ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි අලෙවි අනුපාතිකය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව SBS පුවත් සේවය වාර්තා කරන අතර එය පසුගිය හය වසර තුළ වාර්තාවූ පහළම අගය ලෙසද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිවාස වෙළෙඳ පොළ ද්විත්වය වන සිඩ්නි සහ මෙල්බන් නිවාස වෙළෙඳ පොළ පසුගිය කාලයේ නොකඩවා පසු බෑමකට ලක්ව තිබීම ඊට ප්‍රධානතම හේතුව බව පැවසේ.

සති අන්තයේ නිවාස වෙන්දේසි අලෙවියන්
පසුගිය ජුනි 17 වන දායින් අවසන් වූ සති අන්තයේදී සිඩ්නි නිවාස වෙන්දේසි අලෙවිය 55.8% දක්වා පහත බැස ඇති බව වාර්තා වන අතර 2017 වසරේ එම සතියේම සිඩ්නි නිවාස වෙන්දේසි අලෙවිය 68% ක් ලෙස වාර්තා විය.
ඒ අනුව පසුගිය සතියේදී සිඩ්නි නිවාස වෙන්දේසි අලෙවිය ඊට පෙර වසරට සාපේක්ෂව 12.2% කින් පහත බැස ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මේ අතර පසුගිය ජුනි 17 වන දායින් අවසන් වූ සති අන්තයේදී මෙල්බන් නිවාස වෙන්දේසි අලෙවිය 58.7% දක්වා පහත බැස තිබෙන බව CoreLogic නිවාස හා දේපළ දත්ත උපුටා දක්වමින් SBS පුවත් සේවය වාර්තා කරයි.
2017 වසරේ එම සතියේම මෙල්බන් නිවාස වෙන්දේසි අලෙවිය 71% ක් ලෙස වාර්තා වී ඇති බවද CoreLogic නිවාස හා දේපළ දත්ත පෙන්වා දෙයි.

වෙන්දේසි අලෙවියෙන් පිටත සිදුවූ නිවාස අලෙවිය
ඔස්ට්‍රේලියාව පුරාම සිදුවූ සමස්ත නිවාස අලෙවියෙන් 85% ක් ම සිදුව ඇත්තේ වෙන්දේසි අලෙවියෙන් නොව සෘජු අලෙවියෙන් බව ද සඳහන්.
කෙසේවෙතත්, සෘජු නිවාස අලෙවියද මෙල්බන් හා සිඩ්නි වල පහත බැස ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේදී සිඩ්නි කලාපයේ වෙන්දේසි අලෙවියෙන් පිටත සිදුවූ (සෘජු අලෙවිය) නිවාස විකුණුම් ප්‍රමාණය 2.197 දක්වා පහත වැටී ඇති අතර පසුගිය වසරේ එම කාලයේම එය 2,692 ක් ලෙස වාර්තා විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මේ අතර සිඩ්නි කලාපයේ නිවාසයක අලෙවි මධ්‍යයන අගය ඩොලර් මිලියන 1 සිට ඩොලර් 885,000 දක්වා පහත වැටී ඇති බවද සඳහන්.
පසුගිය සතියේදී මෙල්බන් කලාපයේ වෙන්දේසි අලෙවියෙන් පිටත සිදුවූ (සෘජු අලෙවිය) නිවාස විකුණුම් ප්‍රමාණය 2.711 දක්වා පහත වැටී ඇති අතර පසුගිය වසරේ එම කාලයේම එය 3,434 ක් ලෙස වාර්තා විය.
මේ අතර මෙල්බන් කලාපයේ නිවාසයක අලෙවි මධ්‍යයන අගය නොවෙනස්ව පවතින බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අනුමත වීම
පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අනුමත වීම 1.4% කින් පහත වැටී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
මෙම අගය ආර්ථික විද්‍යාවට අනුව විශාල අගයක් නොවන නමුත් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ නොකඩවා මෘදු වන ලකුණු මෙමගින් නිරූපණය වේ.

සමස්ත වෙන්දේසී අලෙවිය හා සෘජු අලෙවිය
පසුගිය ජුනි 17 වන දායින් අවසන් වූ සති අන්තයේදී බ්‍රිස්බන් නිවාස වෙන්දේසි අලෙවියද ඉතා සුළු ලෙස පහත බැස ඇති නමුත් ඇඩිලේඩ්, පර්ත් සහ කැන්බරා නිවාස වෙන්දේසි අලෙවිය ඉහළ ගොස් ඇත.
ඔස්ට්‍රේලියාව තුළ ජාතික මට්ටමින් නිවාස වෙන්දේසි අලෙවිය පසුගිය ජුනි 17 වන දායින් අවසන් වූ සති අන්තයේදී 56.9% දක්වා පහත වැටී ඇති අතර 2017 වසරේ එම සතියේම එම අගය 66.7% ක් ලෙස වාර්තා විය.
මේ අතර පසුගිය සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම වෙන්දේසි අලෙවියෙන් පිටත සිදුවූ (සෘජු අලෙවිය) නිවාස විකුණුම් ප්‍රමාණය 8,557 දක්වා පහත වැටී ඇති අතර පසුගිය වසරේ එම කාලයේම එය 9,908 ක් ලෙස වාර්තා වූ බව CoreLogic දත්ත අනාවරණය කරයි.
එමෙන්ම, පසුගිය සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම පැවැත්වූ මුළු නිවාස වෙන්දේසි ප්‍රමාණය 1,991 දක්වා 18.5% කින් පහත වැටී ඇති අතර එය පසුගිය වසරේදී 2,444 ක් විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

