නාවුරු සරණාගත කඳවුරේදී තම දරුවා දුෂණයට ලක්වූ බව පවසමින් මවක් ඕස්ට්‍රේලියානු රජයෙන් වන්දි ඉල්ලා නඩු දමයි.

Rural Australians for Refugees

Rural Australians for Refugees Source: AAP

නාවුරු සරණාගත කඳවුරෙහි සිටින පිරිමි දරුවෙකු කිහිප වතාවක් කඳවුර තුලදී දුෂණයට ලක්ව ඇතැයි හෙළිවීමත් සමඟ සරණාගත පිරිස් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට නොහැකි වීම සම්බන්දව රජයට නැවතත් චෝදනා එල්ල වෙයි. ඉරාන සම්භවයක් ඇති 10 හැවිරිදි මෙම පිරිමි දරුවා වසර 2014 දී කඳවුරේම සිටි වැඩිහිටි සරණාගත පුද්ගලයෙකු අතින් 3 න් වතාවක් දුෂණයට ලක්ව ඇතැයි හෙළිව ඇති බව ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් හෙළිකරනු ලැබ ඇත. මෙම දරුවාගේ මව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

ඔවුහු 2013 වසරේ බෝට්ටු මඟින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර, එවක සිට වත්මන් රජය යටතේ ආරම්භ වුනු Refugee Offshore Process හෙවත් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත සරණාගතයින් රඳවා තැබීමේ ප්‍රතිපත්තිය අනුව නාවුරු දුපතේ පිහිටි සරණාගත කඳවුර වෙත යොමුකරනු ලැබ තිබේ. පසුව මෙම දරුවාගේ මව විසින් මෙම අපහරණය පිළිබඳව පැමිණිලිකොට ඇති අතර ඇය මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයෙන් සහ නාවුරු සරණාගත මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය යන දෙපිරිසම වෙතින් නිසි ආරක්ෂාව සැපයීමට නොහැකිවීම යන කාරණාව මූලික කොට ගෙන වන්දි ඉල්ලා නඩු පවරනු ලබා ඇත. මෙම පැමිණිල්ලෙන් අනතුරුව මව සහ මෙම දරුවා නාවුරු සරණාගත කඳවුරේ සිට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට අයත් ක්‍රිස්මස් දුපතේ පිහිටි සරණාගත කඳවුර වෙත මාරුකරනු ලැබ තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලය, ඕස්ට්‍රේලියානු රජය සහ නාවුරු සරණාගත මධ්‍යස්ථාන භාර කාර්ය මණ්ඩල හට මෙහි චෝදනාව එල්ලවන බව අපහරණයට ලක්වුණු දරුවා වෙනුවෙන් පෙනීසිටින නීතිඥයෝ පවසති.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News, SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now