ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය රක්ෂණ පිළිබඳ පළවූ නවතම වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියනුවන්ගෙන් 256,000 ක් පමණ තම දිවියේ කෙදිනක හෝ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගෙන එය නැවත අලුත් නොකර සිටින බව එහිදී හෙළිදරව් විය.

Private health insurance

Source: SBS

නවතම සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානු වාසීන් මිලියනයකගෙන් හතරෙන් එකක් පමණ තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය නැවත අලුත් කර නොමැති බව අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ නොකඩවා සිදු කෙරෙමින් පවතින Roy Morgan සමීක්ෂණයෙන් මේ බව අනාවරණය වී ඇති අතර මේ සඳහා 50,000 ක පමණක් පිරිසක් මුහුණට මුහුණ සාකච්ඡා කරමින් තොරතුරු ලබා ගෙන ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියනුවන්ගෙන් 256,000 ක් පමණ තම දිවියේ කෙදිනක හෝ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගෙන එය නැවත අලුත් නොකර සිටින බව එහිදී හෙළිදරව් විය.

Private health insurance
Source: SBS

නව හා පැරණි දත්ත

2018 වසරේ මාර්තු මස වන විට මිලියනයක පමණ ඔස්ට්‍රේලියනුවන්ගෙන් 256,000 ක් පමණ තම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය නැවත අලුත් නොකර සිටින බව වාර්තා වන අතරම එය ඊට පෙර වසරේ 182,000 ක් පමණ වූ බව Roy Morgan දත්ත විශ්ලේෂක Norman Morris පැවසු බව The Age වෙබ් අඩවිය වාර්තා කරයි.

තමන්ගේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය නැවත අලුත් නොකර සිටීමට ප්‍රධානතම හේතුව එහි මූලික වියදම බවත් ඊට සරිලන ලෙස රක්ෂණ හිමියන්ට ප්‍රතිලාභ සහ වරප්‍රසාද හිමි නොවීම තවත් හේතුවක් බවත් ඔහු පැවසීය.

මෙවර සමීක්ෂණයට සහභාගී වූ තමන්ගේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය නැවත අලුත් නොකර සිටින පිරිසෙන් 53% ක් හේතුව ලෙස දක්වා සිටියේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ අධික වියදම් බවය.

පසුගිය සමයේදී සෞඛ්‍ය රක්ෂණ වල මූලික මුදල 3.95% කින් වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය අනුමත කළ අතර ඒ මගින් 2008 වසරේ සිට සෞඛ්‍ය රක්ෂණ වල මූලික මුදල ක්‍රමිකව 70% කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජාතික සෞඛ්‍ය ආවරණය වන Medicare තමන්ට ප්‍රමාණවත් බව 16% ක් පිරිසක් පවසා තිබේ.

පසුගිය වසරේ ජුනි මාසය වන විට සමස්ත ඔස්ට්‍රේලියවේම රෝහල් ආවරණය ලබා ගෙන ඈති පුද්ගලයින් ප්‍රමාණය 10,000 කින් පමණ අඩුවී ඇති බව Australian Prudential Regulation Authority දත්ත පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now