නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කරන ක්‍රමවේදයේ වෙනසක් (SBS සිංහල/ වාර්තා)

2021 නොවැම්බර් 01 සිට සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම සහ එම අයදුම්පත්වලට අදාළ සාක්ෂි යොමු කිරීම online ක්‍රමයට සිදුකළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Changes announced to lodgement arrangements for Australian citizenship from 1 November

Source: AAP

සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ විධිවිධාන සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සනාථ කිරීමේ සාක්ෂිවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම සංශෝධන 2021 නොවැම්බර් 01 සිට බලාත්මක කෙරේ.


Highlights

  • 2021 නොවැම්බර් 01 සිට සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම online ක්‍රමයට සිදුකළ යුතුය.
  • ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සනාථ කිරීමට අදාළ සාක්ෂි ලබාගැනීම පිණිස අයදුම් කිරීමද online ක්‍රමයට සිදුකළ යුතුය.
  • ස්ථිර පදිංචි ලාභීන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රමයට මෙම සංශෝධන අදාළ නොවේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී සිදු කෙරෙන සංශෝධන

2021 නොවැම්බර් 01 සිට සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම සහ ඒ පිළිබඳ සනාථ කිරීමට අදාළ සාක්ෂි ලබාගැනීම පිණිස අයදුම් කිරීම  online ක්‍රමයට සිදුකළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඒ සඳහා ඔබට ImmiAccount එකක් තිබිය යුතු වන අතර එය හරහා ඔබට අයදුම්පත මෙන්ම අදාළ සාක්ෂි යොමු කළ හැකිවේ.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් පැවති කඩදාසි අයදුම්පත් 2021 නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරන බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් සැපිරිය යුතු සුදුසුකම් හා අවශ්‍යතා මෙන්ම අයදුම්පත් ගාස්තු නොවෙනස්ව පවතින බවද ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරන බොහෝ අයදුම්කරුවන් දැනටමත් online හරහා අයදුම් කරයි.

An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day in Brisbane, Thursday, Jan. 26, 2017. (AAP Image/Dan Peled) NO ARCHIVING
An Australian citizenship recipient holds his certificate during a citizenship ceremony on Australia Day. Source: AAP

Online අයදුම් කිරීමේ ගැටළු ඇති අයට විකල්ප

Online අයදුම් කිරීමේ ගැටළු ඇති අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විකල්පයක්ද සූදානම් කර තිබේ.

2021 නොවැම්බර් 1 වන දින සිට එක් එක් අයදුම්පතේ ස්වභාවය පිළිබඳ සලකා බලා දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා කඩදාසි අයදුම්පත්‍රයක් පුද්ගලිකව කෙරෙන ඉල්ලීම් මත ලබා දෙනු ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා online හරහා අයදුම් කිරීමේදී යම් බාධාවන් ඇතිනම් 2021 නොවැම්බර් 1 වන දින සිට ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයින් සහ ඔස්ට්‍රේලියානු නීති වෘත්තිකයන් වැනි නීත්‍යානුකූල සංක්‍රමණ සේවා සපයන්නන් හටද දෙපාර්තමේන්තුවෙන් කඩදාසි අයදුම්පත්‍ ඉල්ලා සිටිය හැකිය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳ සනාථ කිරීමට අදාළ සාක්ෂි ලබාගැනීම පිණිස අයදුම් කිරීමට අදාළ කඩදාසි අයදුම්පත්‍ 2021 ඔක්තෝබර් 31 තෙක් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ස්ථිර පදිංචි ලාභීන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රමයට සංශෝධන නැහැ

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභීන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කරන Australian citizenship by conferral ක්‍රමයට කිසිදු සංශෝධනයක් නොමැති බවද ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කඩදාසි අයදුම්පත් මෙන්ම online ආකාරයටද මෙම ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිය.

ImmiAccount එකක් හරහා online අයදුම් කිරීමේ ඇති වාසි

  • අයදුම්පත ඉක්මණින් සලකා බැලීම.
  • ජංගම දුරකථන, ටැබ්ලටය හෝ පරිගණකය ඇතුළු නොයෙක් උපාංග භාවිතා කරමින් online අයදුම් කිරීමට හැකිවීම සහ තම අයදුම්පත තමාටම කළමණාකරණය කරගැනීමට ඇති නම්‍යශීලීභාවය.
  • ගාස්තු ගෙවීමේ පහසුව
  • අයදුම්පතකට අදාළ සාක්ෂි ලේඛන ස්කෑන් කර ඇමිණීමේ පහසුව සහ යොමු කර ඇති අයදුම්පතේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට හැකිවීම.
  • යොමු කළ විගස අයදුම්පත ලද බවට සහතික කළ ලිඛිත පණිවිඩයක් ලැබීම.

Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now