ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට වැඩිම ඉඩක් ඇති ප්‍රාන්ත ගැන පළවූ නවතම ඉඟිය

Skilled Migration Invitation Rounds

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට වැඩිම ඉඩක් ඇති ප්‍රාන්ත පිළිබඳ පළවූ නවතම තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2022 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් Skilled වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන මෙහි අප්‍රේල් වටය ක්‍රියාත්මක වුයේ අප්‍රේල් 21 වනදාය.


Highlights

  • 2022 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 1,000 ක් නිකුත් කර තිබේ.
  • Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 500 ක් ද නිකුත් කර ඇති
  • මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 85 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 65 ක් බවත් සඳහන්.

2022 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටය

2022 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 1,000 ක් ද Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 500 ක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 85 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 65 ක් බවත් සඳහන්.

කොවිඩ් වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් 189 වීසා ඛාණ්ඩයෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

Australia Skilled Migration
Source: Getty Images

ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් 2022 අප්‍රේල් මාසයේදී 190 සහ 491 වීසා nominations

2021 ජූලි 01 සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගෙන් 190 සහ 491 වීසා සඳහා nominations නිකුත් කළ ප්‍රමාණය පහත පරිදි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • 190 වීසා - 2,604
  • 491 වීසා - 2,117

වික්ටෝරියා ප්‍රාන්තය

  • 190 වීසා - 3,434
  • 491 වීසා - 653

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • 190 වීසා - 1,733
  • 491 වීසා - 2,491

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • 190 වීසා - 1,965
  • 491 වීසා - 700

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ටස්මේනියා ප්‍රාන්තය

  • 190 වීසා - 951
  • 491 වීසා - 1,623

Northern Territory

  • 190 වීසා - 354
  • 491 වීසා - 536

Australian Capital Territory

  • 190 වීසා - 497
  • 491 වීසා - 1,175

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • 190 වීසා - 973
  • 491 වීසා - 743

190 වීසා ඛාණ්ඩය සෘජුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා ඛාණ්ඩයක් වන අතර 491 වීසා ඛාණ්ඩය ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීනව රැකියා කිරීමට ඉඩ සලසන වසර 5 ක වීසා එකකි.


 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now