ඉදිරි වසර 3 ඔස්ට්‍රේලියාව පාලනය කිරීම සඳහා කම්කරු පක්ෂ රජයක් තේරී පත්වී තිබේ.
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ මෙන්ම ආර්ථික හා සාමාජීය වශයෙන් ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන සඳහා හිමිවන්නේ අතිශය ප්‍රබල ස්ථානයකි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
පෙර පැවති ලිබරල් සන්ධාන රජයෙන් කම්කරු රජය ඔස්ට්‍රේලියාවේ පාලනය බාරගත් පසුව අගමැති ඇල්බනීසි ප්‍රමුඛ කම්කරු රජයට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුව තිබේ.
එම අභියෝගවලින් ප්‍රධාන අභියෝග 05 පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

Skilled වීසා සඳහා ඉල්ලුම
කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීමට මධ්‍යම රජයට සිදුවූ අතර ඒ හේතුවෙන් දෙවැනි ලෝක යුද සමයෙන් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය පළමු වරට වාර්තා ගත ලෙස පහත වැටුණි.
කෙසේනමුත්, පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කළද එම අඩුවීම නොකඩවා පවතින බව පෙනී යයි.
මේ හේතුවෙන් තමන්ගේ ව්‍යාපාර සඳහා ශ්‍රම හිඟයක් පවතින බව පවසමින් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයින් සහ සමාගම් හිමිකරුවන් මධ්‍යම රජයට දිගින් දිගටම මැසිවිලි නගමින් සිටියි.
පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාර සැලකිය යුතු බාධකවලට මුහුණ දෙන බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Andrew McKellar පැවසීය.
"පුළුල්ව පැතිරුණු කුසලතා හිඟය ව්‍යාපාර මුහුණ දෙන වඩාත්ම ප්‍රබල අභියෝගය ලෙස දිගටම පවතින අතර, ව්‍යාපාර සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමේ හැකියාව සීමා කරනවා" යනුවෙන් ඔහු SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.
වීසා අයදුම්පත් සලකා බැලීමට දීර්ග කාලයක් ගතවීම, අධික පිරිවැය, ව්‍යාකූල අනුකූලතා පියවරයන් සහ අනිවාර්ය ශ්‍රම වෙළඳපොල පරීක්ෂාව වැනි දේ ඔහු සේවා යෝජකයන්ට අභියෝග ලෙස සඳහන් කළේය.
ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා වීසා බලපත්‍රවල ප්‍රමුඛතා තක්සේරු කිරීම් සිදු කරමින් සිටින බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඇෆ්ගනිස්ථාන සරණාගතයින්
ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ඇතැමුන්ට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා මාවතක් පිළිබඳ බලාපොරොත්තු අලුත් කර ඇත.
ඔස්ට්‍රේලියානු හමුදා සමඟ එරට සේවය කළ හිටපු භාෂා පරිවර්තකයෝ දැන් නව ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ට වීසා ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරති.
ඔස්ට්‍රේලියාවට සම්බන්ධ අය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි වසර හතර තුළ ඇෆ්ගනිස්ථානයේ සිටි මිනිසුන්ට සරණාගත වීසා 31,500ක් ලබා දීමට මොරිසන් රජය කැපවී තිබුණි.
ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම ධාරිතාව ඉක්මවා යන බවත් ඇෆ්ගනිස්ථානයේ 170,000කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව පතා සිටින බවත් ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය.

ඔස්ට්‍රේලියාවෙන් පිටත රඳවා තබා ගැනීම්
ඔස්ට්‍රේලියාවෙන් පිටත රඳවා තබා ගැනීම් මධ්‍යස්ථාන තුළ දිගුකාලීනව සිටින පුද්ගලයින්ගේ අනාගතය ගැන ඇති අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන විසඳුම් ඉදිරිපත් කිරීම කම්කරු රජයට මුහුණ දීමට ඇති තවත් අභියෝගයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය.
පසුගොයා මාර්තු මාසයේදී මොරිසන් රජය නවසීලන්තයට සරණාගතයින් 450ක් යැවීමට ගිවිසුමක් අත්සන් කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහනේ තවත් 250 කට පමණ අවස්ථාව ඉතිරිව තිබේ.
නමුත් නැවත පදිංචි කිරීමේ විකල්පයක් නොමැතිව ඔස්ට්‍රේලියාවෙන් පිටත ඇති රැඳවුම් මධ්‍යස්ථාන තුළ තවමත් පුද්ගලයින් 500 ක් පමණ ඉතිරිව සිටින බව Paul Power පැවසීය.
"යථාර්ථය නම් සරණාගතයින් නැවත පදිංචි කිරීමේ අවස්ථා මේ වන විට දැඩි හිඟයක පවතින බවයි," යනුවෙන් ඔහු පැවසීය.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ humanitarian protection claims හෙවත් මානුෂීය ආරක්ෂණ හිමිකම් ඉල්ලීම් 30,000 ක් තවමත් සලකා බලා නැති බවද ඔහු සඳහන් කළේය.
Bridging වීසා සලකා බැලීමේ දැඩි ප්‍රමාදය
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ හිඟ මානව සම්පත් හේතුවෙන් පුද්ගලයෝ 367,000 ක් පමණ Bridging වීසා මත ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙති.
රජයේ දත්ත වලට අනුව 2019 ජුනි මාසයේදී 180,000 ක් ව පැවති එම ප්‍රමාණය මේ වන විට 367,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.
COVID-19 සංචාරක සීමා කිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වූ පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වීම මේ සඳහා වගකිව යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත
ඔස්ට්‍රේලියාවේ ඇති සමස්ත Bridging වීසා තත්ත්වය ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය කෙතරම් මන්දගාමී ද යන්න පිළිබිඹු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.
එනිසා මෙය නැති කිරීමට ඉක්මණින් ක්‍රියා කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
ශිෂ්‍ය වීසා අයදුම්පත්
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම පිණිස යොමු කළ ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිසුන්ගෙන් ද පැමිණිලි ලැබී ඇත.
ඇතැම් සිසුන් තම ශිෂ්‍ය වීසා ලැබෙන තෙක් ඉතාමත් දීර්ග කාලයක් බලා සිටීමට සිදුවන බව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලයේ ජාතික සභාපති Oscar Zhi Shao Ong පැවසුවේය.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව අප්‍රේල් වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ගෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් 52,000 කට වැඩි ප්‍රමාණයක් සහ ඔස්ට්‍රේලියාව තුළ සිටින සිසුන්ගේ අයදුම්පත් 76,400 ක් පමණ ඇත.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට යොමු කරන ලද අයදුම්පත්වලින් 76% ක් මාස 2 කට අඩු කාලයක් පැරණි බවත් සඳහන්.
ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වීසා බලපත්‍ර සැකසීම වැඩිදියුණු කිරීමට උපකාර වන ඉල්ලීම්වලට සහාය ලබා දී ඇත.

