ක්‍රීඩා ලොවේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස තවමත් විරුදාවලිය ලත් පා පන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යය හෙවත් පා පන්දු ලෝක කුසලානය අද (14/06) රුසියාවේදී ආරම්භ වේ.
2018 පා පන්දු ලෝක කුසලානය සඳහා ලෝකයේ රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 32 ක් එක්වන අතර තරගාවලිය රුසියාවේ මොස්කව් ,ශාන්ත පිටර්ස්බර්ග්, සොචි ඇතුළු ස්ථාන 12 කදී පැවැත්වේ.
2018 පා පන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව තුළ නිල විද්‍යුත් මාධ්‍යය ලෙස කටයුතු කරනුයේ SBS සේවය වන අතර ඔබට අද දිනයේ සිට අවසාන මහා තරගය දක්වා SBS රූපවාහිනියෙන් මෙන්ම SBS සේවය ගෙන එන විවිධ රූප මාධ්‍යන්ගෙන් තරග නැරඹීමට හැකිය.

තරග රටාව
2018 පා පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 32, A සිට H දක්වා ඛාණ්ඩ 8 කට බෙදා ඇත්තේ එක් ඛාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් සිටින පරිදිය.
එම සෑම කණ්ඩායමක්ම තම ඛාණ්ඩයේ සෙසු රටවල් සමග තරග වැදිය යුතු අතර එක් එක් ඛාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 8 තෝරාගෙන අර්ධ අවසන් පූර්ව තරග පවත්වයි.
එයින් තේරී පත්වන කණ්ඩායම් 4 තෝරා අවසන් පූර්ව තරග පවත්වනු ඇත.
පළමු අවසන් පූර්ව තරගය ජූලි 11 වන දින ශාන්ත පීටරස්බර්ග් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ජූලි 12 වන දින Luzhiniki ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ජූලි 14 වනදා 3 වැනියා තේරීමේ තරගය ශාන්ත පීටරස්බර්ග් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර 2018 පා පන්දු ලෝක කුසලානයේ අති උත්කර්ෂවත්ම දිනය උදා කරවමින් අවසන් මහා තරගය ජූලි 15 වන දින Luzhiniki ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
2018 පා පන්දු ලෝක කුසලානයේ සමාරම්භය සටහන් කරමින් හෙට (15/06) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අලුයම 1 ට සත්කාරක රුසියාවත් සෞදි අරබියාවත් තරග වදියි.
ඔස්ට්‍රේලියානු පිල තරග වදින ප්‍රථම තරගය එළඹෙන සෙනසුරාදා ප්‍රංශයත් සමග පැවැත්වෙන අතර එය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ වේ.

තරගකාරී කණ්ඩායම්
මෙවර පා පන්දු ලෝක කුසලානයේ තරගකාරී කණ්ඩායම් ලෙස කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් ඉදිරියට පැමිණ සිටියි.
සෑම දිනම පා පන්දුව ආගම කරගත් බ්‍රසීලය, ආර්ජන්ටිනාව, පෘතුගාලය, ස්පාඤ්ඤය, ජර්මනිය, ප්‍රංශය, කොලොම්බියාව, උරුගුවේ යන රටවල් මෙවර පා පන්දු ලෝක කුසලානයේ තරගකාරී කණ්ඩායම් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායමද මෙවර තරගකාරී අයුරින් ලෝක කුසලානයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අතර ප්‍රංශය සමග ඔවුන්ගේ ප්‍රථම තරගය කෙසේ හෝ ජය ගැනීමට ඔවුන් මාන බලමින් සිටියි.
රුසියාවද මෙවර තරගවලියේ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි රටක් ලෙස විචාරකයින් හඳුවන්යි.

2018 පා පන්දු ලෝක කුසලානයේ ගිනි සිළු
තම රට 2018 පා පන්දු ලෝක කුසලානයේ තරග කළත් නැතත්, දිනුවත් පැරදුණත්, පා පන්දු පිටියේ සුපිරි තරු තරග කරනවා සියසින් දැක බලා ගැනීමට බොහෝ පා පන්දු ලෝලීන් මේ වන විටත් මහත් වූ උන්මාදයකින් පසුවෙයි.
2018 පා පන්දු ලෝක කුසලානයේ ගිනි සිළු ලෙසින් පිටියට බසින ක්‍රීඩකයින් අතර ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී අග තැන ගනී.
ලොව වඩාත් ජනප්‍රියතම පා පන්දු ක්‍රීඩකයා ලෙසද ඔහු මේ වන විට හැඳින්වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මෙසීට පමණක් දෙවැනි වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ බ්‍රසීලයේ නේමාර් ද මෙවර පා පන්දු ලෝක කුසලානයේ ක්‍රීඩා පිටි දෙවනත් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරති.
ඊට අමතරව ජර්මනියේ මැනුවෙන් නියුර්, ඔස්ට්‍රේලියාවේ මැසීමෝ ලොන්ගෝ ද මෙවර කැපී පෙනෙන ක්‍රීඩකයින් ගොන්නට වැටී තිබේ.

පැරණි ශූරයින් සහ මීළඟ සත්කාරකත්වය
2014 පැවති පා පන්දු ලෝක කුසලානය 2014 ජුනි 12 සිට ජූලි 13 දක්වා බ්‍රසීලයේදී පැවති අතර ඒ සඳහා කණ්ඩායම් 32 ක් සහභාගී විය.
එහිදී ජර්මනිය පා පන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ සිව්වන වරටත් පා පා පන්දු රන් කුසලානය තම රටට හිමි කර දෙමිනි.
ප්‍රබල තරගයක් දී ආර්ජන්ටිනාව අනු ශූරයින් වූ අතර නෙදර්ලන්තය තුන්වන තැන හිමි කරගත්තේය.
2014 පා පන්දු ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ සුපිරි පා පන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සම්මාන ලැබුවේය.
මේ අතර 2022 වසරේ පැවැත්වෙන මීළඟ පා පන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර 2026 වසරේ පා පන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය මොරොක්කෝව පරදා ඊයේ (13/06) දිනයේදී ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව දිනා ගත්තේය.

2018 පා පන්දු ලෝක කුසලානයේ SBS විකාශය
2018 පා පන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව තුළ නිල රූපවාහිනී විකාශකයා ලෙස කටයුතු කරනුයේ SBS රූපවාහිනිය වන අතර ඔබට අද දිනයේ සිට අවසාන මහා තරගය දක්වා SBS රූපවාහිනියෙන් මෙන්ම SBS සේවය ගෙන එන විවිධ රූප මාධ්‍යන්ගෙන් තරග නැරඹීමට හැකිය.
ඒ අනුව ඔබට 2018 පා පන්දු ලෝක කුසලානය පහත SBS මාධ්‍යයන් ඔස්සේ නැරඹීමට හා ශ්‍රවණය කිරීමට හැකිය.
SBS රූපවාහිනිය.

SBS 2018 FIFA World Cup මොබයිල් APP

www. theworldgame.sbs.com.au වෙබ් අඩවිය

SBS ගුවන් විදුලිය

SBS On Demand

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

