ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අපරාධ රැල්ල පිළිබඳ අලුත්ම හෙළිදරව්වක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්ත කාර්යාලයේ නවතම වාර්තාවට අනුව වික්ටෝරියානු ප්‍රාන්තය තුළ පැහැරගෙන යාම්, ගෙවල් බිඳීම්, සොරකම්, වංචාවන් සහ මත්ද්‍රව්‍ය ගනු දෙනු පසුගිය වසරේදී විශාල පහත වැටීමක් සිදුව තිබේ.

Crime

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික අපරාධ අනුපාතිකය 9.5% දක්වා පහත වැටී ඇති බව අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්ත කාර්යාලය පවසයි.

ඒ අනුව පසුගිය මාර්තු 31  දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පොලීසිය විසින් වාර්තා කර තිබූ අපරාධ සිද්ධි සංඛ්‍යාව 380,150 ක් වූ අතර එය ඊට පෙර වර්ෂයේ 416,925 ක් බව වාර්තා විය.

මේ අනුව බලන කල පසුගිය මාර්තු 31  දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ ප්‍රමාණය 9.5%  කින් පමණ පහත බැස ඇති බව පෙනී යයි.
Victoria police
Source: SBS

අපරාධ වර්ග සහ පක්ෂ විපක්ෂ මත

ඔස්ට්‍රේලියාවේ අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්ත කාර්යාලයේ නවතම වාර්තාවට අනුව වික්ටෝරියානු ප්‍රාන්තය තුළ පැහැරගෙන යාම්, ගෙවල් බිඳීම්,  සොරකම්, වංචාවන් සහ මත්ද්‍රව්‍ය ගනු දෙනු පසුගිය වසරේදී විශාල පහත වැටීමක් සිදුව තිබේ.

නමුත් ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් මෙන්ම මහජන හිංසනයන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

අපරාධ වලට එරෙහිව ප්‍රාන්ත රජය ගනු ලබන උත්සාහයේ සාර්ථක ප්‍රතිඵල මෙමගින් මනාව දර්ශනය වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කළද 2014 වසරේදී කම්කරු පක්ෂය වික්ටෝරියානු ප්‍රාන්තයේ බලය හිමි කරගන්නා විට තිබූ ප්‍රමාණයට වඩා වත්මන් අපරාධ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතින බව වික්ටෝරියානු ප්‍රාන්ත විපක්ෂය පවසයි.
The latest Crime stats in Victoria.
Source: AAP

ප්‍රධාන අපරාධ සහ ඉලක්කම්

පසුගිය වසරේදී මෝටර් රථ සොරා ගැනීම් මෙන්ම නිවෙස් මංකොල්ල කෑම් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවෙස් මංකොල්ල කෑම් දශකයකටත් වඩා වැඩි කාලයක් තුළ වාර්තාවූ පහලම අගය මෙවර වාර්තා වී ඇති අතර එම සිදුවීම්  සංඛ්‍යාව  26,438 ලෙස දැක්වේ.

එම ප්‍රමාණය ඊට පෙර වසරේ වාර්තා වුයේ 30,981 ක් ලෙසය.

පසුගිය මාර්තු මාසය අවසාන වන විට ගෙවුණු වසර තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ මෝටර් රථ 13,741 ක් සොරකම් කර තිබෙන නමුත් ඊට පෙර වසර සමග සංසන්දනය කරන විට එම ප්‍රමාණය 4,600 කට වඩා මදක් අඩු බව සඳහන්.

එමෙන්ම පසුගිය මාර්තු මාසය අවසාන වන විට ගෙවුණු වසර තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවැසියන් නිවෙස් තුළ සිටියදීම නිවෙස් මංකොල්ල කෑම් 3,069 ක් සිදුවී ඇති අතර එම ප්‍රමාණය ඊට පෙර වසරේ 3,494 ක් විය.

පොලීසියේ විශාල කණ්ඩායම් මෙහෙවර මෙන්ම සමාජයෙන් ලද දැවැන්ත සහය මත මේ ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Andrew Crisp පැවසීය.
The latest Crime stats in Victoria.
Source: AAP
වික්ටෝරියානු ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ නගර වල වැඩි වශයෙන් අපරාධ සම්බන්ධ සිදුවීම් වාර්තා වන අතර උතුරු කලාපයේද අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වැඩි අපරාධ සංඛ්‍යාවක් වාර්තා වේ.

විශේෂයෙන්ම Wyndham සිට Melton දක්වා වූ ප්‍රදේශ වල අපාරාධ වලට පෙළඹුණු තරුණ පිරිස් වැඩි වශයෙන්  සිටින බවත් ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට වික්ටෝරියානු පොලීසිය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අපරාධ රැල්ල පිළිබඳ අලුත්ම හෙළිදරව්වක්. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala