BREAKING NEWS - ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

International Arrivals To Australia Told To Self-Isolate As Strict Coronavirus Border Restrictions Come Into Effect

A staff member in protective medical clothing at the Brisbane International Airport. (Photo by Lisa Maree Williams/Getty Images) Source: Getty Images AsiaPac

කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි අගනුවර වන කැන්බරා හි සිදුවුණු පළමු මරණය අද දිනයේ (30 March) මීට සුළු වෙලාවකට පෙර වාර්තා විය. විදේශයකදී කොරෝනා වෛරසය වැළඳුනු 80 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.

"මෙම රෝගයේ ඉතාමත් කනගාටුදායක යථාර්ථය මෙයයි. COVID-19 හේතුවෙන් වැඩිහිටියන්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව" ACT ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙරින් කෝල්මන් පැවසීය.

ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි පසුගිය පැය 24 තුළ එක් කොරෝනා වයිරස් අසාදිතයෙක් අලුතෙන් වාර්තා වී ඇති අතර, ඒ අනුව ටෙරටරියේ දැනට වාර්තාවන කොරෝනා වෛරස අසාදිතයින්ගේ මුළු ගණන 78 ක් බවට පත්වෙයි.

ඒ අනුව අද - මාර්තු 30 වන සඳුදා ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් වේලාවෙන් පස්වරු 2 වන විට Covid -19 හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 18 කි. සමස්ත කොරෝනා වෛරස අසාදිත සංඛ්‍යාව 4,112 ක් ලෙසට සටහන් වෙයි. 


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now