින් සිදු කිරීමට වග බලා ගත්තා. මොකද මට තුවාල වෙන්න ඉඩ තිබුණා. එහෙම නැත්තනම් මැරෙන්න පවා ඉඩ තිබුණා. නමුත් අඩුම තරමේ මට නියම ජනමාධ්‍යවේදය කියන්නේ මොකද්ද කියල නිරූපණය කරන්න ඉඩක් ලැබුණා.” මෙවර හොඳම ඡායාරූපයේ හිමිකරු Burhan Ozbilici පැවසුවාය.
රටවල් 125 ක් නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් 5,034 කගේ ඡායාරූප 80,408 ක් මෙවර තරගාවලියට ඇතුළත් කර තිබුණි.
ඒ අතුරින් රටවල් 25 ක ඡායාරූප ශිල්පීන් 45 කට අංශ 8 ක් යටතේ ජූරිය විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදී.
ඒ අතරින් බොහොමයක් පසුගිය වසරේ ලොව ප්‍රධානතම ප්‍රවෘත්ති මාතෘකා ආවරණය කර තිබූ අතර සිරියාවේ සහ ඉරාකයේ අර්බුදය, කියුබාවේ අසහාය නායක Fidel Castro ගේ අභාවය මෙන්ම Rio ඔලිම්පික් උළෙල ඒ අතර ප්‍රධාන වේ.
හුදකලා විරෝධතාව වර්තමාන ගැටළු පිළිබඳ ඒකල අංශයේ හොඳම ඡායාරූපය වෙයි.
වර්තමාන ගැටළු පිළිබඳ ඒකල අංශයේ හොඳම ඡායාරූපයට හිමි ත්‍යාගය Thomson Reuters ඡායාරූප ශිල්පී Jonathan Bachman දිනා ගත්තේය.
පසුගිය වසරේ ජූලි 09 වන දින පොලීසිය විසින් Alton Sterling නැමැති කළු ජාතිකයා ඝාතනය කිරීමට එරෙහිව තනිව විරෝධයක නිරතවූ පෙනිසිල්වෙනියානු හෙදියක වන Ieshia Evans ව Baton Rouge හිදී පොලීසිය විසින් නතර කරගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපය Jonathan Bachman ගේ ජයග්‍රාහී ඡායාරූපය විය.
Bachman එම ඡායාරූපයට ජූරියේ සභාපති Stuart Franklin පැවසුවේ “ඉවසිලිවන්ත විරෝධතාවක අමතක නොවන අර්ථ කථනය” (an unforgettable sort of comment on passive resistance) ලෙසිනි.
“එය ඇත්තෙන්ම සුන්දර ඡායාරූපයක්. ඔබට එය කවදාවත්ම අමතක නොවනු ඇති.” ඔහු පැවසීය.

කාබුල් රෝහලේ සිට ස්පාඤ්ඤයේ මුහුදු කැස්බෑවා තෙක්
දෛනික ජීවිතය පිළිබඳ ඒකල අංශයේ හොඳම ඡායාරූපයට හිමි ත්‍යාගය හිමි කරගනු ලැබුවේ Pulitzer Centre හි අර්බුද වාර්තා කිරීමේ ඡායාරූප ශිල්පිනී Paula Bronstein විසිනි.
කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් තුවාල ලැබූ දෙහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු වත්තම් කරගෙන සිටින කාන්තාවක් ඇගේ එම ඡායාරූපයට හසු විය.

ජනතාවාදී ඒකල අංශයේ ප්‍රථම ස්ථානයට Magnus Wennman ලබා ගත් Debaga සරණාගත කඳවුරේ ඡායාරූපය පත් විය.
මීට අමතරව ස්පාඤ්ඤයේ Canary Islands මුහුදේ මාළු දැලක පැටලී සිටියදී පිහිනමින් සිටි මුහුදු කැස්බෑවකුගේ ඡායාරූපය ද මෙවර තරගාවලියේ සියල්ලන්ගේම සිත් ගත් ඡායාරූපයක් වූ අතර එයින් පාරිසරික විනාශය මැනවින් පැහැදිලි කරන හෙයින් සම්මානනීය ඡායාරූපයක් ලෙසද එය පත් විය.

මීට අමතරව දීර්ග කාලීන ව්‍යාපෘති ත්‍යාගය Valery Melnikov හිමිවූ අතර 2014 ජූලි මාසයේදී යුක්රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ ගිනිබත්වූ තම නිවෙස අතහැර ජීවිත බේරා ගැනීමට දිව යන යුවලක් එම ඡායාරූපයේ සටහන් විය.


