ආසියා - ශාන්තිකර කලාපයේ රටවල් අතරින් සමස්ත බලය හිමි බලවත්ම රාජ්‍ය අතරින් ඔස්ට්‍රේලියාවට හයවන ස්ථානය හිමිවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා ඇති ලෝක දේශපාලන සහ බුද්ධි මණ්ඩල පිළිබඳ ස්වාධීන ප්‍රතිපත්ති සැකසුම් ආයතනයක් වන The Lowy Institute ආයතනය විසින් නම් කරන ලද Asia Power Index හෙවත් ආසියානු බල දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට කලාපයේ හයවන ස්ථානය හිමිවී තිබේ.
මෙම දර්ශකය නිර්මාණය කිරීමේදී ආසියා - ශාන්තිකර කලාපයේ රටවල් 25 ක් ඇතුළත් කරගත් අතර ඊට චීනය මෙන්ම ඇමෙරිකාවද ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇත.
Asia Power Index හෙවත් ආසියානු බල දර්ශකය සැකසීම සඳහා ඒ ඒ රටවල ක්ෂේත්‍ර 8 ක් පිළිබඳව අවධානය යොමු කර ඇති අතර හමුදා හැකියාව, ප්‍රත්‍යස්ථිතිය හෙවත් අර්බ්දයකින් අනතුරුව නැවත නැගී සිටීමේ හැකියාව, ආර්ථික සම්පත්, ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම, අනාගත ප්‍රවණතා, ආර්ථික සම්බන්ධතා, සංස්කෘතික බලපෑම් සහ ආරක්ෂක පද්ධති එම ක්ෂේත්‍ර 8 වේ.

දර්ශකයේ ස්ථාන
මෙවර Asia Power Index හෙවත් ආසියානු බල දර්ශකයට අනුව ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටය.
ඇමෙරිකාව සම්පූර්ණ ලකුණු 85 ක් හිමිකරගනිමින් දර්ශකයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ සුපිරි බලය හිමි රටක් ලෙසිනි.
වත්මන් ලෝකයේ ආන්දෝලනාත්මක රාජ්‍යය ලෙස හැඳින්වෙන චීනය දර්ශකයේ දෙවැනි තැනට පත්ව ඇති අතර ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 75.5 කි.
චීනයද ආසියානු බල දර්ශකයට ඇතුල්වී ඇත්තේ සුපිරි බලය හිමි රටක් ලෙසින් වන අතර මෙවර ආසියානු බල දර්ශකයේ සුපිරි බලය හිමි රටවල් දෙක ලෙස පත්ව ඇත්තේ ඇමෙරිකාව සහ චීනය පමණි.
මෙහිදී තුන්වන ස්ථානය ලකුණු 42.1 ක් හිමිකරගත් ජපානයටත් ලකුණු 41.5 ක් හිමි කරගත් ඉන්දියාව දර්ශකයේ සිවාන ස්ථානයටත් පත්ව ඇත.
රුසියාව ලකුණු 33.3 ක් ලබා පස්වන තැනටත් ඔස්ට්‍රේලියාව ලකුණු 32.5 ක් ලබා හයවන තැනටත් පත්ව ඇත.
ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ 20 වන ස්ථානය වන අතර හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 7.6 කි.

ඔස්ට්‍රේලියාවේ ස්ථානය
සමස්ත ආසියානු බල දර්ශකයේ ඔස්ට්‍රේලියාවට හයවන ස්ථානය හිමිවුවද ආරක්ෂක පද්ධති අතින් දෙවැනි ස්ථානයද ආර්ථික සම්පත් අතින් 9 වන ස්ථානයද සංස්කෘතික බලපෑම් අතින් 7 වන ස්ථානයද ඔස්ට්‍රේලියාවට හිමිව තිබේ.
මේ අතර හමුදා හැකියාවන් අතින් ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ නව වන ස්ථානය වේ.
කෙසේවෙතත්, ආසියා ශාන්තිකර කලාපයේ තවමත් වැඩි බලය ඇත්තේ ඇමෙරිකාවට බවත් චීනය නුදුරේදීම ඔවුන්ට අභියෝගයක් වන බවත් Lowy Institute හි ආසියානු බල දර්ශක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ Hervé Lemahieu පැවසීය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

