ඔස්ට්‍රේලියාවේ සමාගම් වෙත විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ නීති තවත් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක යම් සමාගමක් විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමට අවම වශයෙන් සති හතරකට පෙර එම පුරප්පාඩු පිළිබඳ දේශීයව ප්‍රචාරණය කළ යුතු බවට නව නීතියක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටියි.
මෙහි ප්‍රතිපලයක් ලෙස අදාළ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් පමණක් විදෙස් ශ්‍රමිකයෙකු බඳවා ගැනීමට අදාළ සමාගමට අවසර ලැබේ.

සෙනට් සභාවේ අනුමැතිය
පසුගිය සතියේ මේ යෝජනා සෙනට් සභාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී සංශෝධන සහිතව එම යෝජනා අනුමත වූ බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් ශ්‍රමිකයින් මෙරට රැකියාවක් සඳහා ගෙන්වා ගැනීමට පෙර එම රැකියාව පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ සති හතරක කාලයක් ප්‍රචාරණය කළ යුතු වේ.
ඊට සුදුසු පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාව තුළදී සොයා ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් Temporary skills shortage visa යටතේ විදෙස් ශ්‍රමිකයෙකු එම රැකියාවට ගෙන්වා ගැනීමට අවසර ලැබේ.
මෙමගින් ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන පුද්ගලයින් හට ඇති රැකියා ප්‍රශ්නයට සෘජු විසඳුමක් ලැබෙන බවද රජය විශ්වාස කරයි.

බදු ගැසීම
ඔස්ට්‍රේලියාවේ සමාගමක් විදෙස් ශ්‍රමිකයෙකු ඔවුන්ගේ සමාගමට තාවකාලික සේවකයෙකු ලෙස බඳවා ගැනීමේදී එක් තාවකාලික සේවකයෙකු සඳහා වසරකට ඩොලර් 1,800 ක බද්දක්ද ස්ථිර සේවකයෙකු සඳහා වසරකට ඩොලර් 5,000 ක බද්දක්ද ගෙවීමට සිදුවේ.
මේ සියලු බදු ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පුහුණු සහ අභ්‍යාසලාභී වැඩසටහන් අරමුදල වෙත බැර කෙරෙන බවද සඳහන්.
!!..SBS ප්‍රවෘති අංශයෙන් ලද තොරතුරු ඇසුරින් SBS සිංහල වැඩසටහන මඟින් සකසන ලද ලිපියකි..!!
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

