Virtual විශ්වයක් තැනීමට Facebook සමාගම Meta ලෙස නම වෙනස් කරයි (SBS සිංහල/ වාර්තා)

ලෝකයේ ජනප්‍රියතම සහ දැවැන්තම සමාජ මාධ්‍ය ජාලය වන Facebook සමාගම "Meta" නමින් සිය සමාගම් නාමය වෙනස් කර තිබේ.

Mark Zuckerberg, chairman and CEO of Facebook has announced the rebranding of his platform under a new name "meta" to help build ta next chapter he announced in a keynote.

Facebook CEO Mark Zuckerberg announces their new name, Meta, during a virtual event. Source: AP

Facebook සමාගම තම නාමය "Meta" ලෙස සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊයේ (28/10) සිට Facebook සමාගම  "Meta" යන නව නාමයෙන් හඳුන්වන බව එහි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විශේෂ වීඩියෝ සමුළුවක් හරහා ලෝකයට දැනුම් දුන්නේය.


Highlights

  • Facebook සමාගමේ නාමය "Meta" ලෙස සංශෝධනය කර තිබේ.
  • "Metaverse" නමැති shared virtual පරිසරය ගොඩනැගීමේ අභිලාෂයෙන් මෙම සංශෝධනය සිදුකර ඇත.
  • Facebook හි මාසික පරිශීලකයින් බිලියන 2.9 ක් පමණ වන බව සඳහන්.

Facebook දැන් "Meta" නමින්

ලෝකයේ ජනප්‍රියතම සහ දැවැන්තම සමාජ මාධ්‍ය ජාලය වන Facebook සමාගම අද සිට "Meta" නමින් සිය සමාගම් නාමය වෙනස් කර තිබේ.

Facebook සමාගම තම වෙළෙඳපොළ බලය, ඇල්ගෝරිදම් තීරණ සහ එහි platformsවල අපයෝජනයන් සම්බන්ධයෙන් නීති සම්පාදකයින් සහ නියාමකයින්ගේ විවේචනවලට එරෙහිව සටන් කරන බැවින් මෙලෙස සමාගම් නාමය වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර ලොව මීළඟට බිහිවන විශාලතම පරිගණක වේදිකාව වනු ඇතැයි අපේක්ෂා කරන "metaverse" නමැති shared virtual පරිසරය ගොඩනැගීමේ අභිලාෂයන් කෙරෙහිද මෙම සංශෝධනයත් සමග ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

Facebook සමාගම තම සමාගම් නාමය වෙනස් කරනු ලැබුවේ හුදෙක් එම අරමුණ ඇතිව බවට එහි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ඊයේ (28/10) පැවති සිය කතාවේදී අවධාරණය කළේය.
metaverse යන පදය මීට දශක තුනකට පමණ පෙර ඩිස්ටෝපියන් ගනයේ නවකතාවක මුලින්ම සටහන් වූ අතර එය දැන් ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ ආකර්ශනීයම පදය බවට පත්වී ඇත.

සිලිකන් නිම්නය යනු ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ දකුණු San Francisco බොක්ක ප්‍රදේශයේ පිහිටා ඇති ගෝලීය තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානයකි.

රිගණක හා තාක්ෂණික අංශයේ ලොව සුපිරිම බුද්ධිමතුන් සහ ශ්‍රමිකයින් මෙම කලාපයේ රාජකාරී කරනු ලබයි.
Mark Zuckerberg, chairman and CEO of Facebook has announced the rebranding of his platform under a new name "meta" to help build ta next chapter he announced in a keynote.
Facebook CEO Mark Zuckerberg. Source: AP

Facebook හට සෑම දෙයක්ම නියෝජනය කළ නොහැක

මේ වන විට Facebook සන්නාමය එක් නිෂ්පාදනයකට පමණක් ඉතා තදින් සම්බන්ධ වී ඇති නිසා අප සමාගම විසින් සිදුකරන සෑම දෙයක්ම ඒ හරහා නියෝජනය කළ නොහැකි බව ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg පැවසීය.

ඒ අනුව තම සමාගම virtual reality ක්ෂේත්‍රය සඳහා දැවැන්ත ආයෝජනයක් කර ඇති බවත් මෙම වෙනස එක් නව සන්නාමයක් යටතේ එහි විවිධ apps සහ තාක්ෂණයන් එකට ගෙන එන බවත් ඔහු පැවසීය.
කෙසේවෙතත්, එහි ආයතනික ව්‍යුහය වෙනස් නොකරන බවද වාර්තා වේ.
Facebook හි මාසික පරිශීලකයින් බිලියන 2.9 ක් පමණ වන බව සඳහන්.

විවිධ අභ්‍යන්තර ලේඛන සියගණනක් Facebook මගින් leak වීමෙන් පසු ගෝලීය නීති සම්පාදකයින් සහ නියාමකයින් විසින් මෑත වසරවලදී වැඩි වැඩියෙන් එය පරීක්ෂාවට ලක් කර ඇත.

Facebook සම්බන්ධ නවතම ආන්දෝලනය ඇතිකළ පුවතට අනුව Facebook හි හිටපු සේවිකාවක් වන Frances Haugen විසින් leak කළ ලේඛනයකින් පැවසෙන්නේ Facebook සමාගම එහි පරිශීලකයින්ගේ ආරක්ෂාවට වඩා සිය ලාභය කෙරෙහි අවධානය යොමු කරන බවය.

කෙසේවෙතත්, Facebook සමාගම කෙරෙහි ව්‍යාජ චිත්‍රයක් ලෝකය තුළ නිර්මාණය කිරීමට මෙම ලේඛන භාවිත කර ඇති බව එම චෝදනාවට පිළිතුරුදෙමින් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg මේ සතිය මුලදී පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

Updated

By Madhura Seneviratne
Source: Reuters, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service