SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව පරීක්ෂණයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක්. (SBS සිංහල/වාර්තා)

අදාළ කාන්තාවට අනුව පිළිතුරු තුනම වැරදි පිළිතුරු ලෙස ලබා දී ඇති ප්‍රශ්නය වුයේ "ඔස්ට්‍රේලියාවේ ජනගහනය කීයද?" යන්නය.

Australian citizenship test
Source: iStockphoto

3 min read

Published

Updated

By Madhura Seneviratne, Nick Baker

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා පවත්වන පරීක්ෂණයේදී පැමිණි එක් බහු වරණ ප්‍රශ්නයක තිබූ පිළිතුරු තුනම වැරදි පිළිතුරු බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ එක්සත් රාජධානි කාන්තාවක් මේ බව SBS  පුවත් සේවයට පැවසු අතර මේ සතියේදී පැවති පරීක්ෂණයේදී ඇයට මේ සඳහා මුහුණ දීමට සිදුවූ බව පැවසුවාය.

Australian citizenship test
Source: SBS

වැරදි පිළිතුරු සහිත ප්‍රශ්නය

අදාළ කාන්තාවට අනුව පිළිතුරු තුනම වැරදි පිළිතුරු ලෙස  ලබා දී ඇති ප්‍රශ්නය වුයේ "ඔස්ට්‍රේලියාවේ ජනගහනය කීයද?" යන්නය.

ඊට අදාළ නිවැරදි පිළිතුර මිලියන 24 ක් වන නමුත් ලබා දී තිබු පිළිතුරු තුන වී ඇත්තේ මිලියන 18, 22 සහ 30 ය.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ විට ඒ සඳහා පැවැත්වෙන පරීක්ෂණය උදෙසා "Australian Citizenship: Our Common Bond." නම්වූ කුඩා පොත් පිංචක් අයදුම්කරුවන්ට ලබා දෙන අතර අදාළ පරීක්ෂණය සඳහා පැමිණෙන සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු එම  පොතෙහි අඩංගු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එම පොතෙහි ඔස්ට්‍රේලියාවේ ජනගහනය දක්වා ඇත්තේ මිලියන 24 ක් ලෙසය.

Australian citizenship test
Source: SBS

කාන්තාවගේ තර්කය

ඔස්ට්‍රේලියාවේ ජනගහනය කීයද? යන ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුරු ත්‍රිත්වයම වැරදි බව තමන්ට එකෙනෙහිම වැටහුණු බවත් තමන්  "Australian Citizenship: Our Common Bond." පොත් පිංච කිහිප සැරයක් කියවා පාඩම් කළ නිසා ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 24 බව හොඳින් දන සිටි බවත් අදාළ කාන්තාව පැවසුවාය.

නමුත් ලබා දී තිබු පිළිතුරු තුනෙහිම මිලියන 24 නොතිබූ හෙයින් තමන් මදක් වික්ෂිප්ත වූ බවත් තමන් අත උස්සා මේ බව විභාග පරීක්ෂකට දැන්වූ බවත් ඇය ප්‍රකාශ කළාය.

එහිදී නිවැරදි පිළිතුර මිලියන 22 බවත් එම ප්‍රශ්න පැමිණෙන පද්ධතිය යාවත්කාලීන කිරීම අපහසු බවත් ඒ පිළිබඳ පුදුමයට පත් නොවූ බවත් විභාග පරීක්ෂකවරයා එවිට පැවසු බව ඇය සඳහන් කළාය.

කෙස්වෙතත්, අදාළ කාන්තාව මිලියන 22 නිවැරදි පිළිතුර ලෙස සටහන් කර පරීක්ෂණය අවසන් කළ අතර ඇය එයින් සමත් වූ බව පසුව දැනගන්නට ලැබිණි.

නමුත් සිදුවූ වරද්ද්ද පිළිබඳ තමන් තවමත් පසුතැවීමකින් පසුවන බව ඇය පැවසුවාය.

මෙම පරීක්ෂණය ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමට පවත්වන ලද පරීක්ෂණයක් හේතුවෙන් මෙවැනි වැරදි ඇත්තෙන්ම ලැජ්ජා සහගත බව ද ඇය පැවසුවාය.

The result of online survey on citizenship changes revealved
Source: AAP

පුරවැසිභාව පරීක්ෂණය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව පරීක්ෂණය බහුවරණ ප්‍රශ්න 20 කින් සමන්විත වන අතර එම ප්‍රශ්න, ප්‍රශ්න සංචිතයකින් ස්වයංක්‍රීයව විභාග අපේක්ෂකයින් හට ලැබේ.

විභාග අපේක්ෂකයෙකු මෙම පරීක්ෂණයෙන් සමත් වීමට නම් ප්‍රශ්න 20 න් 15 කට නිවැරදිව පිළිතුරු සැපයිය යුතුය.

2017 ජූලි 01 දින සිට 2018 අප්‍රේල් 30 වන තෙක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාව පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ පිරිසෙන් 2.9% ක් අසමත් වී ඇති බව SBS පුවත් සේවය කළ විමසීමකදී ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසීය.

එම ප්‍රතිශතය අගයක් ලෙස ගත් කල 1,597 ක් බවත් එයින් 5.5% ක් අසමත් වී ඇත්තේ එක් ලකුණකින් පමණක් බවත් දෙපාර්තමේන්තුව පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now