ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ ඉහළ දැමීම හේතුවෙන් අවම වැටුප් ලබන සේවකයින්ගේ ආදායම යහපත් අතට හැරෙනවා මිස එමගින් රැකියා ක්ෂේත්‍රයට ට් තර්ජනයක් නොමැති බව බව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව (The Reserve Bank of Australia) සිය නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.
1998 වසරේ සිට 2008 වසර දක්වා වසර දහයක කාලයක් ඔස්ට්‍රේලියාවේ සාමන්‍යය අවම වැටුප ඉහළ ගිය අයුරු නිරීක්ෂණය කිරීමෙන් මේ වාර්තාව සකස් කර තිබේ.
අවම වැටුප ඉහළ දැමීම හේතුවෙන් වැඩකරන පැය ගණනට සහ රැකියා අහිමිවීමේ සුළු සම්භාවිතාවක් පවතින නමුත් පොදුවේ ගත් කල විශාල වැටුප් වර්ධනයන් සේවය කරන පැය ගණන් විශාල වශයෙන් ඉහළ යාමට සැලකිය යුතු ලෙස බලපෑමක් සිදු කරන බව මේ පිළිබඳ පර්යේෂණයේ නියුතු පර්යේෂක James Bishop පසුගිය සතියේදී තම පර්යේෂණ වාර්තාව එළිදක්වමින් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ award wage හෙවත් නියම කළ වැටුප ඉහළ දැමීමෙන් රැකියා අහිමිවීමේ ප්‍රතිශතයට සැලකිය යුතු ලෙස බලපෑමක් නොමැති බව සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වන බව පර්යේෂක James Bisho පැවසුවේය.

අවම වැටුප ඉහළ දැමීම
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 7.2% කින් ඉහළ දමන ලෙස Australian Council of Trade Unions හෙවත් ACTU හි ලේකම් Sally McManus, Fair Work කොමිසමෙන් ඉල්ලා සිටියි.
"ඔස්ට්‍රේලියාවට වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. සමාගම් වාර්තාගත ලාබ උපයද්දී සාමන්‍ය ජනතාව ජීවත්වෙන්න අරගල කරනවා." යනුවෙන් Sally McManus පසුගිය සතියේදී ප්‍රකාශ කළාය.
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීම පිළිබඳ Fair Work කොමිසම ඉදිරි සති කිහිපය ඇතුළතදී අවධානය යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

අවම වැටුප් ලබන්නන්ට උපරිම වැටුප් වර්ධක ප්‍රතිශතයක්.
1998 - 2008 දක්වා අවම වැටුප ඉහළ දැමීමෙන් අවම වැටුප් ලබන්නන් හට උපරිම වැටුප් ප්‍රතිශතයක් හිමිවූ බව වාර්තා වේ.
මෙය අවම වැටුප් ලබන්නන් හට ආර්ථිකමය වශයෙන් සහය දීමට ඕනෑකමින්ම නිර්මාණය කළ ප්‍රතිපත්තියකි.
අවම වැටුප ඉහළ දැමීමෙන් සේවා යෝජකත්වය ඉහළ නගිනවා සේම එක් අවස්ථාවක දී එය සේවා යෝජකත්වය පහළ දැමීමටද උර දෙනු ඇතැයි පර්යේෂක James Bishop පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වර්තමාන අවම වැටුප
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප තීරණය කරනු ලබන්නේ Fair Work කොමිසම මගිනි.
ඒ අනුව ජාතික මට්ටමින් ඔස්ට්‍රේලියාවේ වර්තමාන අවම වැටුප ලෙස පැයකට ඩොලර් 18.29 හෙවත් සතියකට පැය 38 ක් සඳහා ඩොලර් 694.90 ලෙස දැක්වෙයි.
මෙම වැටුප ආදායම් බදු අය කිරීමට පෙර වැටුප වේ.
ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ද (Casual employees) ඔස්ට්‍රේලියාවේ මෙම ජාතික අවම වැටුපෙන් ආවරණය වන අතරම අවම වශයෙන් 25% ක හෝ casual loading ද ඔවුන්ට හිමිවිය යුතුය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

