SKIP TO MAIN CONTENT

2013 සහ 2014 වසර වල ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා හේතු විමර්ශන වාර්තාව එළි දකී. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ සඳහා හේතු ස්ත්‍රී පුරුෂ භාවය මත කලින් කලට වෙනස් වේ.

Causes of death 2013 and 2014 revisions released by ABS.
Source: Thinkstock Images

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙම සොයාගැනීම් දත්ත සඳහා යොදාගෙන ඇත්තේ 2015 වසරේ දී ලියාපදිංචි ඔස්ට්‍රේලියානු මරණ 159,052 ක් ආශ්‍රිත තොරතුරුය.

ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා බලපාන ප්‍රමුඛතම හේතු

ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ සඳහා හේතු ස්ත්‍රී පුරුෂ භාවය මත කලින් කලට වෙනස් වේ.

දිමෙන්ශියාව

ඔස්ට්‍රේලියාවේ සිදු වන මරණ සඳහා බලපාන ප්‍රධනතම හේතු ත්‍රිත්වයෙන් එකක් ලෙස දිමෙන්ශියා රෝගය හැඳින්වේ.

මෙය ඔස්ට්‍රේලියාවේ මරණ අනුපාතිකය වැඩි කිරීමටද හේතු වී තිබේ.

20 වන සියවසේ මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුව හෘදය රෝග වූ නමුත් එළඹෙන වසර කිහිපය තුළ එම ස්ථානයට දිමෙන්ශියා රෝගය පත්වනු ඇති බව දැක්විය හැකිය.

දියවැඩියාව.

ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා බලපාන හේතු අතරින් දියවැඩියාව සය වන ස්ථානයේ පසුවෙයි.

2015 වසරේ දියවැඩියාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මුළු මරණ ප්‍රමාණයෙන් 2.9% කි.

කෙසේනමුත්, සමස්ත මරණ ප්‍රමාණයෙන් 10% කට දියවැඩියාව දායකත්වයක් සපයන බව පැවසේ.

පිළිකා රෝග

2015 වසරේදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 30% ක් සඳහා පිළිකා රෝග හේතුවූ බව සොයාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන්ම බඩවැල් පිළිකා ආශ්‍රිතව මරණ සිදු වන බව අනාවරණය වී ඇත.

ඔස්ට්‍රේලියාවේ සිදුවන සිය දිවි නසා ගැනීම්.

ඔස්ට්‍රේලියාව තුළ සිදු වන මරණ සඳහා තවත් ප්‍රධාන හේතුවක් ලෙස සිය දිවි නසා ගැනීම් දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය දක්වයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now