ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිලාභී ශ්‍රී ලාංකිකයෙක්ද? එසේනම් ලංකාවට යනවිට ඔබ දැනගත යුතු කරුණු ගැන SBS සිංහල සේවයෙන් ඔබට අත්වැලක්

Australian Border Force

Source: AAP

පිටරටවල සංචාරයේ යෙදෙන ඔස්ට්‍රේලියානුවන් දැනුවත් කිරීමට,  ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව විසින් smartraveller.gov.au නම් වෙබ් අඩවිය පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු ට වුවද, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් හිමි අයකුට වුවද වැදගත් වන කරණා පහත විස්තර කෙරෙයි. 


 SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese  


ශ්‍රී ලංකාවට ඇතුළුවීම හා පිටවීම සම්බන්ධයෙන් වැදගත් වන කරුණු

වීසා

ඔබ ද්විත්ව පුරවැසිභාවය හිමි නැති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පමණක් හිමි අයකු නම්, ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර ඔබට වීසාවක් ලබාගැනීමට සිදු වෙයි. තමන්ගේ සංචාරයේ අපේක්ශාවන් ගැළපෙන වීසාවක් සඳහා ඔබට http://eta.gov.lk/slvisa/ වෙබ් ලිපිනයෙන් අයැදුම් කල හැකියි.

ඔබට වීසා සම්බන්ධව හෝ එහි කොන්දේසි පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ විය යුතුයි. මහ කොමසාරිස් කාර්යාලයේ විස්තර https://protocol.dfat.gov.au/Public/Missions/186 වෙබ් ලිපියෙන් ලබා ගත හැකියි.

 

ඔබ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු නම්, නිතරම ඔස්ට්‍රේලියාවෙන් පිටවී යාමේ දී හා ඇතුළුවීමේ දී ඔබගේ ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය භාවිතා කිරීමට smartraveller.gov.au වෙබ් අඩවිය නිර්දේශ කරයි.

Australian passport
Source: Getty Images

විදේශ ගමන් බලපත්‍රය

ඔබගේ ගමන් බලපත්‍රය, නැවත පැමිණීමට අපේක්ෂිත දින සිට අවම වශයෙන් මාස හයක කාලයක් සඳහා වලංගුව තිබිය යුතුයි.

කිසියම් හෝ හේතුවක් මත ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවී හෝ සොරකම් කර තිබේ නම් හැකි ඉක්මනින් ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය දැනුවත් කල යුතුයි. මෙය ඔස්ට්‍රේලියාව තුල දී සිදු වුවහොත්, The Australian Passport Information Service හෙවත් ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සේවය 131 232 ඔස්සේ ඇමතිය යුතුයි. ඔස්ට්‍රේලියාවෙන් පිටත දී සිදු වුවහොත්, ළඟම ඇති ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය යුතුයි. ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පිළිබඳ විස්තර  https://dfat.gov.au/about-us/our-locations/missions/Pages/australian-high-commission-sri-lanka.aspx වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

ශ්‍රී ලංකාවෙ දී මෝටර් රථ ධාවනය කිරීම.

ඔබ ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රයක් හිමි නැති අයකු නම්, ශ්‍රී ලංකාවෙ තුල දී මෝටර් රථ ධාවනය කිරීමට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයට අමතරව international driving permit හෙවත් අන්තර්ජාතික රියදුරු අවසර පත්‍රයක් අවශ්‍ය වෙනු ඇත. smartraveller.gov.au වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවෙ තුල මාස 3 කට වැඩි කාලයක් රැඳී සිටීමෙන් පසුව මෝටර් රථ ධාවනය කිරීමට ඔබට ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වෙයි.

Law and Order:
Source: Courtesy of MSJ

ශ්‍රී ලංකාවෙදී බලපාන නීති

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි අයකු ශ්‍රී ලංකාව තුල දී අත්අඩංගුවට පත් වුවහොත්, ඔස්ට්‍රේලියානු රජය විසින්  Consular Services Charter යටතේ ලබා දිය හැකි සේවා ලබා දීමට ක්‍රියාත්මක වනු ඇත. කෙසේවුවද ඔස්ට්‍රේලියානු රජයට ඔබව සිරෙන් නිදහස් කිරීමට බලයක් නැති බවද smartraveller.gov.au වෙබ් අඩවිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුල දී නීති විරෝධී මත් ද්‍රව්‍යය ළඟ තබා ගැනීම, භාවිතය හෝ විකිණීම බරපතළ වරදක් වන අතර වරද කරුවන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම පවා නියම විය හැකියි. (දැනට ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත)

මනුෂ්‍ය ඝාතන හා ස්ත්‍රී දූෂණ සඳහා වරදකරුවන් වූ අයට ද ශ්‍රී ලංකාවෙ දී මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම නියම විය හැකියි.(දැනට ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත)

සමහර ඔස්ට්‍රේලියානු නීති, විදේශ රටවල දී ද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි අයට අදාළ වේ. smartraveller.gov.au වෙබ් අඩවියට අනුව එම නීති ඇතුළත් පැති වනුයේ,

  • විදේශ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීම
  • බාලවයස්කරුවන් ඇතුළත් අසභ්‍ය දර්ශන පරිහරණය
  • බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හී යෙදීම
  • කාන්තාවන්ගේ ලිංගික අවයව විකෘති කිරීම 
  • මුදල් විශුද්ධිකරණයය
  • ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදීම
ඔස්ට්‍රේලියානු පුරවැසි ලභියෙකුට, ඔස්ට්රේලියාවේ සිට වෙනත් රටකට සහ වෙනත් රටක සිට ඔස්ට්රේලියාවට අසීමිත මුදල් ප්‍රමණයක් ගෙන යා හැකි අතර එම මුදල් ප්‍රමාණයෙහි වටිනාකම AUD 10,000 වැඩි නම් එය ප්‍රකාශ කල යුතු වෙයි. ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය මෙතනින් ලබා ගත හැකියි.

ශ්‍රී ලංකාව තුල සංචාරය කිරීමේ දී සැලකිලිමත් විය යුතු සෞඛ්‍ය කරුණු.

විදෙස් සංචාරයකට පිටත් වීමට පෙර සංචාරක රක්ෂණයක් ලබා ගැනීම ඉතා වැදගත් 

පිටරටක දී ඔබගේ සෞඛ්‍ය සත්කාර සඳහා වැය වෙන ගාස්තු මෙන්ම හදිසි සෞඛ්‍ය තත්වයක දී ඔබව එම රටින් ඔස්ට්‍රේලියාවට නැවත ගෙන ඒමට යන ගාස්තු ද ඔස්ට්‍රේලියානු රජය දරන්නේ නැත. එම නිසා සංචාරක රක්ෂණයක් තිබීම ඉතාමත් වැදගත් කාරණයකි.

සංචාරක රක්ෂණ පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය සපයා ඇති අතිරේක විස්තර කියවීම සඳහා https://smartraveller.gov.au/guide/all-travellers/insurance වෙබ් අඩවිය වෙත  යොමු වන්න.

ඖෂධ

ශ්‍රී ලංකාව තුල, ඔබ ඔස්ට්‍රේලියාවේ දී ලබා ගන්නා ඖෂධ අලෙවි කිරීමට තිබිය නොහැකි විය හැකියි. සමහර ඖෂධ වර්ග ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු ඔබට නිර්දේශ කර තිබුණ ද ශ්‍රී ලංකාව තුල තහනම් ඖෂධ වීමට හැකියි. එම නිසා ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර, ශ්‍රී ලංකාවට ගෙන යා හැකි නීත්‍යනුකූල ඖෂධ වර්ග හා එහි ප්‍රමාණයන් සලකා බැලිය යුතුයි. එසේම නිතරම සංචාරය කරන අතරතුර දී තමන්ගේ ඖෂධ ප්‍රලේඛනය (prescription) ළඟ තබා ගැනීමට ද වග බලා ගත යුතුයි.

ශ්‍රී ලංකාවේ ඇති සෞඛ්‍ය අවදානම්

මදුරුවන් මාර්ගයෙන් බෝවෙන රෝග

2017 වසරේදී ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගීන් 185,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. එසේම චිකුනුුන්යා උණ, ජපන් එන්සෙෆලයිටිස් හා ෆිලියසිස් යන මදුරුවන් මාර්ගයෙන් බෝවෙන රෝග වාර්තා වී ඇත.

ඔබ ශ්‍රී ලංකාව තුල දී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කලහොත්, වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

එසේම සමහර අවස්ථාවල දී උණ සන්නිපාතය, සෙංගමාලය, මී උණ සහ ජලභීතිකා වැනි ආහාර, ජලය සහ සතුන් මගින් බෝවෙන රෝග ද ශ්‍රී ලංකාවේ සුලබයි.

මෙම බෝවෙන රෝග වළක්වා ගැනීමට නිර්දේශ කරනුයේ,

  • සෑම විටම අත් සබන් ගා සේදීම වැනි යහපත් සනීපාරක්ෂිත පුරුදු පවත්වා ගැනීම
  • පිරි පහදු කල පානීය ජලය හෝ බෝතල් කල පානීය ජලය පමණක් බීමට ගැනීම
  • නිසි ලෙස පිලියල නොකල ආහාර  ගැනීමෙන් වැළකී සිටීම
  • නුහුරු සත්වයින් ස්පර්ශයෙන් වැළකී සිටීම 

හදිසි තත්වයක දී සහය ලබාගත හැකි ආකාර

 ශ්‍රී ලංකාවේ හදිසි සේවා දුරකථන අංක

  • හදිසි සෞඛ්‍ය සේවා සඳහා: 110 හෝ කොළඹ දී 011 269 1111
  • පොලීසිය සඳහා: 119
  • ගිනි නිවන සේවය සඳහා: 110
Fire and ambulance service Sri lanka
Source: Colombo Municipal Council

ඔස්ට්‍රේලියානු රජය විසින් හදිසි තත්වයක දී ලබා දිය හැකි උපකාර Consular Services Charter  යටතේ විස්තර කර තිබෙයි. එම සේවාවන් ලබාගැනීමට ඔබ කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ විය යුතුයි. 

  •  ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලිපිනය

      21, ශ්‍රීමත් ආර්.ජී.සේනානායක මාවත, කොළඹ 07

      දුරකථන අංකය: 011 246 3200

      Fax අංකය: 011 268 6453

      ඊ-මේල් ලිපිනය: consular.colombo@dfat.gov.au

      වෙබ් අඩවිය: srilanka.embassy.gov.au

 


හදිසි තත්වයක දී ඔබට ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වීමට නොහැකිනම්, පැය 24 පුරා ක්‍රියාත්මක කැන්බරා නුවර පිහිටි හදිසි තානාපති සේවා මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවෙන් පිටත දී +61 262 613 305 ඔස්සේ හෝ ඔස්ට්‍රේලියාව තුල දී 1300 555 135 ඔස්සේ ඇමතීමට හැකියි.


ඔබගේ සංචාරයේ ගමන් විස්තරය ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව සමග ලියාපදිංචි කිරීම තුළින්, සංචාරක ගමනාන්තයට අදාළ නවතම උපදෙස් සහ තොරතුරු ඔබගේ ඊ-මේල් ලිපිනයට ම ලබා ගත හැකියි. මේ සඳහා ලියාපදිංචි වීමට මෙතනින් යොමු වන්න.

 

************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි)

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************


6 min read

Published

Updated

By Gamidu Agampodi



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now