නව ආරක්ෂක ක්‍රමෝපායන් යටතේ ඔස්ට්‍රේලියාවේ සියලුම ගුවන් තොටුපොළ වෙත (ජාත්‍යන්තර හා දේශීය) නව නීති මාලාවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය සතියේ පියවර ගත්තේය.
මෙම නව නීති වලට අනුව ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාව කිසිදු හේතුවකින් තොරව පරීක්ෂා කිරීමටත් ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ලෙසට විධානය කිරීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට බලතල හිමි වේ.
අගමැති ටර්න්බුල්ගේ පැහැදිලි කිරීම
ඇතැම් පාර්ශව මෙම නව නීති අර්බුදකාරී තත්ත්වයක් මතු කරන බවත් ඒවායින් ඇතැම් විට මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවන බවත් පවසයි.
නමුත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් එම විවේචන ප්‍රතික්ෂේප කරන අතර රටේ ආරක්ෂාවට සෘජුව වගකියන මර්මස්ථාන ලෙස ගුවන් තොටුපොළ හැඳින්විය හැකි බවත් එනිසාම මෙවැනි නීති කාලීන අවශ්‍යතාවක් බවත් පෙන්වා දුන්නේය.
පසුගිය සතියේ ඉන්දුනීසියාවේ දෙවැනි විශාලතම නගරය වන Surabaya වෙත එල්ලවුණු මාරාන්තික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එහිදී ඔහු ආසන්නතම උදාහරණය ලෙස දැක්වීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
කාලාපයේ ත්‍රස්ත තර්ජන තවමත් පවතින අතර අප සියල්ලෝම ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවද අගමැති ටර්න්බුල් එහිදී ප්‍රකශ කළේය.
2017 වසරේ Etihad ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉලක්ක කරගනිමින් සිඩ්නි ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවූ සිදුවීම හේතුවෙන් මෙරට ගුවන් තොටුපොළ වල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ වලට සිදු විය.

නව නීති වලට විරෝධය
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් මෙම නව නීති වලට ඇතැම් පාර්ශව තම විරෝධය එල්ල කර තිබේ.
මෙම නව නීති යටතේ ගුවන් තොටුපොළ වලදී අහඹු ලෙස පුද්ගල අනන්‍යතා පරීක්ෂා කිරීමෙන් සමාජ එක්බද්ධතාවට අනිසි බලපෑමක් සිදුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රමෝපායන් ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ දේශ සීමා ආරක්ෂණ වැඩසටහනේ ප්‍රධානී John Coyne පවසයි.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රජාවන් තුළ අන්තවාදය වර්ධනය වීමේ අවදානමක් පවතින බවත් මෙවැනි ආකාරයට පොලිස් බලතල ඉහළ දැමීමෙන් කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

නව නීතිය යහපත්
ගුවන්තොටුපොළ ආරක්ෂාව සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දුන් නව නීති පුද්ගලයින්ගේ ජාතිය හා වර්ණය මත වෙනස්කොට නොසලකන තාක් යහපත් බව ඔස්ට්‍රේලියානු සෙනට් සභික Derryn Hinch පැවසීය.
ත්‍රස්ත තර්ජන බහුලව පවතින වර්තමානයේ මෙවැනි නීති අත්‍යවශ්‍ය නමුත් ඇමෙරිකාවේ මෙන් මෙමගින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවිය යුතු බව ඔහු ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකශ කර සිටියි.

2018/19 අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල ආරක්ෂාව වෙනස් වන හැටි.
ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාව කිසිදු හේතුවකින් තොරව පරීක්ෂා කිරීමටත් ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ලෙසට විධානය කිරීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට බලතල හිමි වේ.
ඔස්ට්‍රේලියාවේ සියලුම දේශීය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වල ගුවන් මගීන් සහ ගමන් මළු ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරෙන ස්කෑනර් යන්ත්‍ර ඩොලර් මිලියන 300 ක පිරිවැයකින් යාවත්කාලීන කිරීම. සියලු ගුවන් මගීන් සහ ගමන් මළු ත්‍රිමාන ස්කෑන් පරීක්ෂාවකට මෙමගින් ලක් කෙරෙනු ඇත.
ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයේදී සහ ජාත්‍යන්තර ගුවන් තැපැල් සේවා වලදී සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂාවන් තර කිරීම. මේ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලිස් නිලධාරීන් 190 දෙනෙකු පමණ ගුවන් තොටුපොළ ආශ්‍රිතව වෙනමම සේවයේ පිහිටුවනු ඇති අතර ඩොලර් මිලියන 122 ක ආරක්ෂක උපකරණ යාවත්කාලීන කිරීමක්ද සිදුවේ.
ගුවන් තොටුපොළ ස්කෑන් පරීක්ෂාවන් සිදු කරනු ලබන සේවකයින් ඉතා දැඩි පුහුණුවීම් සහ පරීක්ෂා කිරීම් වලට යටත් වීම.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

