Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 - ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සුපිරි දස්කම් මෙන්න SBS සිංහල වෙතින්

Weightlifting - Commonwealth Games Day 2

competes during the Weightlifting **** on day two of the Gold Coast 2018 Commonwealth Games at Carrara Sports and Leisure Centre on April 6, Source: Getty Images AsiaPac

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් සහ එක්  රිදී පදක්කමක් හිමි කරදෙන්නට සමත්වී තිබේ. ඒ අනුව සමස්ත පදක්කම් තුනක් සමගින් ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් සටහනේ 21 වන ස්ථානයේ රැඳී සිටි.

පිරිමි කිලෝ ග්‍රෑම්  56 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරදෙන්නට චතුරංග ලක්මාල් සමත් වූ අතර, කාන්තා  කිලෝ ග්‍රෑම්  48 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගන්නට හංසනී ගෝමස් ක්‍රීඩිකාව සමත් විය. අනතුරුව පිරිමි කිලෝ ග්‍රෑම්  69 බර පංතිය  යටතේ තරග බිමට පිවිසි ඉන්දික දිසානායක හට එම ඉසව්වේ රිදී පදක්කම හිමි විය.

2006දී චින්තන ලබා දුන් ආරම්භය ....

Chinthana Geethal Vidanage
Chinthana Geethal Vidanage Source: Chinthana

මෙවර බර ඉසිලීමේ තරග වල ශ්‍රී ලංකාවේ ඉහල පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන ගීතාල් විදානගේ පිරිමි කිලෝ ග්‍රෑම්  77 බර පංතිය  යටතේ තරග වැදුණු අතර එහිදී ඔහුට හිමි වුයේ පස් වැනි ස්ථානයයි. 2006 වස‍රේ මෙල්බර්න් නුවරදී පැවති  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝග්‍රෑම් 62 බර පංතියේ  රන් පදක්කම හිමි කරගන්නට චින්තන සමත් වූ අතර පසුව 2010 නවදිල්ලි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම් චින්තනට හිමි විය. එදා 2006 වසරේ චින්තන බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල ආරම්භ කල රිද්මය අදටත් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල පවත්වාගන්නට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම ප්‍රසංශනීය කරුණක්. එමෙන්ම ශ්‍රී ලංකා බර ඉසිලීමේ ජාතික පුහුණු කරු R B වික්‍රමසිංහ මහතා ඇතුළු පුහුණු කරුවන්ගේ මෙහෙයද මෙහිදී විශේෂයෙන් සිහිපත් කල යුතුයි.

ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරනිගෙන් ඉහල දස්කම්

20 හැවිරිදි ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා  මෙත්සරනි මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළග  අවසන් තරගය (Plate Finals ) දක්වා සුදුසුකම් ලබන්නට සමත් වූ අතර, පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලාංකික ස්කොෂ් ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් දක්වා ඇති ඉහලම දක්ෂතාවය මෙය බවත් සදහන්. මිහිලියා  මෙහිදී නවසීලන්තය, බාබඩෝස්, ගුයානා සහ කෙන්යා  යන රටවල ක්‍රීඩිකාවන් පරාජයට පත් කරන්නට මෙහිදී සමත් වූ අතර, පළග  අවසන් තරගයේදී බාබඩෝස් ක්‍රීඩිකා Meagan BESTහමුවේ 3-1ක් ලෙස පරාජයට පත් විය.

උසපැනීමේ ක්‍රීඩක මංජුල කුමාර අවසන් වටයට

මංජුල කුමාර උසපැනීමේ ඉසව්වේ මුලික වටයේ තරග වලට ඊයේ (අප්‍රේල් 09 දා ) සහභාගී වූ අතර එහිදී අවසන් වටය දක්වා සුදුසුකම් ලබන්නට ඔහු සමත් විය. හෙට (අප්‍රේල් 11 දා ) රාත්‍රී 08:05ට (බ්‍රිස්බේන් වේලාවෙන් ) උසපැනීමේ  අවසන් වටය Carrara ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිතයි.

බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉහල දස්කම්

Sri Lanka boxer Anusha
Source: NOC Sri Lanka

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා  කොඩිතුවක්කු කාන්තා  කිලෝග්‍රෑම් 45-48 බරපන්තියේ අවසන් පුර්ව වටයට සුදුසකම් ලබන්නට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා බොක්සිං  ඉතිහාසයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

මේ අතර ශ්‍රී ලංකා බොක්සිං  ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර ඊයේ (අප්‍රේල් 09 දා )දිනයේදී කිලෝග්‍රෑම් 52 බර පන්තියේ මුලික වටයේ තරගයකින් නාරු  දේශයේ Yachen Cook  පරාජය කරමින් අර්ධ අවසන් පුර්ව  වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.

තවද ශ්‍රී ලංකා බොක්සිං  ක්‍රීඩිකා කේෂානි හංසිකා කිලෝග්‍රෑම් 57 බර පංතියේ   අර්ධ අවසන් පුර්ව  වටය යටතේ අද (අප්‍රේල් 10 දා )නවසිලන්ත ක්‍රීඩිකා Alexis Pritchard සමග තරග වැදීමට නියමිතයි.

මීට අමතරව තිවංක රණසිංහ පිරිමි කිලෝග්‍රෑම් 46-49kg බර පන්තියේ අර්ධ අවසන් පුර්ව තරගයකට අද (අප්‍රේල් 10 දා )මුහුණ දීමට නියමිත අතර, දනිදු විදානලගේද පිරිමි කිලෝග්‍රෑම් 64 බර පංතියේ අර්ධ අවසන් පුර්ව තරගයකට අද (අප්‍රේල් 10 දා )මුහුණ දීමට නියමිතයි.

බොක්සිං  ක්‍රීඩිකා දුලානි ජයසිංහ කිලෝග්‍රෑම් 51 බර පංතිය අර්ධ අවසන් පුර්ව වටය යටතේ හෙට (අප්‍රේල් 11 දා )  කෙන්යානු ක්‍රීඩිකාවක් සමගින් තරග වැදීමට නියමිත අතර, ඉෂාන් බණ්ඩාර  කිලෝග්‍රෑම් 52 බර පන්තියේ අර්ධ අවසන් පුර්ව වටය යටතේ ලෙසතෝ ක්‍රීඩකයෙකු සමගින් තරග වැදීමට නියමිතව තිබේ.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now