මෙල්බන් CityLink Tulla Widening ව්‍යාපෘතියේ නව මං තීරු විවෘත කෙරේ. (SBS සිංහල/වාර්තා)

ඒ අනුව Flemington මාර්ගය සහ West Gate Freeway අතර ප්‍රදේශයේ කිලෝ මීටර් 9ක් පමණ වන තෙක් අමතර මං තීරු මෙසේ විවෘත කෙරුණු අතර Bolte පාලම ආශ්‍රිතව අමතර එක් මං තීරුවක් බැගින් දෙදිශාවටම දිව යන මං තීරු විවෘත කළේය.

First New lanes open of the Melbourne CityLink Tulla Widening project

Source: Citylink

මෙල්බන් නුවර CityLink Tulla Widening ව්‍යාපෘතිය යටතේ ඉදි කළ නවතම මං තීරු, පෙරේදා (01/04) දිනයේදී මහජනතාව සඳහා විවෘත කෙරුණි.

ඒ අනුව Flemington මාර්ගය සහ West Gate Freeway අතර ප්‍රදේශයේ කිලෝ මීටර් 9ක් පමණ වන තෙක් අමතර මං තීරු මෙසේ විවෘත කෙරුණු අතර Bolte පාලම ආශ්‍රිතව අමතර එක් මං තීරුවක් බැගින් දෙදිශාවටම දිව යන මං තීරු විවෘත කළේය.

රියදුරන්ගේ පහසුව උදෙසා එම කලාපය තුළ මෙල්බන් හි ප්‍රථම වතාවට freeway management system හෙවත් freeway පාලන පද්ධතියක් ක්‍රියාත්මක කර තිබේ.

අප්‍රේල් 01 වන දින සිට මෙල්බන් CityLink හි ඔබට දැකගැනීමට හැකි වෙනස්කම් මොනවාද ?

  • තුනක් වෙනුවට දෙදිශාවටම දිව යන මං තීරු 4 බැගින් තිබීම.
  • වේග සීමාවන් පැයට කිලෝ මීටර් 80 පවත්වාගෙන යාම.
  • හදිසි මං තීරු ඉවත් කිරීම.
  • මං තීරු වලට සමගාමීව ඉහළ ඇති ඩිජිටල් පුවරු මගින් මාර්ගයේ සිදු වන සහ සිදු වූ වෙනස්කම්, සැණින් රියදුරන් හට දැනුම් දීම.
  • අදාළ ප්‍රදේශයේ CCTV කැමරා ක්‍රියාත්මක වන අතර මාර්ගයේ සිදුවන අනතුරු වලට එය ක්ෂණිකව පිළිතුරු සපයයි.

තවත් විශාල වැඩ කොටසක් නිම කිරීමට තිබේ.

  • Bolte පාලමේ සිට Power වීදිය දක්වා සිදු කෙරෙන  තත්ත්වය ඉහළ දැමීමේ ක්‍රියාවලිය 2017 වසරේ අග භාගය වන විට අවසන් වන අතර නවතම මං තීරු සහ  smart තාක්ෂනය රියදුරන් හට අලුත් අත් දැකීමක් එක් කෙරෙනු ඇත.
  • Bolte පාලමේ සිට Burnley උමග දක්වා අමතර මං තීරු එක් කිරීම මගින් දීර්ඝ රථ වාහන තදබදයක් ඇතිවීම වලක්වා ලයි.
  • ඉදිරියේදීත් ඇතැම් මාර්ග අලුත්වැඩියා කටයුතු සඳහා මෙල්බන් නුවර ප්‍රධාන freeway මාර්ග තාවකාලිකව කෙටි වේලාවකට වසා දැමීමට CityLink කටයුතු කරනු ඇති අතර ඒ සියලු තොරතුරක්ම CityLink වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now