Breaking News : ඔස්ට්‍රේලියාවේ 457 වීසා අහෝසි කරයි. අගමැති ටර්න්බුල්ගෙන් විශේෂ ප්‍රකාශයක්. (SBS සිංහල/වාර්තා)

විදේශ ශ්‍රමිකයින් හට ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට අවස්තාව සැලසෙන 457 වීසා වැඩසටහන නුදුරු අනාගතයේදී අහෝසි කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කර සිටියි.

Australian 457 visa program

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කෙරෙන 457 වීසා ඉදිරියේදී අහෝසි කරන බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අද (18/04) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියාව ලොව සාර්ථකම බහු සංස්කෘතික ආගමන ජාතියක් නමුත් ඔස්ට්‍රේලියානුවන් පළමු තැන තැබීමට කාලය එළඹ ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

"ලොව වඩාත්ම සාර්ථක බහු සංස්කෘතික ජාතිය ඔස්ට්‍රේලියාවයි. අප සංක්‍රමණිකයින්ගෙන් සැදුම් ලත් ජාතියක්. නමුත් ඔස්ට්‍රේලියානු රැකියා සඳහා ඔස්ට්‍රේලියානුවන් හට ප්‍රමුඛතාව ලබා දිය යුතු කාලය එළඹිලා." ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද (18/04) සිය නිල Facebook පිටුවේ වීඩියෝවක් මගින් ප්‍රකාශ කළේය.

"රැකියා කිරීම සඳහා ඔස්ට්‍රේලියාව තුළට පැමිණීමට 457 වීසා සඳහා අප තවත් ඉඩ දෙන්නේ නැහැ." යනුවෙන්ද ඔහු පැවසීය.

නිපුණතා ශ්‍රමිකයින් හට ව්‍යාපරික අවස්ථා ලබා දීමට එය තීරණාත්මක බවද අගමැතිවරයා පවසා තිබුණි.

"ජාතික වශයෙන් වැදගත්වූ අවශ්‍යතා මත පදනම්ව විශේෂිතවූ නවතම තාවකාලික වීසා වර්ගයකින් 457 වීසා ආදේශ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ ඇතුළත්ව නියම නිපුණතා හිඟය ඉලක්ක කරගනිමින් මෙම නව වීසා ඛාණ්ඩය හඳුන්වා දීමට නියමිතයි." අගමැති ටර්න්බුල් වැඩි දුරටත් පැවසීය.

සේවා පළපුරුද්ද, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය සහ ශ්‍රම වෙළෙඳ පොළේ තත්ත්වය යන අවශ්‍යතා නව වීසා වැඩසටහන සඳහා ඇතුළත් බව සඳහන්.

නව පුහුණු අරමුදලක්ද ආරම්භ කිරීමට සැලසුමක් ඇති බවට ද අගමැතිවරයා නිවේදනය කර සිටියේය.

 ****************************************************************************************************

SBS සිංහල සේවය -  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා

 

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

****************************************************************************************************

 


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now