වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද කොරෝනා ආසාදිතයින් නැවතත් ක්‍රමිකව ඉහළ යන අයුරක් පෙනෙන්නට තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 13 ක් වාර්තා වී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට
ඊයේ දිනයේදී පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාවන් 16,000 ක් පමණ සිදු කළ බවත් ඒවායින් ආසාදිතයින් 13 දෙනෙකු තහවුරු කරගත් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
Wetherill Park හි පිහිටි Stockland Mall හි Thai Rock අවන්හල ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් 10 දෙනෙකු ඒ අතර සිටිති.
තවත් ආසාදිතයින් දෙදනෙකු Casula හි පිහිටි Crossroads හෝටලය ආශ්‍රිතව ඇති කොරෝනා පොකුර හා සම්බන්ධ බවත් වාර්තා වේ.
ඒ සමග එම පොකුරට සම්බන්ධ මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ මුව ආවරණ පැළඳීම
පුද්ගල දුරස්ථභාවය රැකීමට නොහැකි පොදු ස්ථාන වල මෙන්ම නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම මෙල්බර්න් වැසියන්ට ජූලි 22 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය වේ.
නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ එම නීතිය බලාත්මක කිරීමට තවම අදහසක් නොමැති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අද (21/07) පැවසුවාය.
නමුත් පුද්ගල දුරස්ථභාවය රැකීමට නොහැකි පොදු ස්ථාන වල මුව ආවරණ පළඳින ලෙස ඇය ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටියාය.
පුද්ගල දුරස්ථභාවය රැකීම ඉතා වැදගත් වන බවත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වල යෙදීමෙන් වැළකී සිටින ලෙසත් ඇය තම ප්‍රාන්ත වාසීන්ට දැනුම් දුන්නාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
"මේ මොහොතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය සහ මා කනස්සල්ලට පත්වන්නේ අවන්හල්, හෝටල් වැනි ස්ථානවලට ඇතුළු වන විට මිනිසුන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳවයි, ඔබ ආහාර ගන්නා විට මුහුණු ආවරණයක් පැළඳිය නොහැකියි. මේ මොහොතේ විශාලතම අවදානම ඇත්තේ එතැනයි" යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
මේ අතර ඉදිරි සති කිහිපය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන් පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස රැකියහොත් කොරෝනා වයිරසය යළි පැතිරීම පාලනය කිරීමට අවස්ථාවක් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය සහතික කිරීමට අපොහොසත් වුවහොත් අවන්හල්, හෝටල් වැනි ස්ථාන වලට විශාල දඩ මුදල් වලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඇය අනතුරු ඇඟවූවාය.

කොරෝනා රෝගීන් ගේ වත්මන් තත්ත්වය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් වල මේ වන විට කොරෝනා රෝගීන් 90 කට ප්‍රතිකාර කරන බව වාර්තා වේ.
එයින් රෝගීන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සඳහන්.
එම දෙදෙනාගෙන් එක් අයෙකු වයස අවුරුදු 30 පසුවන පුද්ගලයෙකි.
මේ අතර ජූලි 15 සිට 17 දක්වා Harris Park හි පිහිටි Our Lady of Lebanon දේවස්ථානයට ගිය පිරිස් සිටී නම් ඔවුන්ට දින 14 ක් වහාම ස්වයං නිරෝධායනය වන මෙන් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය දන්වා සිටියි.
මේ අතර ලබන සතියේ සිඩ්නි නුවර පැවැත්වීමට සැලසුම් කර ඇති Black Lives Matter විරෝධතාවට සහභාගී නොවන ලෙස නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් Mick Fuller ඊයේ (20/07) දිනයේදී මහජනතාවට අනතුරු ඇඟවීය.


