ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියම වූ ශ්‍රී ලාංකික දමිළ පවුල වෙනුවෙන් මැදිහත් වන ලෙස සංක්‍රමණ කටයුතු ඇමතිට ඉල්ලීමක්. (SBS සිංහල / වාර්තා)

Activists are calling on Minister for Home Affairs Peter Dutton to intervene.

Activists are calling on Minister for Home Affairs Peter Dutton to intervene. Source: AAP

සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ මෙරට රැකවරණ විසා ලබාදීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන්, රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇති ශ්‍රී ලාංකික පවුලක් පිලිබදව නැවත සලකා බලන ලෙස එම පවුලට සමීප පිරිසක් සංක්‍රමණ කටයුතු අමාත්‍ය වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 මෙම ශ්‍රී ලාංකික  දමිළ පවුල මෙරටින් පිටුවහල් කිරීමේ තීරණය සදහා මැදිහත් වන ලෙස, ක්‍රියාකාරිකයින් පිරිසක් සංක්‍රමණ කටයුතු අමාත්‍ය Peter Dutton ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 ප්‍රියා සහ නඩේසලිංගම් තම ඕස්ට්‍රේලියාවේ උපන් දියණියන් දෙදෙනා සදහා රැකවරණ ලබාදෙන ලෙස ෆෙඩරල් අධිකරණට ඉදිරිපත් කර තිබු ඉල්ලීම පසුගියදා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බව සදහන්.

 මේ වසර මුලදී ඔවුන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ  Biloela ප්‍රදේශයේ වාසය කර ඇති බව එම ප්‍රදේශයේ පදිංචි කාරිනියක්  වන Simone Cameron SBS ප්‍රවෘත්ති අංශය සමග සදහන් කලාය.  සරණාගත රැකවරණ බලාපොරොත්තුවෙන් සිටින මෙම පවුල දින 108 තිස්සේ රැදවුම් භාරයේ සිටින බවත්, තමන්ට සහ තම දරුවන්ට එවැනි වාතාවරණයකට මුහුණ දීමට සිදු වුවහොත් එය ඉතා අසීරු බවත් ඇය වැඩි දුරටත් සදහන් කළාය.

 Cameron මහත්මිය සහ මෙම පවුලට සමීප පිරිසක් සංක්‍රමණ කටයුතු අමාත්‍ය Peter Dutton ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ බලය භාවිත කරමින් ජනතාවගේ කැමැත්ත අනුව මේ සදහා මැදිහත් වන ලෙසයි.

 තවත් Biloela ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන  Angela Fredericks පවසන්නේ, මෙම පවුල නරකාදියට ඇද දාන්නේ නැතිව ඔවුන්ව ගලවා ගැනීම දැන් සංක්‍රමණ කටයුතු අමත්‍යවරයාගේ තීරණය මත රදා පවතින කාරණයක් බවයි.

1x1

මෙම සරණාගත පවුල වෙනුවෙන් පෙනී සිටින       නීතිඥ වරුන් ඔවුන් වෙනුවෙන් තවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වැඩි දුරටත් වාර්තා වෙයි. මෙම පවුල නැවත ශ්‍රී ලංකාවට පිටත් කර යැවුවහොත් නඩේසලිංගම් ඔහුගේ පවුල වදහිංසා වලට ලක්විය හැකි බව මෙම නීතිඥ වරුන්ගේ මතය වී තිබේ.
ෆෙඩරල් Circuit අධිකරණයේ විනිසුරු Caroline Kirton පවසන්නේ අදාල පවුලට ශ්‍රී ලංකාවේ තර්ජන ඇති බව තමන්ට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැති බවයි. සිවිල් යුද්ධය පවතින වකවානුව තුලද ඔහු තුන් වතාවක් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගොස් පැමිණ ඇති බවද විනිසුරුවරිය වැඩි දුරටත් සදහන් කරයි. තවද අධිකරණය විසින් සිදු කල විමසා බැලීම් වලට අනුව මෙම පවුලට ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු තර්ජනයක් ඇති බවට සාක්ෂි හමු වී නොමැති බව විනිසුරු Caroline Kirton වැඩි දුරටත් සදහන් කර තිබේ.
නමුත් මේ පිලිබදව අදහස් දක්වන දමිල සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක Aran Mylvaganam පවසන්නේ යුද්ධය නිමාවට පත් වීමෙන් පසුවද අවදානමක් පවතින බවයි.  දමිල ජනතාව අතුරුදන්වීමේ සහ වදහිංසා වලට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටන බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මේ අතර ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) SBS වෙත මේ පිලිබදව යොමු කල නිවේදනයක සදහන් වන්නේ, මෙම සරණාගත රැකවරණ බලාපොරොත්තු වන පවුල පිලිබදව ඉතා පුළුල් ලෙස වසර ගණනාවක් තිස්සේ විවිධ අධිකරණ පද්ධති මගින් සොයා බැලු බවයි.  ඒ අනුව සරණාගත රැකවරණ සැලසීමට ඕස්ට්‍රේලියාව සතු බැදීම් අනුව කිසිදු වලංගු සාක්ෂියක් හමු නොවූ බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.

Share

Published

Updated

By Sanjaya Dissanayake
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service