ලොව ක්‍රියාත්මක විශ්ව විද්‍යාල පිළිබඳ විවිධ සමීක්ෂණ පවත්වන topuniversities වෙබ් අඩවිය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන QS Best Student Cities හෙවත් ලොව හොඳම ශිෂ්‍ය නගර ශ්‍රේණිගත කිරීමේ 2018 ශ්‍රේණිගත කිරීම පසුගිය සතියේ එළි දැක්වීය.
ඒ අනුව 2018 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගරය ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවර තේරී පත්වී ඇති අතර ජපානයේ ටෝකියෝ නුවර දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස නොකඩවා 7 වන වරටත් කිරුළු පැළඳී මෙල්බන් නුවර 2018 වසරේ ලොව තුන්වන හොඳම ශිෂ්‍ය නගරය ලෙස පත්ව ඇත.

2018 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගර
ලන්ඩන් නුවර, ටෝකියෝ නුවර සහ මෙල්බන් නුවර, 2018 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගර ලෙස පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන වලට පත්ව ඇති අතර මෙවර ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට කැනඩාවේ මොන්ට්‍රියල් නුවර තේරී පත්ව ඇති අතර ප්‍රංශයේ පැරිස් නුවර ලොව පස්වන හොඳම ශිෂ්‍ය නගරය ලෙස පත්ව ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර ජර්මනියේ මියුනික් සහ බර්ලින් 2018 වසරේ ලොව හයවන සහ හත්වන හොඳම ශිෂ්‍ය නගර ලෙස තේරී පත්ව ඇති අතර ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර අටවන ස්ථානයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙවර ශ්‍රේණිගත කිරීම් වල 9 වන ස්ථානයට තේරී පත්වන විට දකුණු කොරියාවේ සියෝල් නුවර ලයිස්තුවේ 10 වන තැනට පත්ව ඇත.

ශ්‍රේණිගත කිරීම් වල උපමාන සහ ප්‍රසාද ලකුණු
2018 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගරය ලෙස තේරී පත්ව ඇති ලන්ඩන් නුවර ලබා ඇති මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 482 ක් වන අතර ටෝකියෝ නුවර 479 ක්ද මෙල්බන් නුවර 475 ක්ද ලබා තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා topuniversities වෙබ් අඩවිය විසින් පහත සඳහන් ප්‍රධාන උපමාන (Criteria) 5 යොදාගෙන තිබේ.
- Affordability හෙවත් දරාගැනීමේ ප්‍රතිශතය (ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික)
- Employer Activity හෙවත් උපාධි ලැබීමෙන් අනතුරුව සේවායෝජකත්වයට ඇති අවස්ථාව
- Desirability හෙවත් වාසය කිරීමට, අධ්‍යාපනය ලැබීමට මෙන්ම රැකියා කිරීමට ඇති යෝග්‍යතාව
- Student Mix හෙවත් ශිෂ්‍ය සංයුතිය
- Student View හෙවත් ශිෂ්‍යයින්ගේ දැක්ම
Affordability
හංගේරියාවේ Budapest නුවර මෙවර Affordability අංශයෙන් ප්‍රථම තැනට පත්ව ඇති අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දෙවැනි තැනටද සෞදි අරාබියේ අගනුවර වන රියාද් නුවර තෙවැනි තැනටද පත්ව තිබේ.
Employer Activity
ජපානයේ ටෝකියෝ නුවර මෙවර Employer Activity අංශයෙන් ප්‍රථම තැනට පත්ව ඇති අතර එංගලන්තයේ ලන්ඩන් නුවර දෙවැනි තැනටද ඇමෙරිකාවේ බොස්ටන් නුවර තෙවැනි තැනටද පත්ව තිබේ.
Desirability
කැනඩාවේ ටොරොන්ටෝ නුවර මෙවර Desirability අංශයෙන් ප්‍රථම තැනට පත්ව ඇති අතර ජපානයේ ටෝකියෝ නුවර දෙවැනි තැනටද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තෙවැනි තැනටද පත්ව තිබේ.
Student Mix
2018 වසරේ ලොව විශ්ව විද්‍යාල අතරින් ඉහළම ශිෂ්‍ය සංයුතිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් වාර්තා වන අතර දෙවැනි ස්ථානය සිඩ්නි නුවරට හිමිව තිබේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ශිෂ්‍ය සංයුතිය අංශයෙන් තෙවැනි තැනට පත්ව තිබේ.
Student View
කැනඩාවේ මොන්ට්‍රියල් නුවර Student View අංශයෙන් ප්‍රථම තැනට පත්ව ඇති අතර ජර්මනියේ මියුනික් නුවර දෙවැනි තැනටද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තෙවැනි තැනටද පත්ව තිබේ.

2017 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගර
කැනඩාවේ මොන්ට්‍රියල් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ එංගලන්තයේ ලන්ඩන් නුවර, 2017 වසරේ ලොව හොඳම ශිෂ්‍ය නගර ලෙස පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන වලට පත්ව තිබුණි.
එමෙන්ම 2017 ලොව හොඳම ශිෂ්‍ය නගර ශ්‍රේණිගත කිරීම් වල සිව්වන ස්ථානයට දකුණු කොරියාවේ සියෝල් නුවර තේරී පත්ව තිබු අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලොව පස්වන හොඳම ශිෂ්‍ය නගරය ලෙස 2017 දී පත්විය.
ඒ අනුව ලන්ඩන් නුවර පසුගිය වසරේ සිටි තුන්වැනි ස්ථානයෙන් ප්‍රථම ස්ථානයටද ටෝකියෝ නුවර පසුගිය වසරේ සිටි හත්වන ස්ථානයෙන් දෙවැනි ස්ථානයටද මෙල්බන් නුවර පසුගිය වසරේ සිටි පස්වන ස්ථානයෙන් තුන්වන ස්ථානයටද ඉහළ නැග ඇත.
2017 ශ්‍රේණිගත කිරීම් වල සිඩ්නි නුවරට හිමිව තිබුණේ 13 වන ස්ථානය වන නමුත් මෙවර එය 9 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

