ලොව දිගින් වැඩිම cat-proof fence හෙවත් බළලුන් වාරක වැට මධ්‍යම ඔස්ට්‍රේලියාවේ ඉදි කිරීමට ඔස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනය සමත් වී තිබේ.
එම ප්‍රදේශයේ සහා ඒ අවට වෙසෙන වන ජීවීන්ගේ ආරක්ෂාව උදෙසා මෙම කැලෑ බළලුන්ගේ වාරක වැට ඉදි කිරීමට කටයුතු යෙදිණි.
ඔස්ට්‍රේලියාව වැනි රටවල් වන ජීවීන් රැකගැනීමට මෙවැනි පියවර ගනිමින් සිටියදී ශ්‍රී ලංකාව වනි රටවල් වන ජීවීන්ගේ නිදහසට වැට බඳිමින් සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රකට වනෝද්‍යානයක් වන යාල වනෝද්‍යානය නැරඹීම සඳහා ප්‍රමාණය ඉක්මවා සංචාරකයින් ගෙන යන ජීප් රථ සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව පසුගිය කාලයේ වාර්තා විය.
මෙයින් යාල වනෝද්‍යානයේ සිටින සතුන්ගේ නිදහස තවත් සීමා වන බව බලධාරීන්ට අවබෝධ නොවීම අරුමයකි.
එමෙන්ම දෙහිවල සත්වෝද්‍යානය ද රාත්‍රී කාලයේ විවෘතව තැබීමෙන්ද එහි සිටින සතුන්ගේ නිදහසට බාධා එල්ලවී ඇති බවද වාර්තා වේ.

නිමිත්ත
ඔස්ට්‍රේලියාවේ බොහොමයක් වන ජීවීන්, feral cats හෙවත් කැලෑ බළලුන් අතින් මරණයට පත් වීම හේතුවෙන් එසේ තර්ජනයට ලක්ව ඇති සතුන්ව සංරක්ෂණය කිරීමේ අරමුණින් මෙම බළලුන් වාරක වැට මධ්‍යම ඔස්ට්‍රේලියාවේ ඉදි කිරීමට නිමිත්ත විය.
ඒ අනුව මෙම බළලුන් වාරක වැට මගින් කැලෑ බළලුන් නිසා ජීවිත අවදානමට පත්ව සිටින ඔස්ට්‍රේලියාවට ආවේනිකවූ ක්ෂීරපායි විශේෂ 11 ක් සංරක්ෂණය කෙරේ.
"සෑම රාත්‍රියකම ඔස්ට්‍රේලියාවේ දේශීය සතුන් මිලියන ගණනක් කැලෑ බළලුන් විසින් මරා දමනවා. ඔස්ට්‍රේලියාවේ ක්ෂීරපායින් වඳ වීමට ප්‍රබලතම සාධක දෙකක් ලෙස කැලෑ බළලුන් සහ නරියන් හඳුන්වන්න පුළුවන්." යනුවෙන් ඔස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනය පවසයි.

Cat-proof fence හෙවත් බළලුන් වාරක වැට
මෙය දිගින් කිලෝ මීටර් 44 ක් වන අතර ඒ සඳහා වැට කණු 8,500 ක් යොදාගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව පැතලි කම්බි කිලෝ මීටර් 400 ක්ද කම්බි දැල් කිලෝ මීටර් 130 ක්ද මිලියනයකට අධික වැට ඇමුණුම් (fence clips) ද මේ සඳහා භාවිතා කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ Alice Springs වලට කිලෝ මීටර් 350 ක් වයඹ දිග කලාපයේ හෙක්ටයාර 9,390 ක විසිරී පිහිටි Newhaven වනජීවී උද්‍යානය ආශ්‍රිතව මෙම වැට ඉදි කර තිබේ.

මීළඟ පියවර
feral cats හෙවත් කැලෑ බළලුන් මෙම බළලුන් වාරක වැට පිහිටි පරිශ්‍රයෙන් ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ මීළඟ පියවර ලෙස වාර්තා වේ.
මේ දක්වා කැලෑ බළලුන් 60 ක් පමණ ඉවත් කර තිබෙන බව සඳහන්.
මේ අතර කැලෑ බළලුන් හේතුවෙන් මාරාන්තික තර්ජන එල්ල වී වඳ වී යාමේ අවදානමට මුහුණ දී ඇති ක්ෂීරපායි විශේෂ එම ප්‍රදේශයට නැවත හඳුන්වා දීමටද කටයුතු කෙරේ.
ඒ අනුව සෙන්ටි මීටර් 30 ක් පමණ උසැති wallaby වර්ගයට අයත් mala නමැති සත්ත්වයා විශේෂත්වයක් ගනී.

ඔස්ට්‍රේලියාවේ කැලෑ බළලුන් ගේ තර්ජනයක් ඇති බව මීට පෙර ඔස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනය පවසා ඇත.
ඔස්ට්‍රේලියානු භූමි ප්‍රදේශයෙන් 99.8% ක ප්‍රතිශතයක මෙම කැලෑ බළලුන් හමුවන බව 2017 දී සිදු කළ අධ්‍යන වාර්තාවක් පෙන්වා දී තිබේ.
වර්ෂාපතනය සහ ගොදුරුවීම් මත ඔස්ට්‍රේලියාවේ කැලෑ බළලුන් ගේ ගහනය මිලියන 2.1 ත් 6.3 ත් අතර උච්චාවචනය වන බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය Sarah Legge පැවසුවාය.
මෙම කැලෑ බළලුන් හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියානු ක්ෂීරපායි විශේෂ 20 ක් පමණ අවම වශයෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

