ඔස්ට්‍රේලියාවෙන් පිටව යන්නට නියෝග ලැබුණත් ස්ථිර පදිංචිය ලබා ගැනීමට තවමත් සටන් කරන ශ්‍රී ලාංකේය පවුලක කතාව. (SBS සිංහල/වාර්තා)

“මගේ ගෙදර දැන් මට හිර ගෙයක් වගෙයි. මගේ බිරිඳ සහ දරුවාව බලාගන්න නිසා මම ගෙදරටම හිර වෙලා. මගේ පුතාට අඩුම තරමේ සෙල්ලම් බඩුවක්වත් නැහැ.” යනුවෙන් ඔහු තම තත්ත්වය පැහැදිලි කළේය.

Refugees could be sent back to countries where they face persecution under proposed new laws

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමේ බලාපොරොත්තු සුන්වූ ශ්‍රී ලාංකේය පවුලක් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ, මෙල්බන් හි Noble Park ප්‍රදේශයෙන් වාර්තා වේ.
Herald Sun පුවත් පතට අනුව 39 හැවිරිදි එරන්ද රණසිංහආරච්චිගේ මහතා සහ ඔහුගේ බිරිය මෙන්ම මාස 16 ක් වයසැති ඔවුන්ගේ කුඩා පුතණුවන් හට සති කිහිපයක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
රණසිංහආරච්චිගේ මහතා 2007 වසරේදී තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ hospitality ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරා Braeside ප්‍රදේශයේ පිහිටි McDonald’s අවන්හලේ කළමණාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

නමුත් ඔහුගේ බිරිඳ මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙළීම හේතුවෙන් ඇයව රෝහල් ගත කිරීමට සිදුවී ඇති අතර බිරිඳව සහ තම කුඩා පුතණුවන්ව රැකබලා ගැනීමට ඇති හෙයින් 2016 මාර්තු මස ඔහුට තම රැකියාවෙන් ඉවත් වීමට සිදු විය.

ඉන් අනතුරුව තම පවුල විශාල ආර්ථික අර්බුදයකට ඇදවැටුණු බව රණසිංහආරච්චිගේ මහතා පැවසීය.

“මගේ ගෙදර දැන් මට හිර ගෙයක් වගෙයි. මගේ බිරිඳ සහ දරුවාව බලාගන්න නිසා මම ගෙදරටම හිර වෙලා. මගේ පුතාට අඩුම තරමේ සෙල්ලම් බඩුවක්වත් නැහැ.” යනුවෙන් ඔහු තම තත්ත්වය පැහැදිලි කළේය.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සහභාගී වන Boronia ප්‍රදේශයේ පැවති දිවාලි උත්සවය නිමිති කරගත් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීම සඳහා එහි සංවිධායකවරයෙකුගෙන් රණසිංහආරච්චිගේ මහතා හට ආරාධනාවක් ලැබී ඇත.

ලිබරල් පක්ෂය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ ටිකට් පතක් ඩොලර් 5000 ක් පමණ වන බව එහි සංවිධායකවරයෙක් වූ ලිබරල් පක්ෂ සාමාජික වාසන් ශ්‍රීනිවාසන් පවසා ඇත. ඩොලර් 5000 ක ටිකට් පතක් මිලට ගතහොත් රණසිංහආරච්චිගේ මහතා හට Peter Dutton අමාත්‍යවරයාගේ ළගින්ම ආසනයක් ලබා ගත හැකි බවත් ශ්‍රීනිවාසන් පැවසූ බව රණසිංහආරච්චිගේ මහතා පවසා තිබේ.

එසේ ආසනයක් ලබා ගතහොත් අමාත්‍යවරයාට ළගින් හිඳගෙනම තම ගැටළුව පැවසීමට මේ හරහා අවස්ථාවක් සැලසෙනු ඇති බවට ඔහුට ඒත්තු ගැන්විණි.

නමුත් ඒ වන විටත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා රණසිංහආරච්චිගේ මහතා ඇතුළු සිය පවුල ඩොලර් 25,000 කටත් වඩා මුදලක් වැය කර තිබීම හේතුවෙන් ඩොලර් 5000 ක මුදලක් ටිකට් පතක් සඳහා වැය කිරීමට අපහසු වී ඇත.
ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සමත් විය යුතු ඉංග්‍රීසි භාෂා විභාගය සඳහා පමණක් ඩොලර් 10,000 ක් පමණ ඔවුන් වැය කර තිබුණි.
කෙසේනමුත්, රණසිංහආරච්චිගේ මහතා ඩොලර් 2000 ක මුදලක් වැය කරමින් අදාළ රාත්‍රී භෝජන සංග්‍රහයේ ටිකට් පතක් මිලට ගෙන ඇති අතර එහිදී අමාත්‍ය Peter Dutton හමුවී තමන්ගේ ඛේදවාචකය ඔහු වෙත පවසා ඇත.

ඔවුන්ගේ විස්තරය ඇසු අමාත්‍යවරයා නැවත වරක් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඔවුන්ට අයදුම් කරන ලෙස දන්වා තිබේ.

ඒ සමග ඔවුන්ගේ බලාපොරොත්තු නැවතත් දැල්වෙන්නට විය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට තවත් වියදමක් දරමින් ඔවුන් දෙවැනි අයදුම්පතද යොමු කර ඇති නමුත් ඔවුන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බවට පසුගිය සැප්තැම්බර් මස 05 වන ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් ලැබී තිබේ.

ඒ සමග ඔවුන් හට සති කිහිපයක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙසටද එම පණිවිඩයේ දන්වා ඇත.
“මෙම පණිවිඩය මට දරාගන්න අමාරුයි. අනික මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ පා සිටින මගේ බිරිඳට මේක කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ.” යනුවෙන් රණසිංහආරච්චිගේ මහතා පැවසීය.
මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදී අමාත්‍ය Peter Dutton සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහය  සඳහා ටිකට් පත් අලෙවි කළේ අමාත්‍යවරයාව මුනගස්වන පොරොන්දුව මත නොවන බව එහි සංවිධායක  ලිබරල් පක්ෂ සාමාජික වාසන් ශ්‍රීනිවාසන් පවසා ඇත.

තමන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ හේතුව කුමක්දැයි ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දන්වා නොමැති බවද රණසිංහආරච්චිගේ මහතා පැවසීය.

කෙසේවෙතත්, තම පවුලේ ජීවිතය නැවත ලබා ගැනීම පිණිස තමන් ඇතුළු තම පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ලෙස රණසිංහආරච්චිගේ මහතා නැවත වරක් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් ආයාචනා කර තිබේ.

-----------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-----------------------------------------------------------------------------------------

Share

Published

Updated

By Madhura Seneviratne
Source: Herald Sun

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවෙන් පිටව යන්නට නියෝග ලැබුණත් ස්ථිර පදිංචිය ලබා ගැනීමට තවමත් සටන් කරන ශ්‍රී ලාංකේය පවුලක කතාව. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala