ඔස්ට්‍රේලියාව යනු බහු සංස්කෘතික, බහු ආගමික රටකි. බහු සංස්කෘතිය අතින් ලොව අංක එකේ රට ලෙසද ඔස්ට්‍රේලියාව හඳුන්වයි. විවිධ රටවලට අයත් විවිධ ප්‍රජා කණ්ඩායම් වලින් පැමිණි පිරිස් ඔස්ට්‍රේලියාවේ වාසය කරයි. ඔවුන් තම සංස්කෘතිකාංග මෙන්ම ආගමික ඇදහීම්ද ඔස්ට්‍රේලියානු සමාජයට මුසු කරයි. ඔස්ට්‍රේලියාවේ මෑත කාලීනව වේගයෙන් වර්ධනය වන ආගම් මොනවාද යන්න මෙම ලිපියෙන් දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන ආගම
ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන ආගම ලෙස හින්දු ආගම වාර්තා වේ.
2016 වසරේ ඔස්ට්‍රේලියාවේ ජන හා නිවාස සංගණනයට අනුව හින්දු ආගම ඔස්ට්‍රේලියාවේ 5 වන විශාලතම ආගම ලෙස හැඳින්වෙන අතර ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ බුදු දහම, හින්දු ආගමට ඉදිරියෙන් සිටියි.
වත්මන් ඔස්ට්‍රේලියාවේ හින්දු ධර්මය අදහන පිරිස ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 2.1% ක් පමණක් වුවත් සංක්‍රමණික පිරිස් හේතුවෙන් මෙහි විශාල වර්ධනයක් දක්නට ලැබෙන බව ජනවිකාස විද්‍යාඥ Mark McCrindle පවසයි.
"මීට වසර 30 කට පෙරාතුව ඔස්ට්‍රේලියාවට වැඩි වශයෙන් සංක්‍රමණය වුණේ යුරෝපානු රටවලින් සහ නවසීලන්තයෙන්. නමුත් අද චීනය, ඉන්දියාව, වියට්නාමය යන රටවලින් වැඩි සංක්‍රමණිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා. එනිසා මෙවැනි ප්‍රතිඵලයක් ලැබිලා තිබෙනවා." යනුවෙන් Mark McCrindle වැඩි දුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ 20,000 කව සිටි හින්දුවරුන් වර්ත්මානය වන විට 444,000 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

ක්‍රිස්තියානි ආගමිකයින්ගේ සංඛ්‍යාවේ පහළ වැටීමක්.
පසුගිය පස් වසර තුළ ඔස්ට්‍රේලියාවේ සිටින ක්‍රිස්තියානිවරුන් ගේ ප්‍රමාණය 7% කින් පහත බැස ඇති අතර අනාගමික ප්‍රතිශතය 50% කින් පමණ වර්ධනය වී ඇත.
"ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික රටක් මෙන්ම බහු ආගමික රටක්. තවමත් ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් අදහන ආගම වන්නේ ක්‍රිස්තියානි ආගමයි. නමුත් මෑතක පටන් එහි අගය පහළ බසිමින් පවතිනවා. ඒ අතරේ ක්‍රිස්තියානු නොවන පිරිස් වල වැඩිවීමක්ද අපට දක්නට ලැබෙනවා." යනුවෙන් ජනවිකාස විද්‍යාඥ Mark McCrindle පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ බුදු දහමට ඇති ස්ථානය
2011 වසරේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ බුදු දහම අදහන පුද්ගලයින් 7% කින් වර්ධනය වී තිබේ.
2011 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති සංගණනයේදී බුදු දහම අදහන සංඛ්‍යාව 528,978 ක් ලෙස වාර්තා වුනු අතර 2016 සංගණනයේදී එය 563,674 ක් ලෙස වාර්තා විය.
එයින් 71% ක්ම විදේශ රටවල උපත ලැබූ අය බවද සඳහන්.
එමෙන්ම 2016 වසරේ ඔස්ට්‍රේලියානු සංගණනය ට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් අදහන ආගම් ලැයිස්තුවේ බුදු දහම සිව්වන ස්ථානයේ පසුවෙයි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

