ආහාර පිසීමට විවිධාකාරයේ තෙල් වර්ග මේ වන විට වෙළෙඳ පොළේ ඔබට හමුවෙයි.
නමුත් ඔබ පිසින ආහාර සඳහා ඔබ භාවිත කරන්නේ සුදුසුම තෙල් වර්ගයද යන්න පිළිබඳ ඔබ නිශ්චිත වශයෙන්ම දැනුවත්ද?
එක් එක් තෙල් වර්ගය යම් යම් ආහාර සඳහා පමණක් විශේෂිත වන බවත් සෑම තෙල් වර්ගයක්ම සෑම ආහාරයකටම සුදුසු නොවන බවත් ඔස්ට්‍රේලියාවේ goodfood වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ බහුලව පවතින ආහාර පිසින තෙල් සුදුසු වන්නේ කුමන ආහාර සඳහාද යන්න මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Extra virgin olive oil
ස්වභාවික ඔලිව් යන්ත්‍රානුසාරයෙන් මිරිකා ලබා ගන්නා ඔලිව් තෙල් Extra virgin olive oil ලෙස හඳුන්වයි.
මෙය ඔලිව් තෙල් මාදිලි වලින් ඉහළම ගුණාත්මක බවකින් යුත් ඔලිව් තෙල් ලෙසද හැඳින්වේ.
Extra virgin olive oil වඩාත් සුදුසු වන්නේ salad dressing ලෙස භාවිත කිරීමටය.
එමෙන්ම oven baking සඳහාද මෙය සුදුසු බව ඔලිව් තෙල් පිළිබඳ විශේෂඥයින් පවසයි.
විටමින් A, D, E හා K අඩංගු වේ.
ගුණාත්මක බැවින් යුක්ත Extra virgin olive oil හදවත් රෝග, දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව සහ ඇතැම් පිළිකා රෝග මැඩ පවත්වාගැනීම සඳහා ඉතා සුදුසු බව වාර්තා වේ.

සාමාන්‍ය Olive oil
Virgin හෝ extra virgin ඔලිව් තෙල් මිශ්‍රිත ඔලිව් තෙල්ය.
ආහාර තෙල් දැමීම, ගැඹුරු තෙලේ බැදීම, කේක් සෑදීමට සහ තෙල් මිශ්‍ර කරමින් පිසින ආහාර සඳහා සුදුසුය.

Sunflower oil
සූරිය කාන්ත ඇට වලින් Sunflower oil ලබා ගනියි.
ඉහළ උෂ්ණත්වයේ සිදුකරන ආහාර පිසීම් සඳහා වඩාත් සුදුසුය.
ගැඹුරු තෙලේ ආහාර බැදීම් සඳහා මෙය වඩාත් යෝග්‍ය වේ.
මෙය අසන්තෘප්ත මේද අම්ල වලින් ගහනව පවතී.
එනිසාම අඩු කොලොස්ට්‍රෝල් ප්‍රමානයකට උරුමකම් කියයි.

Sesame oil
තල ඇට ආශ්‍රයෙන් නිපදවනු ලබයි.
අසන්තෘප්ත මේද අම්ල වලින් ගහනව පවතින නිසා අඩු කොලොස්ට්‍රෝල් ප්‍රමානයකට උරුමකම් කියයි.
ආහාර බැදීම සඳහා සහ ආහාර marinades කිරීම සඳහා වඩාත් සුදුසුය.
බොහෝ ආසියානු ආහාර වර්ග පිසීම සඳහා Sesame oil යොදා ගනී.
විටමින් K බහුලව පැවතීම නිසා රුධිරය කැටි ගැසීම සඳහා මෙන්ම අස්ථිවල ශක්තිමත් භාවය වර්ධනය කිරීමට උපකාරී වේ.

Peanut oil
රටකජු මදය ආශ්‍රයෙන් ලබා ගන්නා තෙල් වර්ගයකි.
ආහාර බැදීමට සහ තෙල් දැමීමට වඩාත් සුදුසුය.

Canola oil
Omega-3 බහුලව පවතී.
ඉක්මණින් ආහාර බැද ගැනීමට සුදුසු නමුත් පිසගත් ආහාර මත ඉසීමට නුසුදුසුය.
එමෙන්ම oven baking සඳහාද මෙය සුදුසුය.

Rice bran oil
ආහාර roast කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ.
අධික උෂ්ණත්වයේ ආහාර බැදීමට හෝ පිසීමට ද සුදුසුය.

Coconut oil
ආහාර පිසීම සඳහා ලොව වඩාත්ම සෞඛ්‍යදායී තෙල් වර්ගය ලෙස හැඳින්වේ.
පිරිසිදු පොල් තෙල් වල ගුණාත්මක භාවය සැමවිටම ඉහළ මට්ටමක පවතියි.
ආහාර තෙල් දැමීම, බැදීම සහ oven baking සඳහාද මෙය සුදුසු නමුත් ගැඹුරු තෙලේ ආහාර බැදීම් සඳහා නුසුදුසු බව ඔස්ට්‍රේලියාවේ goodfood වෙබ් අඩවිය වාර්තා කරයි.
Lauric අම්ලය ලබා දෙන හොඳ මූලයකි.
Image
Vegetable oil
ඔස්ට්‍රේලියාවේ ඔබට හමුවන බොහෝ එළවලු තෙල් වල කැනෝලා තෙල් 99% ක් පමණම අඩංගු වේ.
ඇතැම් විට මේ සඳහා සෝයා ඇට සහ සූරියකාන්ත ඇටද මිශ්‍ර කරනු ලබයි.
ගැඹුරු තෙලේ ආහාර පිසීම සහ අධික උෂ්ණත්වයේ ආහාර පිසීම සඳහා වඩාත් සුදුසුය.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

