SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර භයානකම පදික මාරු සොයා ගියෙමු. (SBS සිංහල/වාර්තා)

පසුගිය පස් වසරක මාර්ග අනතුරු දත්ත වලට අනුව මෙල්බන් නුවර භයානකම පදික මාරුව ඇත්තේ උතුරු මෙල්බන්හි Flemington Road සහ Grattan Street අතර මුල්ලෙහි බව වාර්තා වේ.

Melbourne's worst pedestrian problem spots
Source: ABC Australia

2 min read

Published

Updated

By Madhura Seneviratne, Adam Carey

Source: ABC Australia



Skip to article content

මෙල්බන් නුවර පාර මාරු වීමේ භයානකම ස්ථානය කුමක්ද?

පසුගිය පස් වසරක මාර්ග අනතුරු දත්ත වලට අනුව මෙල්බන් නුවර භයානකම පදික මාරුව ඇත්තේ උතුරු  මෙල්බන්හි Flemington Road සහ Grattan Street අතර මුල්ලෙහි බව වාර්තා වේ.

මෙම මංසන්ධිය මෙල්බන් නුවර කාර්ය බහුලම මංසන්ධියක් වන අතර මාර්ග තීරු 16ක් ඒ හරහා වැටී ඇත. ඊට අමතරව කාර්ය බහුල ට්‍රෑම් මාර්ගයක්ද එහි පිහිටා තිබේ.

VicRoads මාර්ග අනතුරු දත්ත වලට අනුව පසුගිය වසර 5 තුළ එම ස්ථානයෙන් පාර මාරු වීමට ගිය පදිකයින් 11 දෙනෙකු ඉතා බරපතල ලෙස තුවාල ලැබූ බව වාර්තා වේ.

Melbourne Metro දුම්රිය ව්‍යාපෘතිය යටතේ එම ප්‍රදේශයේ භූගත දුම්රිය ස්ථානය ඉදි කළ පසුව එම ස්ථානය ඉදිරි දශකය තුළ තව තවත් කාර්ය බහුල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වර්තමානයේ මෙල්බන් නුවර පාර මාරු වීමට අපහසුම වීදිය ලෙස ද Grattan Street හඳුනාගෙන ඇත.

මෙල්බන් නගරයේ පදික මාරුවීමේ අනෙක් භයානක ස්ථාන ඇත්තේ මෙල්බන් CBD හි Lonsdale වීදිය සහ Exhibition වීදියේ මුල්ල මෙන්ම  Russell වීදියේ බටහිර කලාපයයි.

මීට අමතරව මෙල්බන් නගරයේ කාර්ය බහුලම පදික මාරුව ලෙස සැලකෙන Swanston වීදිය සහ  Flinders වීදියේ කෝණය තවත් භයානක පදික මාරුවක් ලෙස හඳුනාගෙන ඇත.

Richmond හි Church Street, Mitcham හි Maroondah Highway සහ Glenroy හි Pascoe Vale මාර්ගය භයානක කලාප බවට හැඳින්වේ.

මෙල්බන් නගරයේ වීදි වල ගමන් කරන විට ආරක්ෂා වන්නේ කෙසේද?

මෙල්බන් නගරයේ පදිකයින් අනතුරු වලට බහුලවම මුහුණ දෙන ස්ථාන හඳුනා ගැනීමට WalkSpot නමින් ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා ක්‍රියාත්මක කළ අතර මේ සඳහා ප්‍රතිපාදන සපයනු ලබන්නේ TAC විසිනි.

මෙහිදී මෙල්බන් නුවර පදික ජනතාවට ඇවිද යාමට නුසුදුසු ප්‍රදේශ හා ස්ථාන හඳුනාගැනීමක් සිදු කෙරේ. වේගයෙන් ධාවනය වන රථ වාහන වල ගැටීමෙන් පදිකයින් මරුමුවට පත් වීම එහිදී සැලකිල්ලට ගනු ලබයි.

මෙමගින් මෙල්බන් නගරයේ ආරක්ෂා සහිතව ඇවිද යාමට මගී ජනතාව හට ඉඩ සැලසීමට අපේක්ෂිතය.

පසුගිය වසර 10 තුළ මෙල්බන් ප්‍රධාන මාර්ග වලදී පදිකයින් 444 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙල්බන් නුවර නගර සභා 13ක් මෙම WalkSpot ව්‍යාපෘතිය සඳහා සම්බන්ධවී ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන CrowdSpot මගින් නිර්මාණය කළ සිතියමේ ඔබටත් මෙල්බන් නුවර යම් අනතුරුදායක ස්ථානයක් දක්වන්නට ඇත්නම් එය ඇතුළත් කිරීමට අවස්තාව සලසා දී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now